April 3, 2014

නිවසේදී පිළිකාව හඳුනා ගනිමු

මාතෘභාවය පිළිබඳ පරීක්ෂණයට සමාන පරීක්ෂණයක් මඟින් ශරීරය තුළ ඇති පිළිකාවන් නිවසේදී හඳුනාගත හැකි තාක්ෂණය පිළිබඳව තොරතුරු වාර්තාවේ. කඩදාසි තීරුවක් මත මුත්‍රා තැවරීමෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කළ හැකි. බොහෝ පිළිකා මුල් අවධියේදීම හඳුනාගැනීමට මෙම සරල ක්‍රමයෙන් ඉඩ සැලසේ.එවිට එම රෝග වලින් සුවවීමේ හැකියාවද ලැබේ.
සංවර්ධිත හා සංවර්ධන වන රටවල් වල පිළිකා හා හෘද රෝග තැතිගන්වන සුළු ලෙස ව්‍යාප්ත වීම සිදුවේ. ඒනිසා හැකි තරම් කඩිනමින් මුල් අවධියේදීම පිළිකා සහ හෘද රෝග පිළිබඳ දැනගැනීම මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා වැදගත්වේ යැයි ඇන්ඩ්‍රෘ වැරක් පවසයි. ඔහු මැසචුසෙටිස් තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් වන අතර මෙම පර්යේෂක කණ්ඩායමේ නායකයාද වේ.
පිළිකා ප්‍රෝටීන වලින් ලැබෙන සංඥා , ක්ෂය රෝගය සහ ඒඩ්ස්  වැනි සමාජ රෝග වලදී මෙන් පහසුවෙන් හඳුනාගත නොහැක. මෙම ගැටළුවට පිළිතුරක් ලෙස පර්යේෂකයන් විසින් නැනෝ පරිමාණයේ ජීවසලකුණු කාරකය (Bio Markers) නිර්මාණය කර තිබේ. ජීවසලකුණු කාරකය (Bio Markers) රුධිර සංසර පද්ධතියට එන්නත් හැකිය.
පිළිකා සෛල මඟින් නිපදවන සුවිශේෂි ප්‍රෝටීන සමඟ ප්‍රතික්‍රියා කිරීමට හැකිලෙස සෑම ජීවසලකුණු කාරකයක්ම නිර්මාණ කර ඇත. එකිනෙක ප්‍රතික්‍රියා කිරීම නිසා ප්‍රෝටීනය, ජීවසලකුණු කාරකයේ කුඩා කොටසක් කපා ඉවත් කරයි. ඉවත් වු කොටස මුත්‍රා සමඟ පිටවේ.
මාතෘ‍භාවය පිළිබඳ කරන පරීක්ෂණයක් ආකාරයට නව පරීක්ෂය ක්‍රියා කරයි. විශ්ෂිත කඩදාසි තීරුවක මුත්‍රා තැවරීමෙන් මුත්‍රා සමඟ පිටවු ජීව සලකුණු කාරක ඉතිරිවු කොටස කඩදාසි තීරුව මත විශේෂ සලකුණක් මතු කරයි. එමඟින් පිළිකා සෛල ඇති බව හඳුනාගත හැකිවේ. ජීවසලකුණු කාරකය හඳුනාගත හැකි ප්‍රතිජීවක වලින් කඩදාසි තීරුව ආලේපනය කර තිබේ. සම්පූර්ණ ක්‍රියාවලියට පැය 1 ක පමණ කාලයක් ගතවේ.
ආලේපිත කඩදාසි තීරුවට colon පිළිකා පමණක් නොව ලේ කැටිද හඳුනාගත හැකි බව PNAS සඟරාවේ පළවී තිබේ. ලේකැටි හඳුනා ගැනීමෙන් හෘද රෝග ප්‍රවණතා පිළිබඳ ඉඟියක් ලැබේ. විවිධ පිළිකා වර්ග හඳුනාගැනීම ඉලක්කකොට  ජීවසලකුණු කාරකය නිපදවිය හැකි බව වොරන් පවසයි. පර්යේෂක කණ්ඩායම මිනිසුන්ගේ භාවිතය සඳහා මෙය වෙළඳපොළට ලබාදීමට කටයුතු කරමින් සිටියි.
 දුගී ජාතින් සඳහා ලබාගැනිමේ හැකියාව සහිත මෙවැනි වෛද්‍ය තාක්ෂණයන් තවත් තිබෙන බවත් ඒ අතර පිළිකා හඳුනාගන්නා කඩදාසි තීරු තාක්ෂණය එක්වීම වැදගත් බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරියක් වන ලිනා නිල්ස්සන් ප්‍රකාශ කරන්නීය. මෙවැනි  ලෙඩ රෝග හඳුනාගත හැකි පහසු ක්‍රම ඇති වුවද හඳුනාගත රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම පහසු වී නැත. ඒ නිසා මිනිසුන්ට තදබල රෝග ඇතිබව දැනගැනීමට පහසුකම් සැලසීම සහ එහෙත් ඒවාට ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම ගැටළුකාරි බව ලිනා තවදුරටත් පැවසුවාය.


  උපුටාගැනීම: cancer diagnosis as simple as pregnancy test, Aviva Rutkin, new scientist

0 comments:

Post a Comment