January 21, 2016

මිනිසුන් රහිත අනාගත යුද්ධයේ ඉදිරි පියවරක්

අනාගත යුද්ධවල ප්‍රධාන කොටස්කරුවන් රොබෝවරුන් වනු ඇත. එහෙත් වර්තමානයේදී එසේ සිදු නොවන අතර යුද්ධ සඳහා මිනිසුන් වෙනුවට රොබෝවරුන්  යොදා ගැනිම සිදුවීමට තව බොහෝ කාලයක් ගත වේ. ඇත්ත වශයෙන්ම එය එසේ සිදුවිය යුතුද යන්න මිනිසාගේ තීරණය මත රදා පවතියි.

කෙසේ වෙතත් ඉහත ප්‍රකාශයෙන් රොබෝවරුන් යුද්ධය සඳහා නිර්මාණය ‍නොවනු ඇතැයි ගම්‍ය නොවේ. වර්තමානයේ පෙන්ටගනයේ තෝරා ගැනීම නම් මිනිසා සහ රොබෝවරු කණ්ඩායම් නිර්මාණයයි. එනම් යම් කාර්යයක් කිරීමට හෝ යමක් ලබාගැනීම සඳහා මිනිසුන් විසින් මෙහෙයවන රොබෝයන්ත්‍ර මිනිසා සමඟ එක්ව කටයුතු කිරීමයි. එමගින් අනාගතයේදී රොබෝවරු මෙහෙයවන රොබෝයන්ත්‍ර සහ රොබෝවරු කන්ඩායම් වැනි සම්පූර්ණයෙන් ස්වයංක්‍රිය ක්‍රම සැකසීමට ඉඩ තිබේ.උදාහරණයක් ලෙස ස්වයංක්‍රිය හෙලිකොප්ටර් යානයක්  ( Robot Helicopter Drone ) මගින් භූමියේ ගමන් කරන රොබෝ ස්වයංක්‍රිය යන්ත්‍රයක් යුද්ධ භූමිය වෙත ගෙනයාම. මෙම ක්‍රියාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පෙරහුරුවක් ලෙස Florida  හි ක්‍රියාත්මක කර තිබේ.

මිනිසුන් රහින හෙලිකොප්ටරයක් විසින් රොබෝ යන්ත්‍රයක් භූමියට ගොඩබාන ලද අතර ඉන්පසු රොබෝ යන්ත්‍රය ගොඩබිම තුළ චලනය වෙමින් කටයුතු කිරීම මෙහිදි සිදුවිය. මෙම පරික්ෂණය හෙලිකොප්ටර් කේෂත්‍රයේ යෝධයකු වන Sikorsky ආයතනයට හිමි Lockheed Martin ආයතනය සමඟ එක්ව Carnegie Mellon ආයතනය විසින් Sikorsky ගේ පියාසර සංවර්ධන මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා Black Hawk හෙලිකොප්ටර් රොබෝව සහ Land Tamer නම් මහේච්ජ බාලදක්ෂ වාහන රොබෝව භාවිතා වී තිබේ. Video නරඹන්න.


උපුටා ගැනීම :-
 The Future Unmanned war Takes A Halting Step Closer
http://www.popsci.com/drone-helicopter-delivers-ground-robot-in-test

0 comments:

Post a Comment