February 12, 2014

වගා ජලය පිරිමහන සංවේදක ( ජල බින්දුවකට වැඩි ඵලදාවක්)

  වගා බිම් වල පස තුල තැන්පත් කරන නව  සංවේදක මගින් පසෙහි තොරතුරු ලබා දී ජලය භාවිතා කිරීම පිරිමසාලනු ලැබේ. එක්සත් රාජධානියේ ,මෙසයාර්හි බොහෝ ගොවි බිම්වල පස තුලට  මෙවැනි  සංවේදක මාර්තු මාසයේදී ඇතුලත් කිරීමට නියමිතය. කිසිදු අළුත්වැඩියාවකින් තොරව වසර ගණනවක් ක්‍රියාකාරී විමට ඒවාට හැකිය. සංවේදක මගින් පසෙහි උෂ්ණත්වය සහ තෙතමනය සම්බන්ද තොරතුරු රැහැන් විරහිතව සම්ප්‍රේෂණය කරයි.ලොව පුරා සිටින ගොවීන්ට / වැවිලි කරුවන්ට අනාගත පරපුර වෙනුවෙන් ජලය ආරක්ෂා කරමින් වේගවත්ව වර්ධනය වන ජනගහනය පෝෂණය කිරිමට අවශ්‍ය සාරවත් ඵලදාවක් ලබා  ගැනිමට  මෙම  සංවේදක තාක්ෂණය ප්‍රයෝජනවත් වේ.
දැනට මැන්චස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරවලදී අත්හදා බලන නව  සංවේදක නිපදවීමට අඩු මුදලක් වැය වේ.අඩු බලශක්තියකින් ක්‍රියා කරන අතර වසර ගණනාවක් නඩත්තුවකින් තොරව ප්‍රයෝජනට ගත හැකිය. RFID හඳුනා ගත හැකි කුඩා උපකරණයන් ට්‍රැක්ටරයේ සවීකිරිම මගින් ට්‍රැක්ටරය ධාවනය වන විට විවිධ ස්ථාන වල පසෙහි උෂ්ණත්වය සහ තෙතමනය සම්බන්ධව තොරතුරු ට්‍රැක්ටරයේ සටහන් වේ. එමගින් ලබා දිය යුතු ජල ප්‍රමාණය නිමානය වී ජලය අවශ්‍ය ප්‍රමාණයට පමණක් පසට ලබා දිය හැකි බව පර්යේෂක වොන් චැන්ග් පවසයි.
 නබරස්කා - ලින්කන් විශ්ව විදල්‍යාලයේ  පර්යේෂකයෝ,  චොන් චැන්ග්ගේ  සංවේදක තාක්ෂණය ඉහළ පරිමාණයෙන් ව්‍යාප්ත කිරීමට කටයුතු කරති. ඔවුන් මේ සදහා ප්‍රධාන වාරිමාර්ග සමාගම් කිහිපයක් සම්බන්ධ කරගෙන තිබේ. ඵලදාවට කිසිදු හානියක් නොවී මෙමගින් ජලය  30% - 40% ක ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වේ. තවද ජලය වැඩිවිමෙන් සිදුවන ඵලදාව අඩු විමද වළක්වයි.
ජනගනය වර්ධනය, අහාර අවශ්‍යතාවය ඉහළයාම සහ ජල සම්පත් සීමා විම මෙම තාක්ෂණයේ වැඩි දියුණුවට බෙහෙවින් හෙතු වී තිබේ. විශේෂයෙන් සංවර්ධනය වන රටවල ජනගහනය වේගයෙන් වර්ධනය වන නිසා ජල අවශ්‍යතාවය ඉතා ඉක්මනින් දෙගුණ විය හැකි බැවින්  “ ජල බින්දුවකට වැඩි ඵලදාවක් ” යන ආදර්ශ පාඨය අනුව කටයුතු කිරිමේ අවශ‍්‍යතාවය දිනෙන් දින තීව්‍ර වනු ඇත.    

උපුටාගැනීම: Ploughable sensors help farmers get more crop per drop  30 January 2014 by Hal Hodson     http://www.newscientist.com/article/mg22129544.300-ploughable-sensors-help-farmers-get-more-crop-per-drop.html#.Uvr5QJJHLhw


http://www.youtube.com/watch?v=ayJfOs-BO90

0 comments:

Post a Comment