March 22, 2017

තාරුණ්‍යයත් සමග විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය

විවිධ ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාත්මක තොරතුරු හුවමාරු කරවීම සදහා තාරුණ්‍යයත්  සමග සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත්ය. අදහස් හුවමාරු කර ගැනීමට, නව අදහස් හා ව්‍යවහාරයන් සමග යාවත්කාලීන වීම සදහා උගැන්වීමට,අප ඔවුන් සමග සාර්ථක ලෙස සන්නිවේදනය  කළ යුතු වේ. විශාල ග්‍රාහක පිරිසක් සමග සන්නිවේදනය උදෙසා ඇති මෙවලම මාධ්‍යය වෙයි. වර්ථමානයේ සම්ප්‍රදායික මාධ්‍ය තුලට ඇතුළන් වනුයේ පුවත්පත්,සරා, ගුවන් විදූලිය හා රූපවාහිනීය පමණක් නොවේ. අන්තර් ජාලය සහ ජංගම දූරකථන ද එයට අන්තර්ගතය.
      වර්තමාන ලෝකය විවිධ වැඩසටහන් ගණනාවක්ම තරුණ අය සමග සන්නිවේදනය උදෙසා අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතා කරයි. මෙම වැඩසටහන් අතර විද‍්‍යාව සෞඛ්‍යය සහ කෘෂිකර්මය ද වෙයි.
          මෑත කාලයේදී විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර අන්තර් ජාලය හා ජංගම දුරකතන භාවිතය ඉහල මට්ටමකට පැමිණ ඇත. ඒ හේතුවෙන් තොරතුරු හුවමාරුවට මෙන්ම ව්‍යාප්තියට අවස්ථා උදා වී ඇත.ඒසේ වූවද මෙම තාක්ෂණ සමහර අවස්ථා වලදී වැදගත් සහ වලංගු ප්‍රශ්ණද මතු කරයි. ඒ අතර,
·                     විද්‍යාත්මක දැනුම ප්‍රචාරණයට හෝ සෞඛ්‍යමය ප්‍රස්තූතයන්ට මැදිහත්වීම හෝ ඉහල නැන්වීම ට අන්තර්ජාලය හෝ  ජංගමදුරකථන සාර්ථකව භාවිත කළ හැක්කේ කෙසේද ?
·                     මෙම තාක්ෂණයන් භාවිතයෙන් කෙරෙන මැදිහත් වීම් සාර්ථක වන බව සනාථ කරන සාක්ෂි හා සාධක තිබේ ද?
·                     මෙම තාක්ෂණ භාවිතයේ පවත්නා වාසි සහ අභියෝග කවරේද?
ඉහත ප්‍රශ්ණ වලට පිලිතුරු සෙවීමේදී පැහැදිලි පිලිතුරු මෙතෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
අන්තර්ජාලය හෝ  ජංගමදුරකථන  තොරතුරු සන්නිවේදන මෙවලම් ලෙස මහත් බලාපොරොත්තු තබා ඇති අතර මෙතෙක් කරන ලද ඇගයීමි වලින් හෙලි කර ඇති ප්‍රතිඵල නිශ්චිත නිගමන ලබා නොදෙන අතර සමහර අවස්ථාවලදී මිශ්‍ර ප්‍රතිඵල ලබා දී තිබේ.
විශ්ව විසිරි වියමන (world wide web )ලෙස හදුන්වන අන්තර්ජාලය ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර සංවර්ධනය වන රටවල අන්තර්ජාලයට සමීප වීමේ හැකියාව  භෞතික ලෙස, මූල්‍ය ස්ථාවරත්වය, සමාජ ආර්ථික සාධක ,අධ්‍යාපනය ,වයස,සංස්කෘතිය ,භූ ගෝලීය පිහිටීම මෙන්ම භාෂා ප්‍රවීනත්වය යන සාධක මත රා පවතියි.
