March 31, 2017

ලොව විශාලතම කෘතීම හිරු

ජර්මානු විද්‍යාඥයෝ ප්‍රථම වතාවට ලොව විශාලතම කෘතීම හිරු ක්‍රියාත්මක කළෝය. කෘතීම හිරුගේ sunlight (සුර්යාලෝකය) නොව synlight මගින් නිපදවූ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක් හෙවත් 54000F ක් වූ අතර එමගින් අනාගතයේදී හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම වේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

ජර්මානු වායුගෝල මධ්‍යස්ථානය (German Aerospace Center) විසින් ක්‍රියාත්මක කරන ලද කෘතීම හිරු සදහා xenon විදුලි බුබුළු 149 ක් භාවිතා කර ඇත. ජර්මනියේ Julich හි පිහිටුවන ලද කෘතීම හිරුගේ විදුලි බුබුළු එක් තනි ලක්ෂයකට යොමු කරන ලද්දේ ජලය හුමාලය බවට පත්කර හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීමටය.

මෙම විශාල යන්ත්‍රය අඩි 45 ක (මි.14) උසකින් යුක්ත වන අතර හරස්කඩය අඩි 52(මි.16) කි. එමගින් අගල් 8 x අගල් 8 ප්‍රමාණයේ තනි ස්ථානයකට 30000C ක උෂ්ණත්වය යොමු කර තිබේ. මුළු දිනය තුලම හෝ පැය ගණනාවක් වුව මෙම පර්යේෂණාත්මක ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැකි වුවද විනාඩි 15 -20 ක කාලයකට පමණක් ක්‍රියාත්මක වූ කෘතීම හිරු හයිඩ්‍රජන් ස්වල්ප ප්‍රමාණයක්ද නිෂ්පාදනය කර තිබේ. මේ සදහා පසුගිය මාස කිහිපය තුලම ඔවුන් පර්යේෂණ ක්‍රියාත්මක කළ බව ව්‍යාපෘතියේ පර්යේෂක ඉංජිනේරු Dimitrij Laaber ප්‍රකාශ කළේය.

කාබන් දහනයක් නොමැති ඉන්ධන ප්‍රභවයක් වූ හයිඩ්‍රජන් අතිශය ප්‍රයෝජනවත් මුලද්‍රව්‍යයක් වේ. එහෙත් පෘථිවිය මත ස්වභාවිකව හයිඩ්‍රජන් පමණක් හයිඩ්‍රජන් ස්වරුපයෙන් නොපවතියි. හයිඩ්‍රජන් වෙනත් සංයෝගවල සංඝටක ලෙස පවතින නමුත් එම සංයෝග වලින් හයිඩ්‍රජන් වෙන් කර ගැනීම සදහා මෙවැනි අසීරු සහ අධික වියදම් සහිත යන්ත්‍රෝපකරණ හෝ ක්‍රමශිල්ප භාවිතා කළ යතු වේ.

කෙසේවෙතත් මෙම පර්යේෂණවල අරමුණ නම් හයිඩ්‍රජන් නිපදවීම සදහා විවිධ ක්‍රමවේද සකස් කර පසුව ප්‍රතිචලිත තුළින් දියුණු කර අවසානයේදී ඵලදායි ලෙස හයිඩ්‍රජන් නිපදවීම වේ. මෙම පර්යේෂණයේ ඊළග ප්‍රතිචලිත පියවර ලෙස නියොන් විදුලි බුබුළු සදහා විදුලි බලය ලබා ගැනීමට සුර්ය පැනල  යොදා ගැනීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=TPusDlTBjFs

0 comments:

Post a Comment