February 6, 2014

සීනි වලින් බැටරි

අද දවසේ ලොව හොඳම නැවත ආරෝපණය කළ හැකි කල් පවතින බැටරිය (විදුලි කෝෂය) ලෙස ලිතියම් බැටරිය සැලකේ. එහෙත් එයද වසර කිහිපයකදී  අක්‍රිය වන අතර පරිසරයට විෂ අපද්‍රව්‍ය ලෙස එකතු වේ. කෙසේ වෙතත් තව වසර කිහිපයකදී ලිතියම් බැටරියද ක්ෂූද්‍ර ජීවීන් නිසා විනාශයට පත්වෙන (Biodegradable) සහ නැවත පිරවිය හැකි බැටරි විශේෂයකින් පුනස්ථාපනය වනු ඇත. සීනි වලින් ක්‍රියාකරන මෙම නව බැටරි විශේෂය වඩා වැඩි ශක්ති ඝනත්වයකින් යුක්ත සහ අඩු මිලක් සහිත වේ.
සිනී යනු ශක්තිය ගබඩා කළ හැකි ස්වභාවධර්මයේ පරිපූර්ණ සංයුතියක් වේ. යැයි වර්ජනියා ටෙන්ස් හී මහාචාර්ය වයි.එච්. පර්සිවල් සෑන්ග් පවසයි. මෙම පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු එනිසා මෙම ස්වභාවධර්මයේ ශක්තියෙන් ප්‍රයෝජන ගෙන පරිසර හිතකාමි ලෙස බැටරි සකස් කිරීමට අප උත්සහ කිරීම තාර්තිකයි තවදුරටත් සඳහන් කරයි.
  
සීනි බැටරි සදහා වු එකම පර්යේෂණය මෙය නොවුනද මෙහිදී ප්‍රමාණාත්මකව වැඩි බල ශක්ති ඝනත්වයක් ලබා ගත් බව ප්‍රකාශ වේ. ඇත්ත වශයෙන් එය එන්සයිම ඉන්ධන කෝෂ වර්ගයකි. Maltodextrin යනු පිෂ්ඨය ජලවිච්ඡේදනයෙන් සාදාගත් පොලිසැකැරයිඩයකි (Polysaccharide). සීනි වල බන්ධන වේ. ඉන්ධන සඳහා Maltodextrin උපයෝගි කරගනු ලැබේ. සමාන්‍යයෙන් යොදා ගන්නා අධිමිල පැලැටිනම් ඇනෝඩ වෙනුවට අඩු මිල එන්සයිම ඇනෝඩ ලෙස සීනි බැටරි සඳහා යොදා ගනි. Maltodextrin වාතය සමඟ මිශ්‍ර වු විට ජලය සහ විදුලිය නිපදවයි. ජල ඉන්ධන කෝෂ මෙන් නොව සීනි බැටරි ගිනි ඇවිලෙන සුළු හෝ පුපුරණ සුළු නොවේ (nonexplosive). භාවිතා කරන්නන් ප්‍රින්ටරයක (Printer) කාට්රිජ් නැවත තීන්තෙන් පුරවන ආකාරයට සීනි බැටරිද  නැවත සීනි වලින් පිරවිය හැකිය. තව වසර දහසකින් ඉලෙක්ට්‍රෝනික උපකරණ සදහා සීනි බැටරි වලින් බලශක්තිය ලබාදිය හැකි බව සැන්ග් විශ්වාස කරයි.

උපුටාගැනීම:

 Sugar batteries could be greener, cheaper and store more energy than lithium-ions

By Ben Coxworth  January 21, 2014


http://www.youtube.com/watch?v=yIwWlTMe-_Y

0 comments:

Post a Comment