June 12, 2019

වායු බෙයාරින්

ක්‍රියාකාරිත්වය
වායු බෙයාරින් පිළිබදව ඉතිහාසයේ නොයෙක් අවස්ථාවන් වලදි අපට අසන්නට දකින්නට ලැබේ. මෙම අද්විතිය තාක්ෂණය පිළිබදව සොයා බැලිමේදි 1950 ගණන් වලදි හා 1960 ගණන් වලදි අභ්‍යවකාශ යානා වලට හා  ගුවන් යානා වලට වාණිඡමය මට්ටමෙන් භාවිතයට ගැනුනු foil bearing නම්  බෙයාරින් වර්ගයක් අපට හමුවෙයි.ඇත්ත වශයෙන් මෙහි සැකසුම ද සම්ප්‍රදායික බෙයාරිමක  සැකසුමට ආසන්නය.එනම් මෙහිදී ද ස්ටේටරයකින්(වටේ ආවරණය) හා රොටරියකින් (මැද කරකැවෙන කොටස)වායු බෙයාරිනයකින් යුක්ත වේ.එම කොටස් දෙක මධ්‍යයේ තුනී වායු පිරවුමකින් යුක්ත වේ.
මෙම වායු තීරය රොටරියේ අපගමනය වළක්වා රොටරිය ස්ටේටරය මධ්‍යයේ ස්ථාන ගත කරයි. මෙම වායු තීරයේ ප්‍රධාන තාක්ෂණික ලක්ෂණය වන්නේ දරා ගැනිම හා කම්පන අවශෝෂණය කිරීමයි.ඝර්ෂණය බින්දුවට ආසන්නව පැවතීම නිසා ශක්ති හානියක් සිදු නොවන අතර භාවිතා වන උපකරණයේ උපරිම කාර්යක්ෂමතාවය ලබා දෙයි.


ප්‍රධාන වශයෙන් දෙවර්ගයක වායු බෙයාරින් හමු වේ.එක් වර්ගයක් වන්නේ බාහිරින් සම්පිඩනය කරන ලද වායුව යොදා රොටරිය මධ්‍යනය කිරිමයි (රූපය 02).අනෙක් වර්ගය වන්නේ ස්වයං සිද්ධ වායු බෙයාරින් ක්‍රමයයි.(රූපය 03)


ස්වයංසිද්ධ වායු බෙයාරින්
මෙහිදි බාහිර වායු සම්පීඩන උපක්‍රමයක් නොමැති අතර වායු ස්ථරයේ පීඩනය රොටරියේ කැරකැවීම මත ඇතිවේ.කෙසේ වුවද රොටරිය අඩු වේගයකින් භ්‍රමණය වන අවස්ථාව නොඉස්සුණු භ්‍රමණ වේගය ලෙස හැදින්වේ.මෙම වේගය ක්‍රමයෙන් වැඩි වන විට ගුරුත්වාකර්ෂණය මැඩ පවත්වමින් රොටරියේ මධ්‍යය  දක්වා එසවීමට අවශ්‍ය බලය වායු ස්ථරය තුළ ගොඩනැගේ.

වායු බෙයාරින් භාවිතයේ ඇති වාසි     
*වායු බෙයාරින් සදහා අති දීර්ඝ ආයුකාලයක් හිමිය.
*ඔයිල් භාවිතයෙන් තොරයි.(මිනිස් පරිභෝජනය සදහා ආහාර  නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සදහා)

අවාසි
*වායු බෙයාරින් වල රොටරියේ සැකැස්ම සංකීර්ණ වේ.
*නිෂ්පාදන කර්තව්‍ය අපහසු විම.

වායු බෙයාරින් පද්ධතියක් නිර්මාණය කිරිමේදි ඇතිවන අභියෝග
01 සීමාකාරි සාධක තුල ක්‍රියාත්මක විම.
1.  උන්නතාංශය මත සිදුවන පීඩන වෙනස්  විම් ක්‍රියාකාරිත්වයට බලපැම
2. වායු ස්ථර තුල උෂ්නත්වය -30c සහ 200c අතර පුළුල් පරාසයක ක්‍රියාත්මක විම.
3. දෙදිරීම් සහ කම්පන වලදි විශ්වාසනීය ක්‍රියාකාරිත්වය

02 වායු බෙයාරින් සමස්ථ පද්ධතියේ  භ්‍රමණ  සහ තාප ගතික හැසිරිම සමීප සම්බන්ධීකරණයෙන් සැලසුම් සකස් කල යුතුයි.

 03 සමස්ථ පද්ධතිය නිර්මාණය කිරිමේදි පිරිවැය ඉතුරු විම.කෙසේ වෙතත් සමස්ථ නිර්මාණය හා සදහා ගණනය කිරිම් සියල්ල සිදු කරන ලද්දේ Celeroton   සමාගමේ කණ්ඩායමක් විසිනි.එසේම  මෙම වායු බෙයාරින් විවිධාකාර වායුන් සදහාද සාර්ථකව අත්හදා බලා තිබේ.
උදා-(සිසිල්කාරක  පද්ධති සදහා යොදන Methane, Butane වායු)


මුලාශ්‍රය-Celeroton.com

කේ.ජේ.ඒ.වි පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.                                                                                                                                                

0 comments:

Post a Comment