March 31, 2017

දුම්පානයෙන් තොර රටක්


සිගරට් දුම් වල ශරීරයට හානි කරන නොයෙකුත් රසායනික සංයෝග විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේවායින් ප්‍රධාන තැනක් ගන්නා නිකොටින් සහ කාබන් මොනොක්සයිඩ් යන රසායනික සංයෝග පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි. 
    
නිකොටින් ප්‍රධාන වශයෙන් උත්තේජකයක් ලෙස ක්‍රියා කරනු ලබයි. එමනිසා දුම් පානයට ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමට ඉතාමත් අපහසු වේ. එමෙන්ම මෙම නිකොටින් රුධිර නාලවල තැම්පත් වීම නිසා රුධිර නාල පටුවීම සිදුවේ. එමනිසා නහර වල රුධිර ගමනාගමනයට බාධා පැමිණේ. මේ හේතුවෙන් හෘද රෝග(Heart Attack) ඇති වේ. එමෙන්ම හෘදය හෝ මොලය ආශ්‍රිත රුධිර නාල පුපුරා යෑමෙන් මරණයද සිදුවේ. මෙම නිකොටින් පෙනහළුවල නාලවල සහ ගර්තවල තැම්පත් වීමෙන් ඒවාට හානි සිදුවේ. එමනිසා කැස්ස, බ්‍රොන්කයිටිස් වැනි රෝග ඇතිවේ.

          කාබන් මොනොක්සයිට් වායුව ඉතාමත් විෂ වායුවකි. මෙම වායුව හිමොග්ලොබින් සමග සම්බන්ධවීමෙන් රුධිරයේ ඔක්සිජන් පරිවහනයට බාධා සිදු කරයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබීම නිසා සියළුම අවයවවලට හානි සිදුවේ. ඇත්ත වශයෙන්ම කාබන් මොනොක්සයිඩ් කෙතරම් විසද යත් එම වායුව අධික ලෙස ආශ්වාස කිරීමෙන් මරණයද සිදුවේ.

          මෙම නිකොටින් සහ කාබන් මොනොක්සිඩ් ගර්භාෂයේ ඇති කලලයට හානි කරයි. එමනිසා විකෘති සහගත ළමුන් බිහිවීම සිදුවේ.

          මෙලෙස සිගරට් දුම් ශරීරගත වීම නිසා එම්පිසීමීයා, හෘද රෝග, පිළිකා සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග බහුලවඇතිවීම සිදුවේ. එමනිසා දුම් පානයෙන් තොර නිරෝගී සමාජයක් ගොඩනැගීම අප සැමදෙනාගේ වගකීමකි.

W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

නිකවැරටිය

0 comments:

Post a Comment