May 17, 2017

සමාජ ජීවිතය මත හෝමෝන බලපෑම

මෙතෙක් සමාජ ජීවිතය හා එහි ක්‍රියාකාරකම් ලෙස බැඳුන හෝමෝනය ලෙස සාකච්ජාවට බදුන් වූයේ ඔක්සිටොසින් හෝමෝනයයි. නමුත් නව සොයාගැනීම් වලට අනුව වෙනත් හෝමොන ද සමාජ ජීවිතය කෙරෙහි බලපායී.
පර්යේෂකයින් විසින් මනුෂ්‍යයන්ගේ ජාන වල පවතින එකකට එකක් වෙනස් සමාජ ජීවිතය සදහා බලපාන නියුරොපෙප්ටයිඩ 06 ක් මිනිසාගේ මොළය තුළ පවතන බව සොයාගෙන ඇත. මෙම රසායනිකයින් මිනිසාගේ සමාජ ජීවිතය කෙරෙහි සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි බලපායි. මෙම රසායනිකයින් මිනිසාගේ සමාජසම්බන්ධතා කෙරෙහි පුළුල් ලෙස බලපායි.මොළයේ පවතින සැලකියයුතු රසායනිකයින් විශේෂ කිහිපයක් අප සමාජ ජීවිතයේ හැසිරිය යුතු ආකාරය විවිධ සමාජ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය පිළිබදව මූලික වන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිනාමීය මනෝවිද්‍යාව සම්බන්ධ විදයාඥයකු වන රොබින් ඩන්බාර් පවසයි.ඩෝපර්මින් නම් රසායනික සමහර විට සතුටු හෝමෝනය සහ එන්ඩොපින් හෝමෝනය මිනිස් සිරුර සැහැල්ලු කර එකිනෙක කෙරෙහි උනුසුම් හැඟීම් දනවන ක්‍රියාවන් පාලනය කරයි. මෙම එන්ඩොපින් හා ඩෝපර්මින් හෝමෝනය මිත්‍රත්ත්ව වර්ධනය හා සමාජ ජාල වල පුරුක් ලෙස ක්‍රියා කිරීමට බලපායි. මැයි 01 වනදා පලකරනු ලැබූ සඟරාවක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම නියුරොපෙප්ටයිඩ ක්‍රියාකරන ආකාරය ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රේමණීය සම්බන්ධතා වල දී endorphin හා dorpamin තරම් කාර්ය භාරයක් oxytocin මගින් ඉටුනොකරයි. පර්යේෂකයින් විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් 750 කගේ පමණ DNA විශ්ලේෂණය කරමින් නව තොරතුරු සොයාගැනීමක් සිදුකර ඇත. Oxytocin,dorpamin,endorphins, vasopressin,serotonin,testosterone යන රසායනික වල ජාන සැකැස්මේ සුළු වෙනස්කම් පිළිබදව නිරීක්ෂණය කර ඇත.
පර්යේෂකයින් සොයාගෙන ඇති ආකාරයට එන්ඩොපින් මගින් පුද්ගලයාගේ සමාජ ජීවිතය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනයට විශාල බලපෑමක් කරයි. ඔක්සිටොසින් නම් හෝමෝනය මිනිසාගේ ප්‍රේමණීය හැඟුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි බලපායි. නමුත් සමහර අවස්ථාවලදී එන්ඩෝපීන් නම් හෝමෝනය ඔක්සිටොසින් නම් හෝමෝනය අභිබවා ක්‍රියාත්මකවන අවස්ථාද වෙයි. එන්ඩොපින් හෝමෝනය මිනිසාගේ මිත්‍රශ්‍රීලී බාවය වර්ධනය ආශ්‍රිත උදව් කිරීම යනාදී දේවල් සදහා මිනිසා පෙළබවීමට ආධාර කරයි. ඩෝපර්මින් නම් හෝමෝනය මිනිසාගේ සමාජ ජාල ගත ක්‍රියාකාරකම් කෙරෙහි බලපවත්වන හෝමෝනය වෙයි.
මෙම නියුරොපෙප්ටයිඩ විසින් මිනිසාගේ සමාජ ක්‍රියාකාරකම් සිදුවෙන ආකාරය පාලනය කරන බව ඩන්බාර් නම් විද්‍යාඥයා පවසයි. මෙම සමාජ ක්‍රියාකාරකම් සිදුවෙන ආකාරය පිළිබදව එන්ඩෝපින් හා ඩෝපර්මින් හෝමෝන දෙක එකට බැදී තිබේ.
අනෙකුත් නියුරොපෙප්ටයිඩ වන වාසොප්‍රෙසින්,සෙරොනින් හා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මිනිසාගේ සමාජ ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් නොකරන බව ද නවීන විද්‍යාත්මක සොයාගැනීම් අනුව හෙළි කෙරෙයි.

 




Published from

Live Science Magazine  

0 comments:

Post a Comment