March 16, 2017

සෑම ජීවි විශේෂයකටම අදාළ ජානමය ද්‍රව්‍ය පිළිබද නාමාවලියක් සැකසීම.

මෙම ග්‍රහලෝකය තුළ සිටින සෑම ජීව විශේෂයකට අදාළ ජාන විශේෂත්වය සදහන් අනුපිළිවෙලක් හෙවත් නාමලේඛනයක් සැකසීමට අවශ්‍ය සැලැසුම් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කිරීම අගය කළ යුතුය. සතුන්, ශාක, දිලිර, ඇමිබා යනාදිය ලෙස වර්ග කළ පෘථිවියේ සියලු ජීවින් මෙම පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතියට අදාළ වේ.

පසුගිය මස පැවති BioGenomics (ජෛවස්ථ) 2017 සම්මන්ත්‍රණයේදී ඉදිරිපත්වූ කරුණු අනුව දැනට හදුනාගත් ජීවින් විශේෂ මිලියන 1.2 ට අමතරව තවත් මිලියන 7.5 ක ඇස්තමේන්තුගත ජීවින් විශේෂයන් හදුනාගත යුතුව ඇති නිසා මෙම  පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතිය සාක්‍ෂාත්කර ගැනීම අපහසු කාර්යයක් බව පෙනී යයි. එහෙත් පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතිය බොහෝ ක්ෂේත්‍රවල පැසසුමට භාජනය වී තිබේ. සංරක්ෂණය සිට ජාන විශේෂඥයන් දක්වා වූ පරාසයේ සුවිශේෂ අපේක්ෂාවක් වන සියලු සත්වයන්ට අදාළ DNA නාමාවලියක් සැකසීම අපහසු ඉලක්කයකි.

මේ හා සමාන තත්වයේ අවසාන ව්‍යාපෘතිය වූ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම ජානමය විකේතනය කිරීමට අවුරුදු 15 ක කාලයක් ගතවන බව සහ ඒ සදහා අවශ්‍ය මුදල් හා සම්පත් සොයා ගැනීමට නොහැකි වන බවද මුලින් සලකන ලද නමුත් 1990 වර්ෂයේ එය ආරම්භ කර වසර 13 කින් සාර්ථක ලෙස නිමා කර තිබේ. එමගින් අණුක වෛද්‍ය විද්‍යාවේ සිට මිනිස් පරිණාමනය දක්වා වූ නවතම විද්‍යාත්මක දෘෂ්ඨියක් ඇතිවී තිබේ. ඔබගේ පුද්ගලික දත්ත ස්වල්පයක් ලබාදීම මගින් ඔබට අදාළ ජාන ව්‍යාප්තිය අන්තර්ජාලයේ මෘදුකාංගයක් හරහා දැනගැනීමට අද හැකියාව තිබේ.

මුලින් eukaryotic (යුකරයෝටික්) පවුල් වර්ග 9000 කට ඇතුලත් සෑම එක් පවුලක එක් ජීවි විශේෂයක් සදහා වූ ජාන නාම ලේඛනයක් සැකසීමටත් පසුව එය පරම්පරා 200,000 ක් දක්වා  සහ තවදුරටත් ජීව විශේෂ මිලියන 1.2 දක්වාත් වර්ධනය කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති. උදාහරණයක් ලෙස කුරුළු (පක්ෂි) වර්ග 10,000 ක පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතිය සැලකු විට සෑම ජීවි පක්ෂි විශේෂයකම ජාන නාමාවලියක් සැකසීම දැක්විය හැකිය.

මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම ජානමය විකේතනය හෙවත් මනුෂ්‍ය ජෛවස්ථ ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 4 ක වියදමක් එදා සිදුවුවද තාක්ෂණයේ දියුණුව නිසා අද ඒ සදහා වැයවන මුදල අතිශයින්ම අඩුය. එමනිසා  පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතිය සදහා ගත විය හැකි කාලය හා වැයවිය හැකි මුදල සැලසුම්වලට වඩා බොහෝ සේ අඩුවනු ඇතැයිද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි. 

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment