March 6, 2017

ප්‍රතිශක්ති සමුහයේ ක්‍රියාකාරිත්වය

යම්කිසි ජන සමුහයක් බෝවෙන රෝගවලින් වැළකීම සදහා ප්‍රමාණවත් මිනිසුන් පිරිසක් එන්නත් කර ඇතිවිට ඔවුන් විසින් එන්නත් නොකරන ලද පිරිස ආරක්ෂා කරන ආකාරය හෝ ආරක්ෂා කිරීමට ඔවුන්ගේ බලපෑම “Herd Immunity” උපයෝගී කර ගොඩනැගු GIF විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

Herd Immunity” බලපෑම නිසා රෝගය මුලිනුපුටා දැමීම මෙන්ම විවිධ වෛද්‍ය හේතු නිසා එන්නත් කිරීමට නොහැකි වූ අය ආරක්ෂා කිරීමද සිදුවේ. ප්‍රතිශක්තිය යටපත් කරන දරුවන්ට  හා විවධ රසායණික චිකිත්සාවන්ට යටත් වූ පිරිසට මෙලෙස වෛද්‍ය හේතුන් නිසා ප්‍රතිශක්තිය ලබා ගත හැකි නොවේ. මෙවැනි හේතුන් නොමැති වුවද එන්නත් ලබා නොගන්නා පිරිස්ද සිටිති. කෙසේවෙතත් අන් අය කරගන්නා එන්නත් මත යැපීම සුදුසු නොවන අතර එන්නත් කිරීමේ ප්‍රතිශතය හැකිතාක් වර්ධනය කිරීම නිරෝගිමත් ජන සමාජයකට අවශ්‍ය සාධකයකි.

විවධ ප්‍රතිශතයන්ගෙන් එන්නත් වූ ජන සමාජයන් තුල බෝවෙන රෝග පැතිරයාමේ ප්‍රවනතාව එන්නත්වූ ප්‍රතිශතය මත රදා පවතින ආකාරය Reddir Theotheredmand විසින් නිර්මාණය කළ Graphical Interchange Format (GIF/ ප්‍රස්තාරික ස්වරුපයකින් අන්තර්හුවමාරුව දැක්වීම ) මගින් හොදින් පැහැදිලි කෙරේ. Epidemiology Reviews සගරාවේ පළ කරන ලද පර්යේෂණ අධ්‍යනයක දත්ත මෙහිදී අනුකරණය කර තිබේ.

සජිවිකරණය කරන ලද රුපයෙන් අඩු ප්‍රතිශතයක් එන්නත් කළ ජන සමුහයක රෝගය පැතිරයාමේ වේගය ඉතා වැඩි බවත් එය දම්වැල් ආකාරයෙන් වේගයෙන් සිදුවන බවත් පැහැදිලි වේ. එලෙසම වැඩි ප්‍රමාණයක් එන්නත් කළ ජන සමුහයක් තුළ යම් හෙයකින් රෝගය මතු වුවද එය සැලකියයුතු ලෙස පැතිර නොයන බවද පැහැදිලි වේ.

ප්‍රමාණවත් පිරිසක් එන්නත් කර ඇතිවිට රෝගය ඵලදායි ලෙස සිමාවන ආකාරය මෙමගින් තවදුරටත්  විස්තර කළ හැකිය. මෙවැනි අවස්ථාවක රෝගය වැඩිදෙනා අතර පැතිර යාමට නොහැකි වනුයේ රෝගය මුණගැසෙන බොහෝ දෙනා එන්නත් කරගෙන ආරක්ෂා වී සිටීමයි. වෛද්‍යම හේතුවක් නොමැතිව එන්නත් නොකරන බහුතරයකට රෝගය නොවැලදීමට රෝගය පැතිර නොයන එවැනි සමාජීය වාසි හේතු වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment