January 24, 2018

ශ්‍රී ලංකාවෙන් හමුවන ආගන්තුක ආක්‍රමණිකයින්(ජලය ආශ්‍රිතව වැඩෙන)

  • සැල්වීනියා
  •  
    ව්‍යාප්තිය 
    1939 දී පර්යේෂණ සඳහා හඳුන්වා දී ඇති මෙම ශාකය, දෙවන ලෝක යුද්ධ සමයේදී සතුරන් මුලා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගංගා සහ වැව් වල බෝකළා සේ සැලකෙයි.වර්තමානයේදී පහතරට තෙත් හා වියළි කලාප දෙක තුලම, වඳකිරීමට ඉතා  අපහසු තත්වයට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. පසුකලෙක මෙය වඳකිරීමට  Cyrtobagous salviniae නම් කෘමියෙකුද හඳුන්වා දුන් බව වාර්තා වෙයි.
     

  • උද්භිද විද්‍යාත්මක නාමය
    Salvinia  molesta
    ඉංග්‍රීසි නම්                        
    Giant Salvinia
    වෙනත් නම්                     
    දියපාසි
    නිජබිම
    ගිණිකොණ දිග බ්‍රසීලය, උතුරු ආජන්ටිනාව

    ව්‍යාප්තිය 
    1939 දී පර්යේෂණ සඳහා හඳුන්වා දී ඇති මෙම ශාකය, දෙවන ලෝක යුද්ධ සමයේදී සතුරන් මුලා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගංගා සහ වැව් වල බෝකළා සේ සැලකෙයි.වර්තමානයේදී පහතරට තෙත් හා වියළි කලාප දෙක තුලම, වඳකිරීමට ඉතා  අපහසු තත්වයට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. පසුකලෙක මෙය වඳකිරීමට  Cyrtobagous salviniae නම් කෘමියෙකුද හඳුන්වා දුන් බව වාර්තා වෙයි.

    බලපෑම
    ·        ජලය බැසයන මාර්ග අවහිර වීම නිසා ජල ගැලීම් ඇතිවීමට හේතුවෙයි.
    ·    ජලයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු කරයි.
    ·   මේ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්ධනය වන නිසා එදිනෙදා භාවිතයට අවශ්‍ය වන ජලයේ තත්වයට හානි කරයි.
    ·    ජලාශ වසා පැතිරීම නිසා ජල විදුලි උත්පාදනයට බාධා ඇතිකරයි.
    •     
      ජපන් ජබර
       
    උද්භිද විද්‍යාත්මක නාමය
    Eichhornia  crassipes
    ඉංග්‍රීසි නම්                        
    Water Hyacinth
    නිජබිම
    දකුණු ඇමෙරිකාව,  ඇමේෂන් ගංගා ආශ්‍රිතව

    ව්‍යාප්තිය
    1905 වසරේදී විසිතුරු පැළෑටියක් ලෙස හොංකොං හි සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මෙය වැව්,පොකුණු,ගංගා,ඇල මාර්ග,වගුරු  සම්පූර්ණයෙන්ම වසා ගනිමින් ව්‍යාප්ත වන ජලජ පැලෑටියකි. ශ්‍රී ලංකාවට පමණක් නොව බොහෝ රටවලට මෙය ගැටලු කාරී ශාකයක් විය. ජලය මතුපිට පාවෙමින් වර්ධනය වන මෙය භෞතික රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රම මඟින් ව්‍යාප්තිය අඩාල කිරීමට පියවර ගෙන තිබේ.

    බලපෑම
    ·        ජලය බැසයන මාර්ග අවහිර වීම නිසා ජල ගැලීම් ඇතිවීමට හේතුවෙයි.
    ·    ජලයේ උෂ්ණත්වය,  අගය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු කරයි.
    ·  මේ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්ධනය වන නිසා එදිනෙදා භාවිතයට අවශ්‍ය වන ජලයේ තත්වයට හානි කරයි.
    ·    ජලාශ වසා පැතිරීම නිසා ජල විදුලි උත්පාදනයට බාධා ඇතිකරයි.

    •      වෙල් ආතා
    උද්භිද විද්‍යාත්මක නාමය
    Annona  glabra
    ඉංග්‍රීසි නම්                        
    Pond Apple, Corkwood, Bobwood, Monkey Apple
    වෙනත් නම්                     
    වල් අනෝදා
    නිජබිම
    මධ්‍යම ඇමෙරිකාව

    ව්‍යාප්තිය
    වැලි අනෝදා ශාකය බද්ධ කිරී‍මේදී ග්‍රාහකය ලෙස යොදාගැනීමට හඳුන්වා දී ඇති මෙය උෂ්ණ කලාපයට අයත් පළතුරක් ලෙසද සැලකේ. මීටර් 12 ක් පමණ උසට මෙම ශාකය වැඩෙන අතර මෙහි ඵලය ජෑම් හා බීම වර්ග නිෂ්පාදනයට යොදා ගනී.පළමුව කොළඹ අවට තෙත් බිම් වලත් පසුව පහතරට තෙත් කලාපය, වෙරළබඩ කලපු,වගුරු බිම් වලත් ව්‍යාප්තව ඇත.

