January 2, 2016

සාගර පත්ලට යටින් අති විශාල මිරිදිය තැන්පතුවක්? ජල හිඟයට පිළියම් යෙදිය හැකිද?



අනාගතපරම්පරාවල ජල අවශ්‍යතාව සපුරාගත හැකි ප්‍රමාණයේ ජල ස්කන්ධයක් ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.මෙම මිරිදිය ජල තැන්පතුව පිළිබඳව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්  ප්‍රකාශ කෙරෙන ආකාරයට  අනුව  මේ  මිරිදිය තැන්පතුව  ඝන  කිලෝමීටර්  500,000  ක් (ඝන සැතැපුම් 120,000ක්) පමණ වෙනවා. මෙය  පිහිටා  ඇත්තේ    ඔස්ට්‍රේලියාව, චීනය, උතුරු ඇමරිකාව හා  දකුණු ඇමරිකාව යන කලාපවලට     අයත්  සාගර පත්ලේ ඇති මහාද්වීප  තටකවලට යටිනුයි.

මෙම සොයාගැනීම සිදු කෙරුණේ එක්සත් ජාතීන් විසින් කරන   ලද ඇස්තමේන්තුවලට අනුව  සමස්ත ලෝකයේ ජල පරිභෝජනය ජනගහන  වර්ධනය   වේගයට ගිය සියවසේ පැවතියාට  වඩා දෙගුණයකටත්  වැඩි  වේගයකින්   ඉහළ   යන්නේ යැයි m%කාශ කිරීමත් සමගයි. 

මහාද්වීප තටකයට යටින් දැවැන්ත මිරිදිය ජල තට්ටුවක් ඇතැයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින්  විසින් සොයා ගෙන තියෙනවා.


මේ  පර්යේෂණයට  උර දුන් මූලිකයා  වූ  ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ වින්සන්ට් පෝස්ට් (Vincent Post)   කියන්නේ, ”මේ සොයා ගෙන ඇති ජල සම්පත කොයිතරම් විශාල කීවොත් වසර  1900 සිට මේ දක්වා මහ පොළොවේ මතුපිටට ආසන්න කොටසෙන් අප ලබා ගත් මුළු මිරිදිය ප‍්‍රමාණය මෙන් සිය ගුණයකටත් වඩා එය විශාලයිකියලයි.

අපේ  ග‍්‍රහයා  සතු  මිරිදිය  ප‍්‍රමාණය   එන්න  එන්නම  අඩුවෙමින්  පවතිනවා.    නිසා වෙරළෙන්  එපිට  ඇති  මිරිදිය  සංචිතයක්  සොයා  ගැනීම  ඇත්තෙන්ම  සැලකිය    යුතු ජයග‍්‍රහණයක්.  එයින්  අනාගතයේ දී අපේ පොළොවේ ඇති නියඟයන්ට හා ජල හිඟයට පිළියම් යෙදීමට හැකි වේවි.”

එක්සත්   ජාතීන්ගේ   ජල   සම්පත්   පිළිබඳ  ඇස්තමේන්තුවලට  අනුව  පසුගිය සියවසේ ජනගහන  වර්ධන  අනුපාතයට  අනුව  මිරිදිය භාවිතය දෙගුණයකටත් වැඩි වී තියෙනවා. එයට  හේතු වී ඇත්තේ  කෘෂිකාර්මික  වාරි  කර්මාන්තය  හා ම ස් නිෂ්පාදනය පුළුල් වීම නිසා   සඳහා  වැඩියෙන්  ජලය  අවශ්‍ය වීමයි.  ලෝක ජනගහනයෙන් සියයට 40කටත් වැඩි  ප‍්‍රමාණයක් දැනටමත්  ජීවත්  වන්නේ  ජලය   ඉතා   හිඟ  ප‍්‍රදේශවලයි.  එක්සත්  ජාතීන්ගේ   ඇස්තමේන්තුවලට අනුව  2030  වන  විට  ලෝක ජනගහනයෙන්  සියයට 47 කට  වැඩි ප‍්‍රමාණයකට  උග්‍ර ජල හිඟයකට මුහුණපාන්නට සිදු වෙන බවයි කියවෙන්නේ.

