April 26, 2017

ආහාර තාක්ෂණය සදහා නැනෝ

නැනෝ තාක්ෂණය යනු කුමක්ද? ආහාර තාක්ෂණයේදී ඇති වැදගත්කම කුමක්ද?
නැනෝ තාක්ෂණය යන්නෙහි සරල අදහස වන්නේ ද්‍රව්‍යය පරමාණුක හා අනුක මට්ටමෙන් වල හැසිරවීම යන්නයි. මෙය ප්‍රථමයෙන් අධයනය කරන ලද්දේ 1959 රිචර්ඩ් පෙයින්මන් (Richard Feynman) නම් වූ භෞතික විද්‍යාඥයා විසිනි.
 මෙම තාක්ෂණයේදී සිදුකරනු ලබන්නේ නිෂ්පාදනය කල දෙයක අන්තර්ගතය සොයනවා වෙනුවට පරමාණුක හෝ අනුක මට්ටමෙන් ආරම්භ කර අවශ්‍ය ව්‍යුහයක් ගොඩනගා ගැනීමයි. නැනෝ මීටර මට්ටමේ අංශු හැසිරවීම සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය සියුම් හා අධික තාක්ෂණයක් සහිත ක්‍රම වේදයකි.
මෙම තාක්ෂණය අනෙකුත් බොහෝ ක්ෂේත්‍රයන් මෙන්ම ආහාර ක්ෂේත්‍රය තුලද සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර ආහාර තාක්ෂණයේදී එහි වැදගත්කම් රාශියකි. බෝග වගාකිරීමේ සිට අහාර මාර්ගයේදී අවශෝෂණය දක්වාම නැනෝ තාක්ෂණයේ  භාවිතයන් ඇතිබව හදුනාගත හැකිය.
1. කෘෂි බෝග වගාවේදී. (Agriculture)
බෝග වගාවේදී අවශ්‍ය වන කෘෂි රසායනික වර්ග, පොහොර වර්ග, එන්නත් වර්ග වඩා කාර්යක්ෂම ලෙස ශාකය වෙත ලබා දීම සඳහා නැනෝ ප්‍රාවරයන් (Nanocapsules) යොදා ගත හැකිය.
නැනෝ තාක්ෂණය අද අප කන බොන දෑ වලටද විපරම් කිරීම නිසා නැනෝ ආහාර අප දොර එළිපත්තටම අද පැමිණ තිබෙන අතර නැනෝ ආහාර කර්මාන්තය ඊලග දශකයේදී අප ලෝකය උඩු යටිකුරු කරණු නොඅනුමාණය. යම් ආහාරයක් හෝ වගාවක් සඳහා එම වගා ක්‍රමය හෝ නිෂ්පාදනය ක්‍රියාවලිය තුල නැනෝ තාක්ෂණය භාවිතා කරයිනම් එවිට එම ආහාරය නැනෝ ආරාරයකි. ඒ අනුව නැනෝ තාක්ෂණය ආහාරවල ඵලදාව වර්ධනයට මෙන්ම ඒවා වගා කිරීමට මෙන්ම නිෂ්පාදනය කිරීමට යෙදිය යුතු පිරිවැය පහත හෙලීමට ද උපකාර කරගත හැකිය.

නැනෝ අහාර වර්ග

PEA PROTEIN  නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති අතර ඉතා ‍හොද ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් මෙමගින් සපයයි

 

MALTODEXTRIN අධික ලෙස කාබෝහයිඩ්‍රෙට් අඩංගු ආහාරයකි.

 

WAXY MAIZE  අධික ලෙස කාබෝහයිඩ්‍රෙට් අඩංගු ආහාරයකි ශක්තිය ලබා ගැනීමට ඉන්සියුලින් අවශ්‍ය නොවේ

 

.

CRUSHED FLAXSEED ඔමෙගා 3 මේද අම්ල බහුලව ඇති නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති ආහාරයකි.

