June 27, 2019

ඡංගම භාෂා පරිවර්තකය


විදේශගතව ව්‍යාපාර කටයුතු වල නියැලෙන්නන්ට හා බහු විධ ඡාතින් වාසය කරන රටක වෙසෙන්නන්ට විදේශ භාෂාවක් හෝ කීපයක් කතා කිරිමට හැකි විම යනු දේවාශිර්වාදයකි. එසේම ඔබ රැකියාවක් සදහා අයදුම් කිරිමේදි ඔබගේ සුදුසුකම් වර්ධනය කිරිමට ද එය උපකාරි වේ.
ඔබ සමාජ සේවකයකු ඹෟෂධවේදියකු ජාත්‍යයන්තර වෙළද ව්‍යාපාරිකයකු හෝ පිටරට වල සංචාරය කරන්නෙකු වන්නේ නම් ඔබට විදේශ භාෂාවන් දැන ගැනිමේ වාසිය හොදින් දැනෙනවා ඇති.


ඔබට භාෂාවන් කීපයක් කතා කළ නොහැකිද
එසේ නම් වාසනාවකට මෙන්  සුප්‍රසිද්ධ ඡපන් ඡාතික නව නිපැයුම්කරුවන් දෙදෙනෙකු විසින් MUAMA ENENCE නමින් හැදින්වෙන ක්ෂණික භාෂා පරිවර්ථන උපකරණයක් නිපදවා තිබෙනවා. එමගින් ඔබට භාෂා 40කට අධික සංඛ්‍යාවක් තත්ය කාලීනව පරිවර්තනය කර ගත හැකි වන අතර ඔබ ඒ සදහා සරල විධානයන් කිපයක් ලබා දීම පමණයි සිදු කල යුත්තේ.


මේ කුඩා උපකරණය විශේෂ වන්නේ ඇයි

#වෙනත් භාෂාවක් සමග ක්ෂණික සන්නිවේදනය
නව භාෂාවක් ඉගෙනීම මාස ගණනක් ගත වන කාර්යයක් වන අතර ඒ සදහා මහත් වු කැපකිරිමක් සිදු කිරිමට අවශ්‍ය වේ. නමුත් MUAMA ENENCE උපකරණ මගින් එය ක්ෂණිකව සිදු කර ගත හැක.
            
           #භාවිතයේ පහසුව
මෙහි ඇති සැහැල්ලු කුඩා සැකසුම නිසා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකිය.දෛනිකව භාවිතයට ගත හැකි විම.

#දරා ගත හැකි මිල ගණන්.
MUAMA ENENCE අඩු මිලට වෙලදපොලට හදුන්වා දී ඇති උපකරණයකි.ඔබ පරිණත පලපුරුදු භාෂා පරිවර්තකයකුගේ සේවය ලබා ගැනිමේදි සිදු කරන වියදමට වඩා මෙම උපකරණ වරක් මිලට ගැනිමේ දි බෙහෝ කාලයක් ප්‍රයෝජනයට ගෙන හැකි වෙනවා මෙන්ම අවදානමක් දැරිමටද සිදුනොවේ.එසේම භාෂා 40කට නොඅඩු පුමාණයක් පරිවර්තනය කර ගැනිමටද පුළුවන්.

#විශිෂ්ඨ ශබ්ද තත්වය.
 ඡනාකිර්ණ ස්ථානයකදි වුවද ප්‍රමාණවත් ශබ්දයක් ලබා දෙන අතර සුපැහැදිලි හඩක් ඇති කරයි.

#භාෂා 40කට වඩා වඩා යොදා ගත හැකි වීම.
මෙය ද්වි ආංගික පරිවර්තනයකි.කථන භාෂා පරිවර්තනය මෙන්ම ලිඛිත පරිවර්තනයද සිදුකරයි.


Popular Science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.


0 comments:

Post a Comment