March 17, 2017

ලෝහමය හයිඩ්‍රජන් නිර්මාණය කිරීම

හයිඩ්‍රජන් වායුව ඝන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කළ හැකි බව න්‍යායාත්මකව හඳුනා ගෙන ශතවර්ෂයකට ආසන්න කාලයකට පසුව ලෝහමය හයිඩ්‍රජන් නිර්මාණය කිරීමට හාවඩ් (Harvard) විශ්ව විද්‍යාලයේ විද්‍යායින් සමත් වී තිබේ.

ලෝහමය හයිඩ්‍රජන් පරමාණුව (atomic metallic Hydrogen) නම් මෙම බොහෝ කාලයක සිට නිර්මාණය කිරීමට අවශ්‍යව තිබු ඝන ද්‍රව්‍යය Harvard විශ්ව විද්‍යාලයේ වි ස්වභාවික විද්‍යාංශයේ මහාචාර්ය Thomas D. Cabo, Issac Silvera හා ශ්‍රී ලාංකිකයකු වන ආචාර්යය උපාධි අපේක්ෂක රංග ඩයස් විසින් නිර්මාණය කර තිබේ.

අධි පීඩන භෞතික විද්‍යාවේ පූජනීය බඳුන බදු මෙම ලෝහමය හයිඩ්‍රජන් නියදිය පෘථිවිය මත පහළ වු එකම අවස්ථාව මෙය බව Silvera ප්‍රකාශ කළේය. මෙම පරීක්ෂණයේදී Silvera හා රංග විසින් හයිඩ්‍රජන් නියදිය ගෙගා පැස්කල් 495 ක පීඩනයකට හෙවත් වර්ග අඟලකට රාත්තල් මිලියන 71.7 ක බරක් එනම් පෘථිවි මධ්‍යයේ පීඩනයකට පාත්‍ර කරන ලදී. එවැනි ඉතා අධික පීඩනය තුලදී ඝන සම්බන්ධතා ජාලයේ පිහිටි අණු වලින් සමන්විත හයිඩ්‍රජන් ඝන අණු බිඳි ගිය බවත් තදින් බැඳී තිබු  අණු විසිරි ගොස් හයිඩ්‍රජන් පරමාණුව බවට පරිවර්තනය වු බවත් Silvera තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අධි පීඩනයට යෙදු විට ග්‍රැපයිට්, දියමන්ති බවට පරිවර්තනය වන නමුත් පීඩනය ඉවත් කළ විටද දියමන්ති නොවෙනස්ව පශ්චාත් ස්ථාවර පවතින ආකාරයටම හයිඩ්‍රජන් වායුවෙන් නිර්මාණය කළ හයිඩ්‍රජන් ඝන ද්‍රව්‍යය පීඩනය ඉවත් කළ විට එලෙසම පශ්චාත් ස්ථාවරව පවතින බවට වු අනාවැකිය මෙහිදී ඉතා වැදගත් බව ඔවුහු දන්වා සිටිති.

දැනට ඇති සුපිරි සන්නායක වල 15%  ක පමණ ශක්ති හානියක් සිදුවන නමුත් හයිඩ්‍රජන් ඝන මූලද්‍රව්‍ය අති සුපිරි සන්නායකයක් නිසා එම ශක්ති හානිය අවම වීම මඟින් අධිවේග චුම්බක දුම්රිය, විදුලි මෝටර්රථ ඇතුළු සියළු විදුලි උපකරණයක්ම පාහේ වඩා කාර්යක්ෂම වනු ඇත. බලශක්තිය ගබඩා කිරීමේ දියුණුවක් මෙන්ම රොකට් හා ගුවන්යානා සඳහා සැහැල්ලු, බලගතු දහයකයක් නිර්මාණය වීමෙන් අභ්‍යාවකාශ තරණයද වඩා වේගවත් වීම මෙම සොයා ගැනීම මඟින් අපේක්ෂා කෙරේ.
 
පසුගිය මාසයේ හාවඩ් විද්‍යාඥයින් විසින් සොයා ගත් ලොව ප්‍රථම හයිඩ්‍රජන් ඝන මූලද්‍රව්‍ය අධි පීඩනතාව යටතේ පර්යේෂණාගාරයේ තැන්පත් කර තිබී ඇති නමුත් මේ වන විට එය අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම හයිඩ්‍රජන් ඝන මූලද්‍රව්‍ය විද්‍යාගාරය තුළම වෙනත් තැනක පිහිටීම හෝ එය නැවත ස්වභාවික හයිඩ්‍රජන් වායුව බවට පත් වීම සිදු වූවා දැයි කිව නොහැකි බව පර්යේකයෝ ප්‍රකාශ කරති. කෙසේ වෙතත් ඔවුන් නැවතත් පර්යේෂණය ක්‍රියාත්මක කර හයිඩ්‍රජන් ඝන මූලද්‍රව්‍ය අළුතින් නිර්මාණය කිරීමට යොමු වනු ඇතැයිද වාර්තා වේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන්

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment