January 21, 2016

භාවිතයෙන් පසු දිරාපත්වන රොබෝවරු

දිරාපත් නොවන රොබෝවරු යනු අතිතයට අදාල නිර්මාණයන් ලෙස සැලකීම නුදුරු අනාගතයේදී  සිදුවනු ඇති අතර රොබෝ වරුන් සඳහා ද මිනිසාට මෙන්ම සුසාන භූමි නිර්මාණය වනු ඇතැයි වාර්තා වේ.

වර්තමානයේදී නිපදවන  බොහෝ  රොබෝවරු හෝ රොබෝයන්ත්‍ර ප්ලාස්ටික් සහ ලෝහ වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය වලින් නිපදවනු ලැබේ. එහෙත් ඉතාලියානු තාක්ෂණික ආයතනයේ ( IIT ) විද්‍යාඥයින් විසින් රොබෝ නිපදවීම සඳහා සුදුසු දිරාපත් වන ද්‍රව්‍යක් සොයාගෙන ඇත. IIT ආයතනයේ ස්මාර්ට් අමුද්‍රව්‍ය අංශයේ කණ්ඩායම විසින් සොයාගෙන ඇති දිරාපත් වන නව ද්‍රව්‍ය නිපදවිම සඳහා කසළ ආහාර යොදා ගැනීමද මෙහිදී සුවිශේෂී වේ.

මෙම පරීක්ෂණය මෙහෙය වූ IIT ආයතනයේ  Euthanasia Athanasius  පවසන පරිදි සම්පූර්ණයෙන් දිරාපත් වී යන මෙම ජීව ප්ලාස්ටික් වර්ගය නම්‍යශීලී මෙන්ම ශක්තිමත් භවකින් ද යුක්ත වේ. ඒ නිසා ඒවා රොබෝවරුන් ගේ බාහිර සම මෙන්ම අභ්‍යන්තර යන්ත්‍ර කොටස් නිර්මාණය කිරීමට ද යොදා ගත හැකිය. තවද වඩා සැහැල්ලු සහ කාර්යක්ෂම රොබෝවරු නිෂ්පාදනයට මෙම ජීව ප්ලාස්ටික් සමත් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයකු වන Nikos Tsagarbis පවසයි.

උපුටාගැනීම ;
Robot that could decompose when they’re no longer needed by Annabel Edwards
http://www.popsci.com/researchers-develop-materials-that-could-create-decomposable-robot

0 comments:

Post a Comment