February 26, 2014

තරු තොරතුරු

නාසා හි   Wide Ifrared survey Explorer (WISE) මෙහෙයුම HOT - DOGS  නමින් හදුන්වන අති විශාල කලු කුහර රාශියක් හා දූවිලි නිසා අදුරු වූ මන්දාකිණි රාශියකගේ සොයා ගැනීමට මග පාදා ඇත.
දුරේක්ෂ භාවිතයෙන් ලබාගත් ඡායාරූප මගින්  දූලි වලින් පිරි අදුරු කුහර විශාල ප්‍රමාණයක් සහ තවත් 1000 ක් පමණ දූලි වලින් සමන්විත වස්තූන් සහිත දැනට සොයා ගෙන ඇති දීප්තිමත්ම මන්දාකිණිය අනාවරණය කරගෙන ඇත. මෙම බලවත් වු මන්දාකිණි HOT - DOGS නමින් හදුන්වන අතර මේවා අධෝරක්ත කිරණ මගින් දීප්තිමත් ලෙස බැබලෙයි.
WISE   විසින් මුලු අහසම දෙවාරයක් 2011 වන විට අධෝරක්ත කිරණ මගින් පරීක්ෂා කරන ලද අතර දුරේක්ෂ මගින් මිලියන සංඛ්‍යාත ඡායාරූප ප්‍රමාණයක් ලබාගන්නා ලදි. මෙම මෙහෙයුමෙන් එක් රැස් කරගන්නා  ලද සියලුම දත්ත පොදුවේ මුදාහැර ඇත්තේ ලොව වටා සිටින තාරකා විද්‍යාඥයන්ට මෙමගින් අලුතෙන් යමක් සොයා ගැනීමට පිටුවහලක් වන ලෙසය.
නවතම සොයාගැනීම් මගින් තාරකා විද්‍යාඥයන්ට මන්දාකිණි මැද ඇති කලු කුහර පරිණාමයට පත්වෙමින් වර්ධනය වන ආකාරය ගැන මනා අවබෝධයක් ලබාගැනීමට උදව් වී ඇත. උදාහරණයක් වශයෙන් අප ක්ෂිරපථයේ මැදඇති කලුකුහරය වන සැජිටේරියස් A(Sagittarius A) අප ඉරට වඩා මිලියන හතර ගුණයක ස්කන්ධයක් ඇති අතර මෙය එක් එක් කාල වල දී ආහර ලබා ගැනීමේ උන්මාදයකින් පෙලෙන්නෙකු මෙන් නොයෙකුත් වස්තූන් ඒ තුලට ඇදගන්නා අතර මේවා උණුසුම් වි වටපිටාවට ආලෝකය විහිදවනු ලබයි. මධ්‍යයේ පිහිටි කලු කුහර සුර්යයාට සාපේක්ෂව බිලියන ගණනකින් විශාල වුවහොත් ඒවා තරු වල බිහි විම නතර කර දැමීමට පවා බලවත් බව සොයාගෙන ඇත.
එක් අධ්‍යයනයක දී ගගනගාමින් WISE මගින් සක්‍රිය තත්වයේ ඇති 2.5 මිලියන ප්‍රමාණයක අති විශාල කලු කුහර ප්‍රමාණයක් හදුනාගෙන ඇති අතර සමහර ඒවා ආලෝක වර්ෂ මිලියන ගණ‍නක් ඈතින් පිහිටා ඇත. මේවායින් 2/3 පමණ පෙරකාලීනව සොයාගෙන නොතිබුනේ මේවායින් විහිදෙන දෘශ්‍ය ආලෝකය දූවිලි වලින් අවහිර වී ඇති බැවිනි. නමුත් WISE මගින් මේවා දැකිය හැක්කේ මෙම බලවත් මුර්ගයන් විසින් දූවිලි රත් වීම නිසා විහිදෙන අධෝරක්ත ආලෝකය නිරීක්ෂණය කල හැකි බැවිනි.
WISE මගින් සිදුකරන ලද තවත් අධ්‍යයනයන් දෙකකදි පරීක්ෂකයන් විසින් මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූ දීප්තිමත්ම මන්දාකිණිය සොයාගැනිම සාක්ෂාත් කරගන්නා ලදි. දැනට ඔවුන් මේ සදහා 1000 ක් පමණ අපේක්ෂකයන් තෝරාගෙන ඇත.
මෙම වස්තූන්හට අපගේ සූර්යයා මෙන් ට්‍රිලියන සියයක තරම් ප්‍රමාණයක ආලෝකයක් විහිදුවා යැවිය හැක.  නමුදු මේවා දූවිලි වලින් යුක්ත බැවින් WISE විසින් නිකුත් කරන ලද දිගම තරංග ආයාම ඇති
අධෝරක්ත කිරණ වලට පමණක් නිරාවරණය වේ. නාසාහි Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම Hot-Dogs මගින් දූලි හා වායු පමණක් නොව අලුත බිහිවුන තාරුකා ද තම ආහාර වේලට එකතු කරගෙන ඇති බව පෙන්වාදෙන ලදි.
 Caltech’s Sub millimeter නිරීක්ෂකාගාරය හා එක්ව WISE විසින් මෙම මන්දාකිණි වල උෂ්ණත්වය අධෝරක්ත කිරණ වලින් දීප්තිමත් වන මන්දාකිණි වලට වඩා දෙගුණයක් බව සොයාගෙන ඇති අතර මෙයට හේතුවක් ලෙස මෙම අති විශාල කලු  කුහර වල සක්‍රීයතාවය හේතුවෙන් දුලි වලා රත් විම සදහන් කරයි. Sub millimeter නිරික්ෂකාගාරයෙහි අධ්‍යයනයන් හි ප්‍රධාන රචකයා වන Jingwen පවසන අන්දමට මෙය මන්දාකිණා වල පරිණාමය පිළිබදව නව හා දුර්ලභ සොයාගැනිම් රාශියකට මුල් වනු ඇත.

උපුටා ගැනිම  අන්තර්ජාලය ඇසුරිනි.

http://astronewsastroannda.wordpress.com/2012/09/12/black-holes-by-hot-dogs/more-835

0 comments:

Post a Comment