January 2, 2018

කෘතිම බුද්ධියෙන් පාලනය වන නගරයක්

කෘතිම බුද්ධියක් මගින් පාලනය වන නගරයක් ගැන ඔබ අසා තිබේද? ඒවා හුදු මනක්කල්පිත හෝ අනාගතයේදී ඇතිවේ යැයි අපේක්ෂා කරන්නක් නොව වර්තමානයේ පවතින ස්මාට් නගරයක් ලෙස චිනයේ Hangzhou නගරය හදුන්වාදී තිබේ. සියලු යටිතල පහසුකම් සම්බන්ධීකරණය සදහා මෘදුකාංග ක්‍රියාත්මක වන එහෙත් සත්‍යවශයෙන්ම ශාන්ත නගරයක් වූ මෙහි පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ කටයුතු පහසු කිරීම සදහා සියලු දත්ත සහ සාධක ක්‍රියාශීලිව භාවිතා කරනුයේ ආයතන හෝ පුද්ගලයන් නොව පරිගණක වැඩසටහන් මාලාවකි.

මිලියන 9 ක ජනතාවක් ජීවත්වෙන Hangzhou නගරයේ පරිපාලකයින් Alibaba සහ Foxconn සමාගම සමග එක්ව නව “City Brain’ ව්‍යාපෘතිය ඔවුන්ගේ නගරයේ ක්‍රියාත්මක කිරීම 2016 ඔක්තෝබර් මස ආරම්භ කර තිබේ. එදින සිට මේ දක්වා කෘතිම බුද්ධියක් විසින් දත්ත සියල්ල එකතු කරමින් ක්‍රමිකව තම බලය මෙම නගරය තුල ක්‍රියාත්මක කරයි. සෑම නිවැසියකුම හඳුනාගෙන ඇත. සියලු නිවැසියන්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ මිලදී ගැනීම්, ව්‍යාපාර, ගමනාගමනය වැනි බොහෝ කටයුතු වලට අදාළ දත්ත එම ප්‍රධාන කෘතිම බුද්ධියේ දත්ත ගබඩාවට නිරන්තරයෙන් ඇතුළු වේ. මෙම තොරතුරු උපයෝග කරගෙන කෘතිම බුද්ධිය පුරවැසියන්ගේ පහසුව සදහා  තත්කාලීන තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කරයි. එමගින් කිසිවෙකු ඉවත් නොකර කටයුතු සිදුවේ. ජලසම්පාදනයේ සිට නගරයේ විවිධ ප්‍රදේශ වල ජන සමුහ ප්‍රමාණ දක්වා වූ විස්තර ලබාගැනීමෙන් කෘතිම බුද්ධිය එහි පාලනයේ අඩිතාලම සකසාගෙන තිබේ.

ස්වකිය තොරතුරු පරිගණකයක් විසින් හසුකරගන්නා නගරයක විසීමට බොහෝ දෙනෙකු කැමති නොවන බව අපේක්ෂිත සත්‍ය වුවද Hangzhou නගරයේ ජන ජීවිතය සැහැල්ලු බව වාර්තා වේ. රථවාහන තදබදයක් නැති මෙන්ම ආරක්ෂාකාරී දිවිපෙවතක් පවත්වා ගත හැකි නගරයක් ලෙස එය ප්‍රසිද්ධ වී තිබේ. මෙම ආරම්භක “City Brain” ව්‍යාපෘතිය සාර්ථකවීම නිසා චීනයේ බොහෝ නගර නව ක්‍රමය සදහා යොමුවෙමින් පවතින බවත් ජාත්‍යන්තර වශයෙන්ද එය ප්‍රසිද්ධවී ඇති බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/ZnS8OPhYnCM?t=211

1 comments:

😀👍👍👍👍👍💖

Post a Comment