April 18, 2017

රෝග විනිශ්චය කරන උපකරණයක්

විද්‍යාත්මක ප්‍රබන්ධ බොහෝවිට නව සොයාගැනීම් සදහා විද්‍යාත්මක අනුප්‍රාණයක් ඇති කරයි. හොලොග්‍රම් (Hologram) හෙවත් ආලෝක කදම්භ මගින්  මවන ත්‍රිමාණ රූප, ටෙලෙප්‍රොටේසන් (Teleportation) හෙවත් පදාර්ථය අවකාශයේ භෞතික නොවන ලෙස චලනය කිරීම යනාදිය මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැක. Star Trek විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියෙන් ඉදිරිපත් කළ සර්වකාර්ය වෛද්‍ය උපකරණය වූ Tricorder (ට්‍රයිකොඩරය) ද රෝගියෙකුගේ රෝගය විනිශ්චය කළ හැකි මෙවැනි කල්පිත උපකරණයකි. එම උපකරණය සත්‍ය ලෙස ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට උනන්දු වූ XPrize Foundation නම් ලාභ නොලබන සංවිධානය රෝග විනිශ්චය කරන කෘතීම උපකරණයක් නිපදවීම සදහා විවෘත විශ්ව තරගාවලියක් දියත් කරන ලදී.

තරගාවලියේදී එක් කණ්ඩායමක් රෝග විනිශ්චය කරන කෘතීම උපකරණයක් නිපදවීමට සාමත්වී ඩොලර් මිලියන 2.5 ක පළමු ත්‍යාග මුදල දිනාගත් අතර දෙවන ස්ථානය දිනාගත් තායිවානයේ ක්‍රියාශීලි ජෛවදර්ශක කණ්ඩායමට ඩොලර් මිලියනයක මුදලක් හිමිවිය. පළමු ස්ථානය දිනු පෙන්සල්වෙනියාවේ Final Frontier Medical Devices කණ්ඩායම හදිසි ප්‍රතිකාර වෛද්‍යවරයකු වූ Dr. Basil Harris සහ ඔහුගේ සහෝදර ජාල ඉන්ජිනේර්වරයකු වූ George Harris යන එකම පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් නිර්මාණය කළ Tricorder (ට්‍රයිකොඩරය) කෘතීම බුද්ධිය භාවිතා කරන FinDxtER වේ.

Qualcomm Tricode XPRIZE නම් මෙම තරගාවලියේ කොන්දේසිය වුයේ කිසිදු වෛද්‍ය වෘත්තිකයකුගේ උපදේශනයෙන් තොරව ක්‍රියාත්මක වන විනාඩි 90 - පැය 24 ක කාලයක් තුලදි සෞඛ්‍ය තත්ව 13 ක් හෙවත් රෝග 12 ක් හෝ එම රෝග නොමැති බවට රෝග විනිශ්චය කළ හැකි සැහැල්ලු, අතින් හැසිරවිය හැකි ආක්‍රමණික නොවූ උපකරණ තරගය සදහා පිළිගැනීමයි.

රටවල් 38 කින් ඉදිරිපත් කළ මෙවැනි උපකරණ 312 ක් අතරින් ජයග්‍රහණය කළ FinDxtER ට රෝග තත්ව 13ක් නොව 34 ක් පිළබදව පැය 24 කට වඩා බොහෝ අඩු කාලයකින් රෝග විනිශ්චය කළ හැකි විය. මේ සදහා FinDxtER හි කෘතීම බුද්ධිය සායනික දත්තගබඩා තොරතුරු වලට අනුව සියුම් ලෙස රෝග විනිශ්චය කරන ආකාරය සහිත විශ්වකෝෂයක් සමග රෝගියාගේ සෞඛ්‍ය තත්ව වාර්තා එකවර සැසදීමට සහ අසමානතා හදුනාගැනීමට ක්‍රියා කළේය.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ
හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=rdpdWJdx5CE

0 comments:

Post a Comment