February 5, 2014

තෙමිය නොහැකි සිල්ක් කමිස

නෙළුම් කොළයට වැටුණු ජල බිංදු කොළය නොතමා පහලට රූටා වැටෙන සේ, සිල්ක් කමිසයට වැටෙන ද්‍රව බිංදු කමිසය තෙත් නොකර පහලට ගලා යයි. නිනිති තාක්ෂණය භාවිතයෙන් සැකසු තින්ත විදීමෙන්(spraying) බ්ලොක් ගල්, බිත්ති, හම්, රෙදි වැනි නොයෙක් ද්‍රව්‍ය තෙත් වීමෙන් වළකා ගත හැකි බව අපි අසා ඇත්තෙමු. 2014 මැයි මාසයේ වෙළඳපොට ඒමට නියමිත මෙම සිල්ක් කමිස නිෂ්පාදනයට වෙනත් තාක්ෂණයක් භාවිතාකර තිබේ. නොතෙමී සිටීමට කටයුතු කරන බල ක්ෂෙත්‍රයක් ලෙස ක්‍රියාත්මක කරන ජලභීතික රෙදි වලින් සෑදු මෙම සිල්ක් කමිසය ද්‍රව විකර්ෂණය කරයි. 
නව ව්‍යවසායකයකු වු ආමීර් පටෙල් නිර්මාණය කළ ජලභීතික සිලිකා කමිසය(hydrophobic Silica Shirt)  පිටතින් සරල සිල්ක් කමිසයක ලෙස දිස්වේ. ඕනෑම රෙදි සාප්පුවකින් මිලදී ගත් කමිසයක් මෙන් වු එයට වතුර වීදුරුවක් වත්කළ විට වෙනස හඳුනාගත හැකිවේ. මෘදු පොලියෙස්ටර් රෙද වලට අන්වීක්ෂ සිලිකා අංශු ස්ථරයක් එක් කිරීමෙන් සිලිකා අංශු රෙදිවල නුල් (කෙඳි) සමඟ බැඳි වායු බාධකයක් නිර්මාණය කරයි. එමඟින් දහඩිය ඇතුළු ඕනෑම ජල පාදක ද්‍රවණයක් ඇඳුමට උරා නොගෙන පහලට ගලා යයි. තෙතමනය රඳා නොපවතින නිසා දිලීර (bacteria) වර්ධනය නොවීමෙන් ඇඳුම පහසුවෙන් අපවිත්‍ර නොවේ. ඒ නිසා සේදීමට අවශ්‍යවන්නේ කලාතුරකිනි.
 
වෙළඳපොලේ ක්‍රියාකාරි ලෙස ජලයට ඔරොත්තුදෙන (දියවරන) ආලේප බොහෝ ඇත. Never wet එලෙස හොඳින් ක්‍රියාකරන ආලේපයක් වුවද කිහිපවරක් සේදීමෙන් ආලේපය ඉවත් වනු ඇත.  Never wet හි මෙම අඩුපාඩුව නිසා තමා ජලභීතික සිලිකා කමිසය (hydrophobic Silica Shirt) නිෂ්පාදනයට පෙළඹුණු බව පටෙල් පවසයි.පටෙල් පවසන පරිදි සිලිකා කමිසය සාමාන්‍ය කමිසයක් සේ ඇඟට පහසුය. එහි ජල ආරක්ෂක ලක්ෂණයට හානි පැමිණෙනුයේ 80 වරකට වරකට වඩා සේදීමෙන් පසුවය.
එක දිනයක් ඇතුළත රු.25,00,000 ක අලෙවි ආදායමක් ලබා ගෙන ඇති සිලිකා කමිසය මේවන විට තරුණ ව්‍යවසායකයාට විශාල ආදායමක් ලබාදී තිබේ. මිල අධික සිලිකා කමිසය කුඩා මධ්‍යම විශාල හා වඩා විශාල යන ප්‍රමාණයන්ගෙන් සහ කළු සුදු වර්ණ වලින් සමන්විත.

උපුටාගැනීම:Hydrophobic Silic shirt repels sweat and stains  By Jonathan Fincher  December 22,


0 comments:

Post a Comment