    බලපෑම
    ·    වෙරළබඩ කලපු, වගුරු බිම්  ආක්‍රමණය කරමින් පැතිර යයි.
    ·    ඉවුරු වසා වැඩීම හේතුවෙන් වෙනත් ශාක, පඳුරු විශේෂ, තෘණ වර්ගවල බීජ  ප්‍රරෝහණයට සහ වර්ධනයට බාධා ඇතිකරයි.
    ·         මේ හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පමුණුවයි.

    •      වල් හබරල
    උද්භිද විද්‍යාත්මක නාමය
    Alocasia macrorrhizos
    ඉංග්‍රීසි නම්                        
    Water Hyacinth
    නිජබිම
    මැලේසියානු වැසි වනාන්තර

    විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වන මෙම ශාකය, 2012 නිවර්තන කලාපයට අයත් පැලෑටියක් ලෙස පිලිපීනයෙන් සොයා ගන්නා ලද්දකි.පැසිපික් කලාපයේ රටවල මෙය වගාවක් ලෙස සිදුකරයි. මෙහි සාරය ශරීරයේ ගෑවීමෙන් වේදනාකාරී තත්වයක් ගෙන දෙයි.
    •      දිය පර
    උද්භිද විද්‍යාත්මක නාමය
    Dillenia  suffruticosa
    ඉංග්‍රීසි නම්                        
    Shrubby  Dillenia
    වෙනත් නම්                     
    පර
    නිජබිම
    අග්නදිග ආසියාව

    ව්‍යාප්තිය
    1882  දී  මෙම ශාකය බෝර්නියෝහි සිට විසිතුරු ශාකයක් ලෙස පේරාදෙණිය රාජකීය උද්‍යානයට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපය ආශ්‍රිත වගුරු බිම්, වනාන්තර මායිම්, ලඳු කැලෑ සහ පාරවල් අද්දර වල ව්‍යාප්තව ඇති අතර කළුතර, ගාල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල බහුලව දක්නට ලැබේ.

    බලපෑම
    ·    පසෙහි ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට හේතුවන බව වාර්තා වෙයි.
    ·    ඒනිසා පාංශු පෝෂ්‍ය පදාර්ථවල සංචලතාවයට බලපෑම් ඇතිකරයි.
    ·     මේ හේතුවෙන් දේශීය ශාක වලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමේ හැකියාවට බලපෑම් ඇතිකරයි.
    ·    පො‍ළොව සෙවන කිරීම මඟින් දේශීය පැල ස්ථාපනය වීම අවහිර කරයි.

    •  කලපු අන්දර
    උද්භිද විද්‍යාත්මක නාමය
    Prosopis  juliflora
    ඉංග්‍රීසි නම්                        
    Prosopis, Mesquite, Algarroba bean
    වෙනත් නම්                     
    කටු අන්දර
    නිජබිම
    දකුණු ඇමෙරිකාව

    ව්‍යාප්තිය
    ලවණ පස වැඩිදියුණු කිරීමට හම්බන්තොට ප්‍රදේශයට හඳුන්වා දී ඇති මෙම ශාකය බූන්දල රම්සා තෙත් බිම් ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව විශාල ලෙස ව්‍යාප්තව ඇත.

    බලපෑම
    ·    දේශීය ශාක ප්‍රතිස්ථානය කරමින් එම වාසස්ථාන වේගයෙන් අත්පත් කර ගනී.
    ·    සතුන් සඳහා තෘණ බිම් සහ වාසස්ථාන අහිමි කරයි.
    ·        කටු සහිත පඳුරු විලාසය නිසා සතුන් ගමන් ගන්නා මාර්ග අවහිර කරයි.
    ·    මෙහි හටගන්නා තියුණු ශක්තිමත් කරල් ආහාරයට ගැනීමෙන් සතුන් රෝගාතුරවීම, මියයාම සිදුවිය හැක.
    ·    ජලජ පක්ෂීන්ගේ පෝෂක ප්‍රදේශ සීමාවීම.
    •      ඇලිගේටර්
    උද්භිද විද්‍යාත්මක නාමය
    Alternanthera  philoxeroides
    නිජබිම
    ආජන්ටිනාව

    ව්‍යාප්තිය
    මෙම  වල් පැලෑටිය ජලයේ හටගන්නා අතර ඕස්ට්‍රේලියාව,චීනය නවසීලන්තය හා තායිලන්තය වැනි රටවලට ව්‍යාප්ත විය. නැව් මඟින් ලෝකය පුරා ව්‍යාප්ත වූවා යැයි විශ්වාස කරයි.

    බලපෑම
    ·    දේශීය ශාක ප්‍රතිස්ථානය කරමින් එම වාසස්ථාන වේගයෙන් අත්පත් කර ගනී.
    ·    ජෛව විවිධත්වය අඩුකිරීමේ හැකියාව ඇත.

    උපුටා ගැනීම :- 
    පොත පත ඇසුරිනි.

    සැකසුම : -                                                                                                                                                 ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී

    0 comments:

    Post a Comment