April 27, 2017



ඔලිව් ශාකයේ ගුනාත්මක නව සොයාගැනීම්
මධ්‍යධරණී දේශගුන කලාපය සමග සම්බන්ධව ඇති Oleaceae කුළයට අයත් අතර Olea europaea යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. ඔලිව් ගෙඩිය වෙරළු ගෙඩියකට සමාන හැඩරුව ඇත. ගෙඩිය තනි ඇටයක් වටා වූ මදයකින් හා ලෙල්ලකින් නිර්මාණය වී ඇත. මල් සුදු පැහැතිය. දම් පැහැයට හැරෙන විට ගෙඩිය නෙලා ගැනේ. කල් තබා ගැනීම වෙනුවෙන් රසායන දියරයන්හි බහා තබන අතර ටින් කරන ලද ඔලිව් අද වෙළද පොලේ අපට දක්නට ලැබේ.


ඔලිව් මගින් රුධිර ගත අධි කොලොස්ට්‍රෝල් මට්ටම අඩු කල හැක. අසංතෘප්ත මේද අම්ල පිළිබදව වඩාත් ගුන ගායනාවය ගැයෙන ඔලිව් මගින් අඩු ඝනත්ව කොලෙස්ට්‍රෝල් හෙවත් හෘද රෝග අවදානම වෙනුවෙන් චෝදනා ලබන law density lipoprotein cholesterol මට්ටම මට්ටු කල හැක.
ඔලිව් වල අසංතෘප්ත මේද මගින් ඉන්සියුලින් මට්ටම පාලනය කර ගත හැකි අතර රුධිරගත සීනි මට්ටමද පාලනය වෙනුවෙන් හිතකරය. අද දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ටත් ඔලිව් ඉතා ගුන දායක බැව් දැන් හදුනා ගෙන ඇත. මේ නිසා දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් ඔලිව් තෙල් සඳහා යොමු වීම වඩාත් වැදගත්ය.
තවද වයසට පාලනය කර ගැනීමට ඔලිව් තෙල් භාවිතය සුදුසුය. හදවත නිරෝගීව තබා ගැනීමට කිසිම බාධාවකින් තොරව ඔලිව් තෙල් ආහාරයට ගත හැක. අපිත් එක්කම අපේ හදවත වයස්ගත වීම බොහෝ රෝගාබාධයන්ට මග කියන බවත් මතකයේ තබා ගැනීම ඉතා වැදගත්ය. අද බයිපාස් සැත්කම ඉතාම සුලභව සිද්ධවනවා. ධමනියක් පටු වීම හෝ අවහිර වීම නිසා ඇතිවන හෘද රෝග අවදානම වෙනුවෙන් කල්තබා ආරක්ෂාව ලබා ගැනීමට නම් ඔබ ඔලිව් තෙල් ආහාරයට ගන්න.
 මෙහි ඇති පොලිනිනෝල් නිසා ඇතිවන ප්‍රති ඔක්සිකාරක ගුනයෙන් පිළිකාවන්ට තිබෙන අවදානම මග හැරෙනවා. අද විවිදාකර පිළිකා පිළිබදව නිතරම අපට ඇසේ. ඒ පිළිකා වර්ග නැසීමටත් ඔලිව් තෙල් උපකාරි වනවා. දිනපතා ඔලිව් ආහාරයට ගැනීමෙන් වියපත් වීම පමණක් නොව ආඝාත රෝග තත්ත්වයන්ගෙන්ද ආරක්ෂාව ලැබෙනවා. පිළිකා අතරින් වඩාත්ම මාරාන්තික පිළිකා තත්ත්වය ලෙසට හදුනා ගැනෙන මෙලිගන්ට් මෙලනෝමා තත්ත්වයට ඔලිව් තෙල් වල අන්තර්ගත විටමින් ඊ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසින් කටයුතු කරමින් මේ තත්ත්වයට සහනයක් දෙනවා. පාරජම්බුල කිරණයන්ගෙන් සමට ආරක්ෂාව ලබාදීමට එහි අන්තර්ගත කැරොටින් මගින් ශක්තිය ලබා දෙනවා.

ඔලිව් කොල අබරාගත් යුෂ ආලේපයෙන්ද සමේ රැළි සහිත ස්වභාවයට පිළියම් ලැබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙම යුෂ දියර ලෙස මෙන්ම තේ කුඩු ලෙසද සකස්කර ගෙන පානයටත් මිනිසුන් පුරුදු වී සිටිති. විටමින් ඊ බහුලව ඇති ඔලිව් සුවද විලවුන්,සබන්,ආලේපන සහ ක්‍රීම් වර්ග නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය ලෙසින් යොදා ගැනේ. ඔලිව් අස්වැන්න නෙලා ගැනීමේ දී ඉතා ප්‍රවේශමෙන් කිරීමට සිදුවී ඇත. ඊට හේතුව තැලුනු ගෙඩි කල්පවත්වා ගැනීමට අපහසු වීමයි. ඇට අබරා නිෂ්පාදනය කරන තෙල් දේවස්ථානයන්හි පහන් දැල්වීමට යොදා ගැනේ. වම්බටු,මාළුමිරිස් බැඳගෙන එය ඔලිව් තෙල් වල බහා සුළං නොවැදෙන සේ බෝතලයක දමා ගන්න. එව්ට ඉතා පහසුවෙන් කල්තබා ගැනීමේ හැකියාව ඔබට ලැබේ.


0 comments:

Post a Comment