January 26, 2016

විද්‍යාව පැහැදිලි කිරීමට මරණයට අභියෝග කිරීම

 
මේ වන විට අතුරුදහන් වෙමින් පවතින උමතු විද්‍යාඥයෝ නමැති ප්‍රජාව සදහා නැවත ජීවය ලබා දීමට හෞතිකඥ  ඇන්ඩ්‍රීස් වෝල් (Andreas Wahl ) මෑතදි සමත්විය. ඒ සඳහා ඔහු මරණයට අභියෝගි කරමින් භෞතික  විද්‍යා නියමයන් පැහැදිලි කිරීමට තමාම පරීකෂණ මෙවලම බවට පත්විය. දුම්රියක හෝ බස්රථයක ආසනයක් ලබා ගැනීමට පවා මිනිසුන් ඉතා අනතුරුදායක ලෙස කටයුතු කරන ආකාරය සැලකු විට  මෙය හුදෙක් සෘජු පෞද්ගලිකත්වය සදහා පමණක් නොවන නිසා අසාමාන්‍ය වේ.

නිව්ටන්ගේ වෘත්ත චලිතය  සහ කේන්ද්‍රාභිසාරී බලය අනුව  වස්තු ක්‍රියාත්මක වන අයුරු සම්බන්ධ නියමයන් ප්‍රායෝගිකව සනාථ කිරීමට ඔහුට අවශ්‍ය විය. එනම් චක්‍රීය පථයක ගමන් කරන වස්තු කෙරෙහි කේන්ද්‍රයට ආසන්න වන විට සිදුවන බලයේ වැඩිවීම සම්බන්ධ නියමයන් පැහැදිලි කිරීම එහි අරමුණ වේ. කෙසේ වෙතත් විෂබීජ රහිත රසායනාගාර, කුඩා කප්පි  හා ස්කන්ධයන් සහිත පරිසරයකදී එම සංසිද්ධි පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බව ඔහුගේ හැගීමයි. එනිසා ඔහු ඒ සඳහා නෝවේජියාවේ පැරණි ගුදමක පිහිටි අඩි 46 ක් උස ස්ථානයක් තෝරාගත්තේය.එහි  සිට බිමට පැන තම ශරීරයේ බරට සරිලන ලෙස  අනෙක් කෙලවර ඇති ඉතා කුඩා සැහැල්ලු බෝලයේ බර  සමතුලිත කළේ විද්‍යාත්මක න්‍යාය කෙරෙහි ඔහුගේ ඇති පිළිගැනීම සනාථ කිරිමටයි. එමගින්  ඔහුගේ දිවිය ආරකෂා වන ආකාරයත්  ඒ සදහා කුඩා  සැහැල්ලු බෝලය, චක්‍රීය චලිතයෙන් බලය ග්‍රහනය කර ගන්නා අයුරුත්  ප්‍රදර්ශනය විය. ඇත්තවශයෙන්ම ඔහු වෙනුවට ගල් පිරවූ බරැති බෑගයක් වුවද යොදාගෙන ආරක්ෂාකාරීව මෙම පර්යේෂණය ක්‍රියාත්මක කළ හැකියාව තිබිණි. එහෙත් ඒ සදහා ඔහුම ඉදිරිපත්වුයේ ද්‍රව්‍ය වලට මෙන්ම මිනිසුන්ටද මෙම ධර්මතා හෝ න්‍යාය පොදු බව ප්‍රායෝගිකව පෙන්වාදීමටය.

සුළු අතපසු වීමක් වුව ජීවිතයට හානි වීය හැකි තත්වයකට ඔහු නිර්භයව මුහුණ දුන්නේය. මෙම පර්යේෂණය  නූල මත ජීවිතය (Life on line ) ’ නමින් පටිගත කර තිබෙන නමුත් එහි සංස්කරණය නොකරන ලද කුඩා කොටසක් පමණක්  ඔබට පහත වීඩියෝ දර්ශනයෙන් නැරඹිය හැකිය.


උපුටා ගැනීම :-
This Guy Defies Death to Demonstrate Physics Low
http://www.iflscience.com/physics/guys-death-defying-physics-experiment-incredible

https://www.youtube.com/watch?v=5ZnKIPfIhAQ

0 comments:

Post a Comment