January 21, 2018

ස්ථූලතාවය හා පිළිකා

ස්ථූලතාවය හා පිළිකා
ස්ථූලතාවය හා පිළිකා(Obesity and Cancer)
ශරීරයේ අතිරේකව මේදය තැන්පත් වී තිබීම ස්ථූලතාවය ලෙස සරළව හැඳින්විය හැකිය. මෙය නිර්ණය කිරීම සඳහා එක් පරිමාණයක් ලෙස BMI (Body Mass Iadex) යොදා ගනු ලැබේ. එහිදී ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් (Kg) ද ශරීරයේ උස මීටර් (m) වලින් ද ගනු ලබන අතර ශරීරයේ බර, උසෙහි වර්ග සංඛ්‍යාවෙන් බෙදා BMI අගය සොයා ගනු ලැබේ.
BMI අගය 18.5 ට අඩු අගයක් ඇති විට අඩු බර (under weight) ලෙස සලකන අතර එය 18.5 ත් 24.9 ත් අතර පැවතීම සාමාන්‍ය (Normal) බර ලෙස සලකනු ලබයි. 25.0 ත් 29.9 ත් අතර ශරීරයේ බර පැවතීම වැඩි බර (Over weight) ලෙස සලකයි. අවධානම වැඩි වන්නේ ස්ථූලතාවය ඇති විටය. එහිදී 30.0 ත් 39.9 ත් අතර BMI අගය පැවතීම ස්ථූලතාවය ලෙස සලකයි. BMI අගය 40.0 හෝ ඊට වැඩි විට අධික ස්ථූලතාවය වේ.

ස්ථුලතාවය පිළිකා ආකාර දහතුනක් සඳහා බලපාන බව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. පියයුරු පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකා හා බඩවැල් ආශ්‍රිත පිළිකා ඒ සඳහා උදාහරණ කිහිපයකි. මේ ආශ්‍රිත පිළිකා සෑදුනු පුද්ගලයින්ගෙන් 25% කටම පිළිකා සෑදීමට ප්‍රධානතම සාධකය වී ඇත්තේ තරබාරුකමය. දුම් පානය හැරුනු කොට පිළිකා සඳහා හේතු වන ප්‍රධානතම සාධකයක් ලෙස ස්ථූලතාවය සඳහන් කල හැකිය. 
ශරීරයේ ඇති අධික මේදය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (immune System) ක්‍රියාකාරිත්වයට බලපෑම් කරනු ලබයි. එය දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් ශරීරයේ DNA හානි වීම සිදු විය හැකි අතර එමගින් පිළිකා සෑදීමේ අවධානම වැඩි වේ. මෙම නිසා පිත්තාශයේ, අක්මාවේ හා ආහාර මාර්ගයේ පිළිකා තත්ව ඇති වීමට හේතු විය හැකිය.
එමෙන්ම තරබාරු පුද්ගලයින්ගේ නිරන්තරයෙන්ම රුධිරයේ ඉන්සියුලීන් හා ZGF-1 සාධකවල මට්ටම් වැඩි විය හැකිය. මෙමගින් ඉන්සියුලීන් වැනි හෝමෝන හා වැනි IGF සාධක වැඩි වීම බඩවැල්, වකුගඩු, පුරස්ථි ග්‍රන්ථි, ගර්භාෂය ආශ්‍රිත පිළිකා ඇතිවීමට අතවැනීමක් වැනිය.
මෙමගින් සෛලවල adipokines හෝමෝන නිෂ්පාදනය කරන අතර ඒවා සෛල වර්ධනය වැලැක්වීම උත්තේජනය කරනු ලබයි. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද බලපාන අතර පිළිකා සෑදීමේ ප්‍රවනතාවය වැඩි කරයි.
තරබාරුකම අඩු කිරීම තුළින් පිළිකා අවධානම අඩු වන අතරම දියවැඩියාව හා හෘදයාබාධ සෑදීමේ අවධානම ද අඩුවනු ඇත. මේදය, පිෂ්ඨය  හා සීනි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හා මනා ශරීර ක්‍රියාකාරිත්වයක් තුළින් තරබාරුකම පාලනය කර හැක. එමගින් නිරෝගී දිවියක උරුමය ළඟා කර ගත හැකිවේ.

0 comments:

Post a Comment