February 17, 2014

පාස්වර්ඩ් අමතක කරමු

විවිධ බැංකු කාඩ්පත් වලට,පරිගණක වලට, G-Mail, Face Book වැනි පෞද්ගලික ගිණුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පාස්වර්ඩ් (Password) විශාල ප්‍රමාණයක් මතකයේ තබා ගැනීම අපහසුය. එනිසා බොහෝ විට ඒවා ලියා තබා ගත යුතුය. එවිට එහි රහස්‍ය /පෞද්ගලික භාවයට හානි පැමිණේ. තවදුරටත් Password මතක තබා ගැනීම අවශ්‍ය නොවේ. ඔබගේ එදිනදා ජිවිතයේ නොපැහැදිළි කරුණු මඟින් පෞද්ගලික ගිණුම් ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රමයක් කැනඩාවේ කාල්ටන් විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ.
කථන සහතික කිරීම (narrative authentication) නම් මෙම පද්ධතිය කාසන් බ්‍රවුන් සහ ඔහුගේ මිතුරන්ගේ නිර්මාණයකි.එහිදී පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ පසුබිමෙන් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වේ. මෘදුකාංගය මඟින් කොතරම් වේලාවක් විඩියෝ ක්‍රිඩාවේ යෙදීමට ගත කළාද? එම ක්‍රිඩාව කුමක්ද? කුමන අධියරයේදී නවත්වන ලද්දේ ද යන තොරතුරු සටහන් කරගනු ලැබේ. Foursquare වැනි සමාජ ආරක්ෂණ සේවා සපයන පද්ධතියක හෝ Facebook හි කොතරම් කාලයක් ගත කළාද? ඒවාට ඔබගේ නිර්මාණ හා තොරතුරු ඇතුළු කිරීම පමණක් නොව වාචිකව ඇතුළත් කළ විශේෂ සිදුවිම්ද සටහන්වේ.(උදා :- රියදුරු බලපත්‍රය ලැබුණු දිනය) 
මෙවැනි බොහෝ තොරතුරු සටහන් කර ගත් පසු මෘදුකාංගය මඟින් තොරතුරු පදනම් කරගත් ප්‍රශ්ණාවලියක් නිර්මාණය කරනු ලැබේ.  මේ අනුව ඔබගේ පෟද්ගලික ගිණුම් වලට අවතීර්ණ විමට කථන සහතික කිරීම ලබා ගැනීම, සටහන් සහිත වික්‍රමාන්විත (adventure) ක්‍රිඩාවක් වැනි යැයි බ්‍රවුන් පවසයි. එය විනෝදජනකය, Password මතක තබා ගන්නා මෙන් අපහසු නැත. මෙම මෘදුකාංගය ප්‍රථම වරට පසුගිය සැප්තැම්බර් මස පැවැති ආරක්ෂාව පිළිබද සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කර තිබේ.
ගිණුම් වලට අවතීර්ණ වීමේ විවිධාකාර උපක්‍රම අතරට නව ක්‍රමය  ප්‍රයෝජනවත් එක් කිරිමක් බව එක්සත් රාජධානියේ BTS ආයතනයේ ප්‍රධාන ආරක්ෂක සමික්ෂක ආර්.ජී. හතොක් පවසයි.අහඹු වදන්මාලා වලට වඩා කතාන්දර සඳහා මිනිසා වැඩි ප්‍රියතාවයක් දක්වන බව ද හතොක් ප්‍රකාශ කරයි.

උපුටාගැනීම : Log your routine & say goodbye to password  By Paul Marks

0 comments:

Post a Comment