January 25, 2016

කුඩා චිත්තාවේගී මොලය නිසා පුද්ගලයා වියරු වේද?

  
මිනිස් මොලයේ Frontolimbic  ප්‍රදේශය හෙවත් චිත්තාවේග පාලනය කරන ව්‍යුහය , පුද්ගලයාගේ කලහකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මකව සුවිශේෂි ලෙස බලපාන බව ස්නායු පරීක්ෂණ අධ්‍යනයක අදහසක්  ලෙස එළි දක්වා තිබේ.

ජීව විද්‍යාත්මක මනෝ චිකිත්සාව (Biological Psychiatry) සඟරාවේ ආරම්භක කලාපයේ  පළ කර ඇති නව ලිපියක් මේ බව වාර්තා කරයි. එමගින් ඥානය සම්බන්ධ ස්නායු විද්‍යාව හා ස්නායු නිරීක්ෂණ වාර්තාවකට අනුව නිතර කිපීමේ ආබාධ ඇති වීමට හේතුව මොලයේ Frontolimbic ප්‍රදේශයේ ඇති ව්‍යුහය තුළ සුවිශේෂි ලෙස අඩු මලින පදාර්ථ  (grey matter) ප්‍රමාණයක් තිබීම විය හැකි බව හදුනාගෙන ඇත. එනම් වහා කිපෙන සුළු මිනිසුන්ට ඇත්තේ කුඩා චිත්තාවේග මොල (Emotional Brain )’ වේ.

මෙම වරින් වර කිපෙන සුළුවීමේ ආබාධ DSM-5 හි ප්‍රතිරාවීය ගැටලුසහගත ආවේගික කලහකාරිත්වය ලෙස අර්ථ ගන්වා තිබේ. ද්විධ්‍රැව ආබාධ (bipolar disorder) සහ හින්නෝමාදය (schizophernia) යන රෝග දෙකටම වඩා මෙම රෝගය ව්‍යාප්තව පවතී. එහෙත් බෙහෝ විද්‍යා හා ගෘහස්ථ සන්නිවේදනයෙදී මෙම ආවේගික කලහකාරිත්වය හුදෙක් පුද්ගල නොමනා හැසිරීම් ලෙස හදුන්වන අතර එයට ප්‍රතිකර්ම ලෙස පුද්ගල ආකල්ප වෙනස් කිරීම ප්‍රමාණවත් බව සලකන බව ලිපියේ ප්‍රධාන කතෘ Dr Emil Coccaro ප්‍රකාශ කරයි. එහෙත් ඔවුන්ගේ දත්ත වලට අනුව IED හෙවත් DSM 5 ලෙස අර්ථ දක්වා ඇති මෙම ආවේගික කලහකාරීත්වය මොලයේ ආබාධයක් මිස පුද්ගලික චර්යාවේ අඩු පාඩු නොවන බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ ස්නායු චිකිත්සා හා ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානියා වු මහාචාර්ය දොස්තර Coccaro තවදුරටත් වාර්තා කරයි.


උපුටා ගැනීම :-
People Who Experience Rage Attacks Have Smaller ‘Emotional brain’ 
https://www.elsevier.com/about/press-releases/research-and-journals/people-who-experience-rage-attacks-have-smaller-emotional-brains

0 comments:

Post a Comment