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල භාවිතය  ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතියි.වර්ථමානයේ තරුණ තරුණියන් පමණක් නොව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර් ජාලය භාවිතය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ අධ්‍යාපන කටයුතු සදහා පමණක්ම නොවන බව කිව යුතුමය.
වෙබි අඩවි ,විද්‍යාව හා සමිබන්ධ සේවා සැපයිමට හා ප්‍රවර්ධනය කිරීමට භාවිතා කළ හැකිය.උදාහරණයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන නවතම සේවා පිලිබ තොරතුරු තරුණ ගොවීන් හට ලබා දීමට එමගින් පුවන.කෘෂිකර්ම සේවා මධ්‍යස්ථාන හෝ අදාල මිල ගණන් සමග නිෂ්පාදන මිලදි ගන්නා මධ්‍යස්ථාන හෝ දැන්වීමටද වෙබ් අඩවි යොදා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ ජනගහනය තුළ තමන්ගේම පෞද්ගලික පරිගණක සතු වු අය සිටිනුයේ ඉතා සු සංඛ්‍යාවකි.එහෙයින් ප්‍රජා පරිගණක මධ්‍යස්ථාන පහසුකම් ඇති කිරීම තව තවත්   වර්ධනය කළ යුතුය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය නොසිතු විරූ ලෙස ඉහල ගොස් ඇත.ඒවා බහුලව භාවිතා වන තවත් කේෂ්ත්‍රයක් වනුයේ  එස්. එම්. එස් ලෙස ජනප්‍රියව ඇති කෙටි පණිවිඩ ලබාදීමේ හා ලබා ගැනීමේ සේවයයි.
දුරකථන භාවිතය මගින් විද්‍යාව, සෞඛ්‍යය සහ කෘෂිකර්මය ආදී විෂයන්ටද අදාළ ප්‍රස්තුත සහා වන සන්නිවේදන මැදිහත්වීම් හි නිරත වීම ලෝකය පුරා බොහෝ රටවල දැන් ඉහළ යමින් පවතියි.උදාහරණයක් ලෙස උගන්ඩාවෙහි රාජ්‍ය නොවන සංවිධානයක් ,එරට විදුලි සංදේශ සමාගමක් සමග එක්ව තරුණ අය අතර  එච්.අයි.වී.ඒඩ්ස් පිළිබව පවත්නා දැනුවත්භාවය නංවාලීමේ පණිවිඩ ව්‍යාප්ත කිරීමේ ව්‍යායාමයක සාර්ථක ලෙස නිරත වීම දැක්විය හැකිය.
ජීවත් වීම පිළිබ ඉගෙනීම ලෙස හැදින්වෙන නයිජිරියාවෙහි ක්‍රියාත්මක ව්‍යාපෘතියෙහි එහි ප්‍රතිලාභින්හට තමන් මුහුණ දෙන ගැට පිළිබව සිය පුහුණුකරුවන් සහ අදාළ වෙනත් වෘත්තීය සම්පත් දායකයන්ගෙන් කෙටි පණිවිඩ ඔස්සේ විසදුම් ලබා දී ඇත.
පණිවිඩ අලෙවි කිරීම සදහා සහ සේවා ලබා දීම සහා ද ජංගම දුරකතන භාවිතා කෙරේ.එහිදී යම්  සාර්ථකත්වයක් අත් කර ගැනීමට සමත්ව ඇත.එහෙයින් වර්තමානයේ ශ්‍රී ලංකාවේද විදාතා මධ්‍යස්ථාන , සෞඛ්‍යය ආයතන සහ කෘෂි සේවා ව්‍යාප්ති මධ්‍යස්ථාන යනාදියට සිය අදාළ පාරිබෝගිකයන් අතරට තම සේවා ගෙන යාමට ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව ලබා ගත හැකය.
විද්‍යාත්මක දැනුම ව්‍යාප්තියේදී අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයේ ඇති  ප්‍රයෝජනවත් බව පිළිබව නිගමනයකට එළීමට තරම් තවමත් කාලය පැමිණ නැත.

ඒසේ වුවද, මෙම තාක්ෂණයේ සංවර්ධනය, සන්නිවේනය නව මාවතකට යොමු කිරීමට සැදී පැහැදි සිටින බව කිව යුතුය.     
සකස්කළේ : ඩබ්ලිව්.ඒ.මල්කාන්ති,විද්‍යා හා තාක්ෂණ නිලධාරි, මල්ලවපිටිය.

0 comments:

Post a Comment