April 17, 2014

රාත්‍රියේදී විදුලි බල්බ වන සුර්ය කෝෂ

සුර්ය කෝෂ නිෂ්පාදනය සඳහා සුදුසු ද්‍රව්‍ය වල ආවේණික ලක්ෂණ විය යුත්තේ ආලෝකය අවශෝෂනය කිරීමේ හැකියාවයි. ආලෝකය නිකුත් කිරීමේ හැකියාව අවශ්‍ය නොවේ. එහෙත් ආලෝකය අවශෝණය කර ගැනීමේ හැකියාව සහ නිකුත් කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයක් සිංගප්පුරුවේ හැන්යැන්ග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ  පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. පෙරෝව්ස්කයිට් (Perovskite) නම් මෙම ද්‍රව්‍යයට විවිධාකාරයේ නව  යෙදුම් / නිෂ්පාදන බිහිකිරිමේ විභවයක් ඇති බව පර්යේෂකයෝ පවසති. සුර්යාලෝකය ස්වයංක්‍රියව ආරෝපණය වී ක්‍රියාත්මක වන ජංගම දුරකථන සහ රාත්‍රියේදී විදුලි පහන් ලෙස ක්‍රියා කිරිමට හැකි සුර්යකෝෂ උදාහරණ ලෙස දැක්විය හැක.

 Perovskite හොඳ සුර්යාලෝක අවශෝෂයකි. ග්‍රැෆීන්(graphene) පාදක කොටගත් Photo-voltaic (ප්‍රකාශ වෝල්ටීයඋපකරණයෙහි Perovskite භාවිතයෙන් 15.6% ක කාර්යක්ෂමතාවක් දක්වා ඇත. විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම Perovskite ආලෝකය නිකුත් කරන බව සොයාගෙන ඇත්තේ අනපේක්ෂිතවය. භෞතිකවේදී සම් ටිසේ චෙන් විසින් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂක ෂින් ගියු චොන් හට ඔවුන් සංවර්ධනය කළ Perovskite ද්‍රව්‍යය ලේසර් කිරණයකින් දීප්තිමත් කරන ලෙස උපදෙස්දීමෙන් මෙම අනපේක්ෂිත සොයා ගැනිම සිදුවී තිබේ. බොහෝ විදුලි කෝෂ ද්‍රව්‍ය හොඳින් ආලෝකය අවශෝෂණය කර ගත්තද Perovskite කෝෂ ලේසර් නිසා ආලෝකය විහිදු වීමෙන් පර්යේෂකයෝ සතුටට පත්විය.

"අප සොයා ගත් ද්‍රව්‍ය ගුණාත්මක බවින් ඉහළ වේ. එය හොඳින් ආලෝකයට නිරාවරණය වේ. එපමණක් නොව එයට ආලෝක අංශු ග්‍රහණය කරගෙන ඒවා විදුලිය බවට පරිවර්තනය කිරීමේ සහ විදුලිය, ආලෝකය බවට පරිවර්තනය කිරීමේ හැකියාව තිබේ. " යයි සම් පවසයි. Perovskite හි සංයුතිය වෙනස් කිරීමෙන් නිකුත් කරන ආලෝක වල වර්ණ වෙනස් කළ හැකිය. ඒනිසා එය පැතලි දර්ශන තිර සඳහා යෝග්‍ය වේ.  මේ අනුව ජනෙල් විදුරු Perovskite මඟින් වර්ණ ගැන්වීමෙන් ජනෙල් විදුරු දහවල් කාලයේ සුර්යකෝෂ ලෙස ක්‍රියාකර රාත්‍රියේදී  විදුලි පහන් ලෙස ක්‍රියාත්මක කළ හැකිය. ලේසර් නිෂ්පාදන සඳහාද Perovskite සුදුසුය


මෙවැනි ද්‍රව්‍යයක් අඩු වියදමින් පරිසර හිතකාමි ගොඩනැගිලි සඳහා මහා පරිමාණයෙන් යොදා ගැනීමට සුදුසු ලෙස සැකසීමට පර්යේෂකයන් විසින් කටයුතු සිදු කරන අතර ඔවුන්ගේ සොයා ගැනිමට (නව සුර්යකෝෂ අමුද්‍රව්‍ය) පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කර තිබේ. 

උපුටාගැනීම :
Solar material that can absorb light during the day & emit light at night by Darren Quick

0 comments:

Post a Comment