April 16, 2014

කූඩු කරල මාළු හදමු - ආර්ථිකව ලාභ ලබමු

    
පි දන්නේ ගිරවුන්, ලෙහෙනන්, මයිනන්, සැලලිහිනියන් වැනි සුරතල් සතුන් කූඩු තුළ ඇතිදැඩි කරන බව පමණයි. එහෙත්, දැන් ලෝකය ඊට වඩා වෙනස්.

ජලයේ සවි කරන ලද දැල් කූඩුවල මාළු ඇති කරන්නවා කිව්වොත් ඒක සත්‍යයක්.
මෙම ක්‍රමය වඩාත් ප්‍රචලිතව පවතින්නේ තායිලන්තය, පිලිපීනය, ජපානය හා යුරෝපාරටවල. එහිදී, සුරතලයට වගේම ආහාර සදහාත් මේ ක්‍රමයට මසුන් වගා කිරීම විශේෂ කරුනක්.

කරදියේ, මිරිදියේ මෙන්ම කිවුල් දියේ ද මේ මත්ස්‍ය කූඩු සවිකළ හැකිය. එහෙත් ඒ සදහා ජලයේ ගැඹුර ප්‍රධාන වශයෙන් ම බලපාන අතර සුළං හමන දිශාව, ජලයේ ඇති ස්වභාවික ආහාර ප්‍රමාණය, ජල තරංග, මෙම සවිකරන කූඩුවට ගොඩබිම සිට ඇති දුර, වැනි කාරණා ද බලපායි.

කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගෙන ස්වයං රැකියාවක් ලෙස වුවද කූඩු තුළ මසුන් වගා කිරීමේ හැකියාවක් ඇත. වගාකරුවන්ට අඩු කාලයක්, ශ්‍රමයක්, එමෙන්ම, ස්වභාවික මර්ත්‍ය තාවය අඩු බැවින් ගුණාත්මක බවෙන් යුතු වැඩුනු මසුන් ලබා ගැනීමට ද මේ තුළින් හැකියාව ලැබේ        
  • ජලයේ පාවෙන මෙන්ම        
  • ජලයේ ස්ථාවරව සවිකරන කූඩු ලෙස වර්ග දෙයාකාර වේ.


ජලයේ ස්ථාවරව සවිකර ඇති කූඩුවක් 
ජලයේ පාවෙන කූඩුවක්


ඉන් ජලයේ පාවෙන කූඩුඉතා වැදගත් වන අතර ජලාශයේ ජල මට්ටම ඉහළ ගියද මසුන් වගා කරන දැල් කූඩුවකට සිදු විය හැකි හානි මෙහි දී අවම වීම විශේෂිතය.

                                           දැල් කූඩුවක් නිර්මාණය කිරීමට 
                  බට, බැරල්, ලණු, කුඩා නැංගුරම් හා සංස්ලේෂිත දැල් වර්ග අවශ්‍යවේ.


      (වගා කරන මාළු වර්ගය හා  මත්ස්‍ය බීජවල ප්‍රමාණය මත                                                                               කූඩුවේ ප්‍රමාණය හා දැල් ඇසක ප්‍රමාණය තීරණය වේ)

එහිදී, තිලාපියා, සාමාන්‍ය කාපයා වැනි මත්ස්‍ය විශේෂ වගා කරන අතර මසුන් දැඩි කිරීමේ දී වර්ග මීටරයකට 40ත් -80ත් අතර ප්‍රමාණයකින් බහාලනු ලැබේ. මෙලෙස, කූඩු කර මසුන් වගා කිරීමේ දී තමා විසින් නිශ්පාදනය කරන ආහාර මෙන්ම, වෙළද පොළේ ඇති මත්ස්‍ය ආහාර ද යොදා ගත හැකි.

මෙලෙස කූඩු කර මසුන් වගා කිරීමෙන් ඉහළ මත්ස්‍ය නිශ්පාදනයක් මෙන්ම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවි බල ගැන්වීමට හැකිවන අතර ඉන් ජනතාවගේ මන්දපෝෂණය හා දුප්පත්කම අවම වීමත් සිදු වේ. 

0 comments:

Post a Comment