January 5, 2016

ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්

අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කාර්යයන් පිලිබදව විවිධ පර්යේෂණ සිදුවෙමින් පවතී.
ආහාර ජීර්ණය පහසු කිරීමට අවශ්‍ය විටමින වර්ග නිපදවීම බැක්ටීරියාවල කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී.මෙම බැක්ටීරියා මිනිසාගේ මනසටද බලපෑම් ඇති කරන බව මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇත.


මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වන බවපෙන්වා දී ඇති අතර එනම්
ඩොපමීන්,
ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA)
 සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික

ස්නායු යනු මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි.  ඒවා ස්නායු සෛල, හෙවත් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වේ. හෘද ස්පන්දනය අහාර ජීර්ණය ශ්වසනය වැනි ක්‍රියා සදහා ස්නායු ආවේග සම්ප්‍රේශණයට උපකාරී වේ.

ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති වේ.
ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියාව ඇත. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වේ.
සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කෙරේ. ඉගෙනීම ආශ්‍රිත කටයුතු වලදීත් මෙය මහත් උපකාරී වේ.
GABA
 මගින් සතුට සහ සැහැල්ලු බව ඇති කරයි.
අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කරයි.

ආන්ත්‍රික බැක්ටීරියා වල ක්‍රියාකාරිත්වය ශාකමය ආහාර අනුභව කිරිම මගින් වැඩි දියුණු වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.හෝමෝන ක්‍රියාකාරීත්වය හොදින් සිදු වන අතර මානසික ඒකග්‍රතාවයට වැදගත් වේ.විවිධ රෝග මර්ධනය කිරීමේ හැකියාව  ඇති වන බව පෙන්වා දි ඇත.
ගර්භණී අවස්ථාවේ දී ශාකමය ආහාර ආහාරයට ගැනීම නිසා එම දරැවන් නිරෝගී වන බව පෙන්වා දී ඇත.

මාංශමය ආහාර අනුභව කරන විට අන්ත්‍රය කෙටි වේ.ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩුය.ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුය .මානසික ව්‍යාකූලතා ඇතිවේ.එය විවිධ රෝගී තත්ව වලට හේතු වන බව පෙන්වා දී ඇත.


ශාකමය ආහාර සකස් කරන ක්‍රමවේදය ඉතා වැදගත්ය. එනම් බෙලෙන්ඩර් කිරීමට වඩා ඇබරීම සහ කෙටිම වැදගත්ය.
කෙටිම සහ ඇබරීම නිසා සෛල බිත්ති තැලී එහි අන්තර්ගව ඇති විශේෂිත වූ එනසයිම සහ පෝෂක ආහාරයට එකතු වේ.
ආන්ත්‍රික බැක්ටිරියා ක්‍රියාකාරීත්වය හොදින් සිදුවන අතර අවශෝෂණය පහසු වේ.

බෙලෙන්ඩර් කිරීම තුලින් ඉහත කිසිවක් සිදු නොවේ.



උපුටා ගැනිම - Science daily

1 comments:

වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

Post a Comment