අප රටේ බෝග
පරාගනයේ ප්‍රමුඛතමයා වශයෙන් මී මැස්සාට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මෙහිදී ඒපීස්
(Apis Spp.) යටතේ ගැනෙන මී මැස්සන්ද ට්‍රයිගෝනා (Trigona
Spp.) යටතේ ගැනෙන විෂ රහිත මී බිඟුන්ද හඳුනා ගත හැකිය.
ඇකේෂියා ශාකයන්ගෙන් පැනි ලබාගන්නා මීමැස්සන් මිය යන බව ශ්‍රී ලංකාවේ බොහෝ
ප්‍රදේශ වලින් වාර්ථා වී ඇත. මෙය මෑත භාගයේ මීමැසි පාලන ගොවීන් අතර මහත්
ආන්දෝලනයකට ලක්වූ කරුණක් වී ඇත.
Acacia
auriculiformis හා Acacia mangium නම් ශාක විශේෂයන් අප රටට හඳුන්වා දුන් විදේශීය ශාක දෙකකි. මෙම ශාකයන් Fabaceae
කුලය යටතේ Mimosoideae උප කුලයට අයත්
වෙයි. ද්වි ලිංගික පුෂ්ප දරයි. මෙම ශාක වසර පුරා මල් හටගන්නා අතර මැයි සහ ජූනි
මාසයනහීදී වැඩිම මල් හටගැනීමක් සිදුවේ.
ප්‍රධාන වශයෙන් දැවමය වටිනාකමක් සහිත මෙම ශාක විශේෂයන්
වන වගාවන් ලෙසත් මාර්ග අලංකරනය හා සෙවන ශාක ලෙසත් වගාකර ඇති අතර ගෙවතු වැට මායිම්
හා කෘෂි වන වගාවන් ලෙසත් දැකිය හැකි වේ. තවද මෙම ශාක ගවයන් සඳහා ආහාර ලෙසත්
ඉදිකිරීම් දැව සඳහාත් රෙසින ලබාගැනීමටත් දැව භාණ්ඩ නිෂ්පාදනයේදී හා කඩදාසි
නිෂ්පාදනයේදීත් බීජ, ආහාරයක් ලෙසත් මෙම ශාක පාංශු සංරක්ෂකයක් හා නයිට්රජන්
තිරකිරීමටත් වැදගත් වේ.
ශ්‍රී ලංකාව තුල දැකිය හැකි මීබිඟුන් අතර ගෘහාශ්‍රිතව
ඇතිකරනුලබන මීමැසි විශේෂය වනුයේ Apis
cerana indica
යි. මේ හැරුණු කොට අප රට තුල Apis dorsata (බඹරා) හා Apis florae (දඬුවැල් මැස්සා) සුලබව දැකිය හැකි බිඟු
විශේෂ වේ. මෙම සියළු මී බිඟුන් Apideae
කුලයටත් Hymonoptera ගෝත්‍රයටත් අයත්
වේ. මොවුන් ආසියානු මීමැස්සන් ලෙස පොදුවේ හඳුන්වයි. මේ හැරුණුකොට මෙලිපොනිඩේ (meliponideae)
කුලයේ Melipona හා Trigona
නම් විෂ රහිත මීමැසි
ගණයන්ද සුළු වශයෙන් පැණි නිෂ්පාදනය කරයි. මෙ මීබිගුන් ඝනාවාස ලෙස දිවි ගෙවන අතර
නිවෙස්, තනි වද ලෙස හෝ වද කහිපයක් ලෙස
පවතී. Apis dorsata (බඹරා) හා Apis florae (දඬුවැල් මැස්සා) විශේෂයන්ගේ රළු චර්යා
රඨාවන් නිසා මීමැසි පාලනය සඳහා යොදා නොගනී.
ඇකේෂියා ශාකයන් මඟින් මීමැස්සන්ට හානිකර භාවයක් ඇතිවන
බවත් මේ හේතුවෙන් ඇකේෂියා ශාක සඳහා ගොවීන් තුල දැඩි විරෝධයක් හටගෙන ඇති බවත්
සමීක්ෂණ මගින් තහවුරු වී ඇත. මේ පිළිඹඳ ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික පර්යේෂකයන්
දෙපලක් වූ අමානී මාන්න්ක්කාර හා අලවත්තාගොඩ යන පර්යේෂකයින් ඇකේෂියා ශාක හා
මීමැස්සන් මියයෑම අතර සම්බන්ධය සොයා පර්යේෂණයක් දියත් කරන ලදී.
මේ සඳහා තෝරාගන්නා ලද
ස්ථාන කිහිපයක Acacia
auriculiformis හා Acacia mangium සහිත වන වගාවන්ද, මෙම ශාක බහුලව දැකිය
හැකි මීමැසි පාලනය සිදුකරන ගෙවතු කිහිපයක්ද තෝරා ගනිමින් මෙම පර්යේෂණය සිදුකරන
ලදී. මේ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොරගොල්ල හා කුඔල්පොල ප්‍රෙද්ශයන්ගේ හොඳින්
මල් පිපුන ශාක සහිත භූමියක්ද තිඹිරායාව ප්‍රාද්ශයේ ඇකේෂියා ශාක සහිත මී මැසි පාලනය
සිදු කරන ගෙවතු කිහියක්ද තෝරා ගන්නා ලදී.
