April 28, 2017

ලයිම් රෝගය

ලයිම් නැමැති රෝගයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැනට වසර 40 ක් පමණ තිස්සේ පවතී. මෙය කිනිතුලි විශේෂයක් මගින් බෝවේ. මෙය ව්‍යාප්ත වන්නේ වන සතුන්ගෙන් මනුෂ්‍යයන්ටයි. කිනිතුල්ලන් මාර්ගයෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවෙයි. මෙය ව්‍යාප්ත වීම පසුගිය වසර 20 තුළ 3 න් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. දැනට සොයාගෙන ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෙසෙන කටුසු විශේෂයක් මගින් මෙම කිනිතුල්ලන්ගේ සිරුරු තුළ පවතින රෝග බීජ විනාශකර දමයි. මෙම කටුසු විශේෂයෙහි රුධිර ධාරාවෙහි ඇති ප්‍රෝටීන් විශේෂයක් මගින් ලයිම් රෝගය ඇතිකරන බැක්ටීරියාව විනාශකර දමනු ලබයි.
තවමත් මෙම ලයිම් රෝගය සහ එහි ව්‍යාප්තිය පිළිබදව විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවක් වී ඇත. මෙම රෝග ව්‍යාප්ත කරන්නේ IXODES  නම් කිනිතුලු විශේෂය මගිනි. මෙම රෝගය ඇති කරන රෝග ව්‍යාප්තිකාරකයා ලෙස මුවන් කටයුතු කරයි. මුවන් ප්‍රධාන රෝග කාරකයා ලෙස කටයුතු කරන අතර මුවන් නැති ප්‍රදේශ වල මෙම කිනිතුලු විශේෂය දක්නට නැත. මෙම රෝගය ඇති කරන ප්‍රදේශ වල මුවන්ගේ සංඛ්‍යාව අඩුකිරීම මගින් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දැනට පියවර ගෙන තිබේ. මෙම ලයිම් රෝග ඇතිකරන බැක්ටීරියාවේ නාමය වන්නේ borelia නම් බැක්ටීරියාවයි. මෙම රෝගය ව්‍යාප්ත කරවීමට කුඩා ක්ෂීරපායි ජීවින් වන ලේනුන් හා මීයන් වැනි සතුන් ද ආධාර වේ. මෙම රෝගය ව්‍යාප්ත වී පවතින ප්‍රදේශවල රෝග ව්‍යාප්තිය සිදුකිරීමට ආධාර වන ජීවින් වන කුඩා ක්ෂීරපායි සතුන් ගහනය අඩු කිරීමට පියවර ගැනීම ද එම රෝගය ව්‍යාප්තිය නතර කිරීමට පියවර ලෙස ගැනෙයි. ඒ සදහා කුඩා ක්ෂීරපායි ජීවින් ගහණය අඩු කිරීමට ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග අඩපන කරවීම ඔවුන්ව භක්ෂණය කිරීම සදහා ඔවුන් මත යැපෙන මාංශ භක්ෂකයින්ව හදුන්වා දීම වැනි ක්‍රම වේ ද දැනට හදුනාගෙන ඇත.
සමහර විද්‍යාඥයින් කොටසක් තර්ක කරන ලෙස ප්‍රධාන රෝග කාරකයින් වන්නේ මුවන් විශේෂයක්ම නොව තවත් කුඩා ක්ෂීරපායින් විශේෂයක් මෙම රෝග ධාරකයා ලෙස ක්‍රියා කරන බැවින් සම්පූර්ණ වනගත පරිසර පද්ධතියක්ම වෙනස් කල යුතු බවයි ඔවුන් පවසන්නේ.
කුඩා වදුරු විශේෂත් මෙම රෝග ව්‍යාප්තියට ආධාරවෙයි. ඔවුන් මගින් මෙම රෝග ව්‍යාප්තිය මිනිසුන් වෙත පැතිරෙන ආකාරය තවමත් ප්‍රහේලිකාවක්ව පවතී. මෙම වදුරු විශේෂ තුළ ජීවත් වන කිනිතුලු විශේෂය මගින් ද මිනිසාට මෙම රෝගය බෝවෙයි. එම කිනිතුලු විශේෂය තුළ ඇති බැක්ටීරියා බහු කෙදි ලෙස පවතී. මෙම කෙදි වල උප කොටස් ලෙස ආසාධිත ජීවියාට පැතිරේ. මෙම පැතිරීම සිදුවන ආකාරය තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවක්ව පවතී.
ACARLCIDES නම් කෘමිනාශක විශේෂය සුළුපරිමාණ මට්ටමින් භාවිතය මෙයට කෙටි කාලීන විසදුම් ලෙස හදුනාගෙන ඇත. නමුත් ඒවා ද ස්ථිර විසදුම් ලෙස සොයාගෙන නැත. මෙම කෘමිනාශක ගෘහාශ්‍රිතව යොදා ගැනීමට නිවෙස් හිමියන් බොහෝ විට අකමැතිය. මුවන් සදහා රෝලර් භාවිතයෙන් කෘමිනාශක ඔවුන්ගේ ශරීර මත ගැල්වීම ද මීයන් සදහා කුඩා පුළුන් රොද වල් මත තවරා කෘමිනාශක ඔවුන්ගේ කූඩු තුළ රැද වීම ද මෙයට විසදුම් ලෙස යොදාගෙන ඇත. මෙය සදහා 80% ක් සාර්ථක බැක්ටීරියාවක් හෙවත් එන්නතක් හදුන්වා දී ඇතත් ඒ සදහා උනන්දුව අඩුවීම මත 2002 දී පමණ වෙළද පොලෙන් මෙම එන්නත ඉවත් කරගෙන ඇත.
මෙම රෝගය පැතිරීම වැලැක්වීමට ප්‍රයෝජනයට නොගත් විවිධාකාර ක්‍රමෝපායන් ඇති බව විද්‍යාඥයින් පවසයි. ප්‍රදේශවාසී ජනයාගේ වගකීම වන්නේ මෙම රෝගයෙන් වැලකීමට ඔවුන් විසින්ම ක්‍රමෝපාය ගැනීම වේ. මදුරුවන් පැතිරීම වැලැක්වීමට උපයෝගී කරගෙන ඇති පරිදි මදුරු ගහන මර්ධන ඒජන්සිය වැනි මෙම කෘමි සතුන් මර්දන ඒජන්සිද පිහිටුවීම වැදගත් බව කිල් පැට්‍රික් නම් මෙම රෝගය පිළිබදව සොයා බලා වාර්තාව ලියා ඇති  විද්‍යාඥයා පවසයි.
 

0 comments:

Post a Comment