April 3, 2014

ක්ලෙස්ටරෝල් මට්ටම අවම කරන ආහාර

ආහාර ඔබගේ රුධිරගත ක්ලෙස්ටරෝල් මට්ටම අවම කිරීම සදහා වැදගත් මෙහෙයක් ඉටුකරයි. ආහාර වර්ග 5 ක් මගින් ක්ලෙස්ටරෝල් මට්ටම අවම කරන අතර ඔබේ හදවතද ආරක්ෂා කරයි.
ඕට් පිටි බදුනකට ක්ලෙස්ටරෝල් මට්ටම අවම කල හැකිද?
එසේම වොල්නට්  අහුරකින් සහ හදවතට හිතකර මාගරින් වලින් බේක් කරන ලද අර්තාපල් වලට මෙම ක්ලෙස්ටරෝල් මට්ටම අවම කිරීමේ හැකියාව තිබේද?
ව්‍යායාම සහ හදවත සුවපත් කරන පුරුදු ක්ලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට උදවු කරයිද?

1.     ඕට් පිටි ඕට් නිවුඩු සහ තන්තු බහුල ආහාර
ඕට් පිටි වල ද්‍රාව්‍ය තන්තු ඇත. එමගින් Low-Density Lipoprotein(LDL) හෙවත් අහිතකර ක්ලෙස්ටරෝල් මට්ටම අවම කිරීමේ හැකියාව ඇත‍. මෙම ද්‍රාව්‍ය තන්තු kidney beans, ඇපල් පෙයාස්, බාර්ලි සහ Prunes වල අන්තර්ගතය.
ඔබේ රුධිර ප්‍රවාහයට ක්ලෙස්ටරෝල් අවශෝෂණය කිරීම අවම කිරීමේ හැකියාව මෙම ද්‍රාව්‍ය තන්තු ග්රැම් 5 – 10  හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් total සහ LDL ක්ලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.පිසින ලද ඕට් පිටි කෝප්ප 1 ½ කින් ද්‍රාව්‍ය තන්තු ග්රැම් 6 ක් ලබා දෙයි. මෙයට කෙසෙල් වැනි පළතුරක් එකතු කර ගැනීමෙන් මෙම ද්‍රාව්‍ය තන්තු ප්‍රමාණය ග්රැම් 4 කින් වැඩිකර ගත හැක.
2.     මාලු සහ Omega -3 මේද අම්ල
තෙල් සහිත මාලු වල Omega -3 මේද අම්ලය බහුලව අන්තර් ගත බැවින් මෙවැනි මාලු ආහාරයට ගැනීමෙන් හදවත නිරෝගිමත් වේ. මෙම මේද අම්ල මගින් රුධිර පීඩනය සහ රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවනතාව අඩු කරයි. දැනටමත් හෘදයාබාධයන්ට ලක් වූ රෝගීන්ට මත්‍යස තෙල් හෝ Omega -3 මේද අම්ල භාවිතයෙන් හදිසි මරණ සිදුවීමේ අවදානම අඩුකිරීමේ හැකියාව ඇත.
ඇමරිකානු හදවත් සංගමය මගින් අවම වශයෙන් සතියකට දෙවරක් මෙවැනි තෙල් සහිත මාලු ආහාරයට ගැනීමට අවශ්‍ය බව අනුමත කර ඇත.
Omega -3 මේද අම්ල බහුල ආහාර ලෙස
·         Mackerel, ·         Lake trout , ·         Herring , ·         Sardines , ·         Albacore tuna , ·         Salmon , 
·         Halibut හැදින්විය හැක.
ඉහත සදහන් මත්‍යසයින්ගේ අන්තර්ගත අහිතකර මේද අම්ල ශරීරයට එකතුවීම වැලැක්වීමට මෙම මාලු බේක් කිරීම හෝ ග්‍රිල් කිරීම අවශ්‍යෙ වේ.මාලු ආහාරයට ගැනීමට ප්‍රිය නොකරන්නේ නම් Omega -3 මේද අම්ල සුලු ප්‍රමාණයක් ground flaxseed වැනි ආහාර හෝ කැනෝලා තෙල් වලින් ලබා ගත හැක.

3.     Walnuts, almonds සහ වෙනත් ධාන්‍ය වර්ග
Walnuts, almonds සහ වෙනත් ධාන්‍ය වර්ග වලට රුධිරයේ ක්ලෙස්ටරෝල් අඩුකල හැක. අසන්තෘප්ත මේද අම්ල අම්ල බහුල Walnuts රුධිර නාල නීරෝගීව තබයි.දිනකට almonds, hazelnuts, peanuts, pecans සමහර pine nuts සහ walnuts අහුරක් ආහාරයට ගැනීමෙන් හදවත් රෝග අවදානම අඩු කරයි. මෙම ධන්‍ය වර්ග සීනි දවටා හෝ ලුණු මිශ්‍රකර ආහාරයට නොගත යුතුය.
සියලුම ධාන්‍ය වල ඉහල කැලරි ප්‍රමාණයක් ඇත. චීස් මස් පාන් වෙනුවට ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගන්න.




By - Mayo Clinic

1 comments:

We have more and more foods, Don't think about Rata kaama

Post a Comment