April 10, 2014

නිර්මාණශිලිත්වය වළකන භිය

මිනිසුනිගේ නිර්මාණශිලි හැකියාව ඉදිරියේ ඇති ප්‍රධාන බාධාව ඔවුන්ගේ භිය බව ප්‍රකට මානසික විශේෂඥයකු වු ආචාර්ය විල් සුට්ස් පවසයි. මෑත කාලයේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරිකයකු වු සුට්ස් පුහුණු වැඩමුළු වලදී භිය සහ ව්‍යාකූලබව  නිර්මාණශිලිත්වය සිරකිරිම පිළිබඳ බොහෝ ලෙස වගකිව යුතු බව විස්තර කරයි. එහෙත් මෙම භිය කුමන ආකාරයේ ඒවාද ? නිර්මාණශිලිත්වය අහුරන වඩාත් පොදු භිය කිහිපයන් පහත දැක්වේ.
1.      නිර්මාණශිලි නොවන බවට වු භිය. එය නිවැරිදි බව පෙනෙන නමුත් නිර්මාණශිලි නොවන (නිර්මාණශිලිත්වය ප්‍රමාණවත් නැත) බවට වු භිය නිසා හටගන්නා උද්වේගය නිර්මාණශිලිත්වය අහුරන අංක 01 බාධකය වේ. සමහර පුද්ගලයින්ට විශේෂිත අවස්ථා වලදී සරල ලෙස තම නිර්මාණශිලිත්වය පිළිබඳ සැක පහල කරගන්නා අතර තවත් සමහර පුද්ගලයින්ට විශේෂිත අවස්ථා වලදී නිර්මාණශිලි නොවීමට අනියත හැඟිමක් ඇති වේ. කෙසේවෙතත් උද්වේගය (ව්‍යාග්‍රතාව ) උපරිම වීම ස්වාභාවිකවම නිර්මාණශිලිත්වය වළක්වයි. ඔබ නිර්මාණශිලි නොවන බව සිතයි නම් බොහෝ ගැටළු වලට හේතුව එයයි. නිර්මාණශි වීමට භිය ඉවත්කර අදහස් ගලා ඒමට ඉඩ සලස්වන්න.
2.      යුක්ති සහගත නොවන බවට වු භිය. අන් අය සමඟ අදහස් හුවමාරුවේදී යුක්ති සහගත සහ තර්කානුකූල අදහස් ඉදිරිපත් කළ යුතුය. එහෙත් නිර්මාණශිලි වීමේදී බොහෝ තර්කානුකූල වීම පිළිබඳ සැළකිලිමත් වීම අවශ්‍ය නොවේ. ඔබගේ අදහස් ක්‍රියාත්මක කිරීමේදී යුක්ති සහගත විවරණය සම්බන්ධව ඔබගේ හැකියාව පිළිබඳ විශ්වාසය තබන්න.
3.      නින්දාව සහ දුෂ්කර අවස්ථාව (humiliatian and embarrassment) පිළිබඳ භිය, නිර්මාණශිලිත්වය ප්‍රමාණවත් නොවන බවට  වු භිය මෙන්ම නොසැහිම යන සිතුවිල්ල  නිර්මාණශිලිත්ව හැකියාව අවම කරයි. අන් අය සිතන දේ පිළිබඳ නිරතුරුව සිතීමෙන් ඇති වෙන උද්වේගය මඟින් නිර්මාණශිලිත්වය වල දැමීමක් සිදු වේ. අන් අයගේ ප්‍රතික්‍රියා පිළිබඳ සැළකිලිමත් විය යුතු මුත් එය ආරම්භක පියවරේදී නොවේ.
4.      නොසළකා හැරීම සහ අවතක්සේරු කිරීම පිළිබඳ භිය. අදහස් වලට අවධානය නොලැබෙනු ඇතැයි අපි බොහෝ විට කණගාටු වෙමු. “එවැනි යෝජනාවක් කිරීමට ඔබට බලයක් නොමැත” යන්න අප අසා ඇති හෝ යම් දිනක ඇසීමට සිදුවනු ඇතැයි අපි භියවෙමු. මේ නිසා බොහෝ නිර්මාණශීලි මිනිසුන් අදහස් ඉදිරිපත් නොකරයි.
5.      ප්‍රතික්ෂේප කිරීමේ භිය. අදහස් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කිරිම නොසළකා හැරිමට වඩා භායානකය. සෘණ ප්‍රතිඵල ලැබීම නිර්මාණශිලි බව මකා දමයි. ප්‍රායෝගික නොවන, ශඛ්‍යතාවක් නැති, විය නොහැකි ලෙස සම්ප්‍රදානුකූලව සලකන පරිසරයකදී මෙය වඩා තිව්‍ර වනු ඇත. යකඩ මෙන් නොසැලිම සමහර ඉහළ නිර්මාණශිලි අදහස් වලට මුල්වේ.
6.      වැරදීම පිළිබඳ භිය.සෑම අදහසක් සමඟ එය වැරදීමේ යම් අවධානමක් තිබේ. එම සංකල්පය පිළිබඳ අප අපහසුතාවයට පත් වුවද නව නිර්මාණාත්මක සංවිධාන වැරදීම් සතුටින් පිළි ගැනීමට හා එය නිර්මාණශිලිත්වයේම කොටසක් ලෙස සැළකිමට කටයුතු කරයි. නමුත් බොහෝ විට වැරදිම නිසා අදහස් දක්වන්නා බොහෝ ගැටළු වලට මුහුණ පෑම නිර්මාණශීලිත්වය වළක්වාලයි.
7.      අගය කිරිමක් හෝ ප්‍රමාණවත් ලාභයක් නොලැබීමේ භිය. ප්‍රතිලාභ සහ අගය කිරිම් සඳහා මිනිසුන් බොහෝ විට මහන්සියෙන් වැඩ කරයි. ප්‍රතිලාභ හා අගය කිරීම පිළිබඳ විශ්වාසය ඔවුන්ගේ භිය පහ කිරිමට හේතුවේ. එලෙසම ප්‍රතිලාභ හෝ අගය කිරිම් නොමැති විට එහි ප්‍රතිවිරුද්ධ ලෙස ඔවුන් උත්සහ කළද ඔවුන්ගේ ක්‍රියාශිලිත්වය නැති වේ.

ආචාර්ය ෂුල්ට්ස් හඳුනාගත් ඉහත භිය වලින් ඔබගේ නිර්මාණශීලිත්වය පසුබෑමට හේතුවන දේ පිළිබඳ ලැයිස්තුවක් සකස් කර ගන්න. එවිට ඒවා පරදවා ඔබගේ නිර්මාණශිලිත්වය ගොඩනැඟිය හැකිය.


උපුටා ගැනීම:-
Letting Go of Fear to Help the Creative Process by Business Consultants


0 comments:

Post a Comment