                විද්‍යාඥයින් විශ්වාස කරන විධියට  මෙම භූගත ජල සංචිතය සොයා ගැනීම  මහාද්වීපවල පවත්නා  ජල හිඟයටත්,  නියං  තත්වයන්ටත්  පිළියම් යෙදිය හැකි මඟක්  පාදා දේවි. පෝස්ට් කියන්නේ  ඔහුගේ  කණ්ඩායම  වීසින්  කළ  මෙම   සොයා ගැනීමට   මඟ පෑදුණේ  විද්‍යාත්මක   කටයුතුවලට   පමණක් නොව,  තෙල් හා ගෑස් ගවේෂණවලදී   සාගර  පත්ල විද කරන ලද අධ්‍යයනයන් විමසා බැලීමේදියි.

මේ අධ්‍යයනවලදී ලබා ගත් තොරතුරු එකිනෙකට සම්බන්ධ කිරීමේදී අපට පෙනී ගියා, සාගර  පත්ලට         යටින් ඇති පිරිසිදු ජලය පිහිටීම, ඉතා කලාතුරකින් හමුවන, විශේෂ තැන්වලට  සීමාවූවක්  නොව බොහෝ දුරට පැතිරුණු එකක් බව.” ඔහු කියනවා.

ඔහු  පවසන  ආකාරයට  මෙම  ජල තැන්පතු සෑදී  ඇත්තේ වසර සිය දහස් ගණනක් ඈත එපිට  කාලයක් තිස්සේයි. කාලයේ මුහුදු මට්ටම ඉතා   පහත්ව පැවති අතර, ගොඩබිම දැනට වඩා විවෘතව තිබෙන්නට ඇති.  දැනට මුහුදුවලට යට වී ඇති ප‍්‍රදේශ එදා ගොඩබිම් වශයෙන්    පවතින්නට ඇති.   ප‍්‍රදේශවලට   වට වැසි   පොළොවට   අවශෝෂණය වී අනුක‍්‍රමයෙන්  පොළොවයට ජලාශ ඇති වෙන්නට ඇති.

මීට   වසර 20,000කට පෙර ධ්රුවවල අයිස් තට්ටු   දියවන්නට  පටන් ගන්නට ඇති. නිසා මේ  මුහුදු වෙරළ තීර  වතුරෙන් යට වෙන්නට ඇති.   ජලධර  මැටි හා   අවසාදිත තට්ටුවලින්  විනාශ  නොවී  ආරක්ෂා වෙන්න ඇති.පොස්ට්  කියන විධියට මුහුදු ජලයෙහි ඇති ලූණු ඉවත් කර  පවි;% කර ගැනීමට වඩා අඩු වියදමකින් මේ අවසාදිත තැන්පතු යට ඇති ජලය ලබා ගැනීම කළ හැකියි.

කොහොම    වුනත්   මේ සඳහා  නල ළිං කැණීම   වියදම් සහිත  වුවත්,  ක්‍රියාවලියේ දී පොළොව   යට  ඇති මේ ජලධර  දූෂිත  නොවීමට වග   බලා ගැනීම   සියල්ලට  වඩා වැදගත්.


මේ ජල සම්පතෙහි ඇති වටිනාකම කිව නොහැකි තරම් කියලයි, ඔහු කියන්නෙ. 
    අප ඒවා  පාවිච්චි  කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ඒවා අවසන් වූ පසු නැවත එවැනි ජලධර ඇති වීමට නම් මුහුදු මට්ටම යළි පහත වැටෙන්න ඕනෑ. ඒක සිදු වෙන්න නම් දිගු කලක් ගත වෙනවා.” පෝස්ට් අවසාන වශයෙන් කියනවා.


Sanka-Nochchiyagama vrc
captured from: http://www.malkakulu.com/2013/12/blog-post_18.html

1 comments:

”අප ඒවා පාවිච්චි කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ඒවා අවසන් වූ පසු නැවත එවැනි ජලධර ඇති වීමට නම් මුහුදු මට්ටම යළි පහත වැටෙන්න ඕනෑ. ඒක සිදු වෙන්න නම් දිගු කලක් ගත වෙනවා.”

එය බරපතල තත්වයක් නේද? අනාගත පරපුරට කිසිවක් ඉතිරි නොකොට අපි සියල්ල පරිභෝජනය කිරීමක් නේද? මෙතරම් නවීන තාක්‍ෂණය තිබියදී, මුහුදු වතුර පානීය ජලය බවට පත්කිරීම වඩා බුද්ධිමත් නේද?

Post a Comment