 

ALGAE OIL ඔමෙගා 3 මේද අම්ල බහුලව ඇති නැනෝ තාක්ෂණයෙන් ඇල්ගේ තෙල් අඩංගු කැප්සුලයකි.

2. ක්‍රියාවලියේදී. (Processing)
නැනෝ ප්‍රාවර මගින් ජීවී ප්‍රයෝජ්‍යතාව (Bio availability) වැඩිකර ගැනීමත්, ශාක ස්ටෙරොයිඩ (steroids) මගින් මස් වල ඇති ස්ටෙරොයිඩ ආදේශ කිරීමත් සිදුකරනු ලබයි.
නැනෝ අංශු හානිකර ක්ෂුද්‍ර ජීවින් හා රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමටත්, අහාර වල උකු ගතිය වැඩි කිරීමටත් ජෙලිමය ව්‍යුහ නිර්මාණය කරගැනීමටත් භාවිතාකළ හැකිය.
3.අතිරේකයන්. (Supplements)
නැනෝ මට්ටමේ අහාර නිපදවීම මගින් ශරීරයට අවශෝෂණය කළහැකි වැඩි කිරීමටත්, අපේක්ෂිත අවයවය කරා කාර්යක්ෂමව පරිවහනය කිරීමටත් යොදාගත හැක. අද වන විට නැනෝ තාක්ෂණයෙන් උපන් ආහාර රාශියක් වෙළදවලට පැමිණ තිබේ. එනම් Nano ceuticats නම් ඇමරිකානු සන්නම නාමය යටතේ අලෙවිකරණ පෝෂක පදාර්ථ සහ විටමින් බී විසිරණය (Vitamin B spray) එලෙසම චීනයේ නිෂ්පාදිත Nano tea ලොවපුරා ප්‍රචලිත පානයකි. එය ආමාශය අතැර කෙලින්ම අන්තවලදී සෙලිනියම් අවශෝෂනයට ඉඩකඩ ලබා දෙයි. එ ලෙසම ඊශ්‍රායලේ නිෂ්පාදිය කොලොස්ටරෝල් රුධිරයට එකතු නොවන තේ වර්ගයක් Candy Active oil ලෙස හදුන්වාදී තිබේ. ඇමරිකාව සීනි අහිතකර අයට හා අනෙක් අයට Slim Shake Chocolate නම් පානය හදුන්වා දි ඇත්තේ රසය එලෙසම පවත්වා ගනිමින් සීනි නැතිව පානය කල හැකි ප්‍රණීත පානයක් ලෙසය.

4. ඇසුරුම් කරණය. (Packaging)
ජීර්ණය කල හැකි ඇසුරුම් නිෂ්පාදනයටත්, උෂ්ණත්වයට, තෙතමනයට, ක්ෂුද්‍ර ජීවීන්ට සංවේදී ඇසුරුම් නිෂ්පාදනයටත් යොදාගත හැක.



ආහාරයට ගත හැකි බෝතල්
ප්ලාස්ටික් වැනි ජීර්ණය නොවන ද්‍රව්‍ය පරිසයට නිදහස්වීම පිළිබද ව විශාල පරිසරික ගැලුවක් වී ඇත.ආහාර ඇසුරැමි සදහා ජීර්ණය විය හැකි හෝ ආහාරයට ගත හැකි ප්ලාස්ටික් හදුන්වා දෙනු ලැබුවහොත් එය පාරිසරික දුෂණය අවම කර ලිමට විශාල පිටුවහලක් වනු ඇත.
අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් ආහාරයට ගත හැකි වනු ඇත. මෙම අපූරුන නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායකි. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවෙනු ඇත.

 උපුටා ගැනීම -අන්තර්ජාලය 

සටහන: 
නැනෝ (නිනිති) තාක්ෂණය පිළිබද වැඩි විස්තර සහිත සිංහල පොතක් මෙම Link එකෙන් ඔබට කියවිය (බාගත) හැකිය.

http://scienceforallofus.blogspot.com/2011/01/book-on-nanotechnology.html

0 comments:

Post a Comment