මෙහිදී Acacia වගාවන් සහිත පෞද්ගලික වන වගා භූමියෙහි ඇති Acacia auriculiformis විශේෂයේ ශාක 06ක් තෝරා ඒ ආශ්‍රිතව එක් එක් ශාකයට ඇලෙන සුළු ද්‍රව්‍ය
සහිත කෘමි උගුල් 2- 3ක් බැගින් රඳවා සතියක කාලයකදී එම උගුල් තුල හසුව ඇති කෘමීන්
ගෝත්‍ර (Order) මට්ටමින් හදුනා ගන්නා ලදී. මෙම කාලසීමාව
තුලදීම මිය යන මී මැස්සන් පිළිබදව වාර්තා සටහන් තබා ගන්නා ලදී.
එසේම තෝරාගත් ගෙවතු ආශ්‍රිතව Acacia ශාක වෙත ඇදී එන මී මැස්සන් උදේ 6.00ත් සවස 6.00ත් අතර පරීක්ෂාවට ලක් කල අතර
එම කාල සීමාව තුල මිය ගිය මීමැස්සන් පිළිබද වාර්තා සටහන් තබා ගන්නා ලදී. මෙම අධ්‍යයන
කාලසීමාව තුලදී පර්යේෂණයට ලක් වූ ප්‍රදේශ අවට අනෙකුත් මල් පිපෙන ප්‍රමුඛ ශාකද
ලයිස්තු ගත කරගන්නා ලදී.
මෙම පර්යේෂණ ප්‍රථිපල වලදී නිරීක්ෂණය වූයේ යොදන ලද කෘමි
උගුල් සදහා පුළුල් පරාසයක විවිධත්වයක් සහිත කෘමීන් හසුව සිටීමයි. මේ අතර මල් පැණි
හා පරාග මත යැපෙන මී මැස්සන්ද, සමනලුන්ද, පරාග හා මල් ආහාර කොට ගන්නා කුරුමිණියන්ද
ප්‍රධාන විය. බත් කූරන් වැනි කෘමීන්ද උගුලට හසු වී සිටින ලදී. උගුලට හසුව සිටි
කෘමීන්ගෙන් 21% ක් හයිමොනොප්ටෙරා ගෝත්‍රයට අයත් වූවන්ය. 1% ක් Apis
cerana විශේෂයේ මී මැස්සන්ද, 3% ක් විෂ
රහිත මී මැස්සන්ද (Trigona Spp.) දක්නට ලැබිණි. මීට
අමතරව ගෙවතු ආශ්‍රිත අධ්‍යයයේදී Apis
cerana, Apis dorsata හා විෂ රහිත මී
මැසි විශේෂ කිහිපයක් දිවා කාලයේදී පැණි ලබා ගැනීමට අඛණ්ඩව ඇකේෂියා ශාක වෙත පැමිණ
ඇති බව දක්නට ලැබිණි. Apis florae (දඬුවැල්
මැස්සා) විශේෂයේ බිගුන් අධ්‍යයනට ලක් වූ කාල සීමාව තුලදී නිරීක්ෂණය වි නැත. මේ
හැරුණු විට එම ගෙවතු ආශ්‍රිතව අඹ, දිවුල්, සියඹලා, පොල්, පලු හා දොඹ වැනි ශාක ආශ්‍රිතවද
මී මැස්සන්ගේ හැසිරීම අධ්‍යයනයට ලක් විය.
මෙම අධ්‍යයන කාලසීමාව තුලදී වන වගාවන් ආශ්‍රිතව හෝ
නිවෙස් ආශ්‍රිත ගෙවතු පරිසරයන් හිදී කිසිදු මිය ගිය මී මැසි විශේෂයක් හඳුනා ගැනීමට
නොහැකි විය. එසේම මෙම නිරීක්ෂණයට ලක් වූ ප්‍රදේශයේ මී මැසි පාලන ගොවීන්ගෙන් ලත්
තොරතුරු වලට අනුව ඇකේෂියා ශාක ආශ්‍රිතව මී මැස්සන් මිය යෑමක් නිරීක්ෂණයට ලක් වී
නොමැත. මේ අනුව පර්යේෂණ ප්‍රථිඵලයෙන් තහවුරු වී ඇත්තේ මෙම ප්‍රදේශය තුල Acacia
auriculiformis හා Acacia mangium ශාක මගින් මී මැස්සන් වෙත කිසිඳු අහිතකර බලපෑමක්
එල්ල වී නොමැති බවයි.
එසේම විදේශ ගත පර්යේෂණ වාර්ථාවන්ට අනුව Acacia
auriculiformis x හා Acacia
mangium දෙමුහුන් ශාකයන්ගේ නිරන්තරව පරාගනය සදහා මී
මැස්සන් හවුල් වන බව සදහන්ව ඇත. උතුරු ඉන්දියාවේ
A.senagal ශාකයේ මල් වලට Apis
cerana හා Apis dorsata යන මී මැසි විශේෂයන්ගේ වැඩි
ආකර්ශනයක් ඇති බවද වාර්තා වී ඇත. එමෙන්ම ඇතැම් මෙක්සිකානු ඇකේෂියා ශාක සදහා A.mellifera, Trigona හා Scaptotrigona මී මැසි විශේෂයන්ගේ ආකර්ෂණයක්
ඇති බව පර්යේෂකයන් තව දුරටත් සදහන් කර ඇත. (Raine et al, 2002)
කෙසේ උවද පර්යේෂකයන් වැඩි දුරටත් පවසන්නේ මහා පරිමාණ
ඇකේෂියා වගා තුලින් මී මැස්සන්ගේ අවධානය ප්‍රමුඛ ලෙස මෙම ශාක වෙතම යොමු වීමෙන්
කෘමි ජෛව විවිධත්වයට මින් බලපෑමක් සිදු විය හැකිද යන්නයි.
Forest Research News Letter, Issue 7 (2007) ඇසුරිනි.
0 comments:
Post a Comment