June 3, 2019

ත්‍රිමාණ මුද්‍රිත කාර්............

3D මුද්‍රණ ක්ෂේත්‍රයේ  නුතන සොයාගැනිම් මගින් බොහෝ පෙරලි සිදු වෙමින් පවති. මෙම නැගි එන තාක්ෂණය, නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සම්ප්‍රදායික යන්ත්‍ර සුත්‍ර භාවිතයේ ගැටළු වලට කදිම විකල්පයකි.
මෙම ත්‍රිමාණ මුද්‍රිත කාර් රථය මුල් වරට ප්‍රදර්ශණය තබා තිබුනේ චිකාගෝ හි පැවැත්වු ඡාත්‍යයන්තර තාක්ෂණික  ප්‍රදර්ශණයකදීය.

ඇත්තවශයෙන්ම මෙය තත්‍ය ස්වරෑපයෙන් වූ සියඵම අංගෝපාංගයන්ගේ සමන්විත මෝටර් රථයකි.එය ත්‍රිමාණ මුද්‍රණය සදහා පැය 44ක් ගත වී ඇති අතර එකලස් කිරීම සදහා දින 02ක් ගතව ඇත.
“Strati” ලෙස නම් කරන ලද මෙය මෝටර් රථ නිර්මාණකරුවකු වන Michele Anoe ගේ නිර්මාණයකි.ඉතාලියානු භාෂාවෙන් Strati යනු ස්ථර යන අරුත වේ. ස්ථර නිර්මාණය  සදහා යොදා ගෙන ඇත්තේ Acrylonitrile Butadiene Styrene (A.B.S) කාබන් ෆයිබර් තනි ඒකකයක් ලෙස භාවිතයට ගැනීමෙනි.

සාමාන්‍යයෙන් මෝටර් රථයක් විවිධාකාර වු කොටස් 20,000 කින් පමණ සමන්විත වේ.නමුත් මේ නවීන තාක්ෂණික උපක්‍රමය මගින් සියඵම යාන්ත්‍රික උපාංගද සහිතව සමස්ත කොටස් සංඛ්‍යාව 40ක් දක්වා අඩු කොට ඇත.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙවලම් (ආයුධ) සදහා වියදමක් නොමැති වීමයි.
මෙම තාක්ෂණය භාවිතා කරමින් විවිධාකාර වු සංකීර්ණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට වවිධ ලෝහ, ප්ලාස්ටික් හෝ සංයුක්ත ද්‍රව්‍ය යොදා ගත හැකිය. 

පෞරාණික වටිනාකමකින් යුක්ත මොටර් රථ යලි ප්‍රතිස්ථාපනය සදහා ද මෙම ත්‍රිමාණ මුද්‍රිත තාක්ෂණය යොදා ගත හැකිය.පැරණි වාහන එකතු කිරීම තුලින් ප්‍රසිද්ධියට පත් Jay leno නැමැත්තා විසින් වර්ෂ 1909 දී නිපදවනු ලැබු විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථයක් අඩු වියදමක් යටතේ යාවත්කාලීන කොට ඇත්තේ මෙම ත්‍රිමාණ මුදණයට  පින්සිදු වන්නටය.  ඔහු පවසන ආකාරයට පැරණි කාර් රථ එකතු කරන්නන්ගේ ප්‍රධානම අභියෝගය වන්නේ කොටස් නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි.යල් පැන ගිය යන්ත්‍රෝපකරණ නිසා නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර  ගැලපෙන කොටස් හමුවුව ද ඒවා අධික මිලෙන් යුක්ත වේ.මෙයට සුදුසුම විසදුම ත්‍රිමාණ මුද්‍රණය මගින් එම කොටස් නැවත සැකසීමයි.
කෙසේ වෙතත් මෙම තාක්ෂණික විප්ලවය හරහා මිනිත්තු 30 කටත් අඩු කාලයකින් වාහනයක් නිපදවීමට ගත හැකි බවට මත පලකොට ඇත.මෙම තාක්ෂණික විප්ලවයේ ඇසින් ද්‍රටු සාක්ෂිකරුවන් වීම ඔබ  සුදානම්ද......

SOURCE     Local Motors .Com
                  Popular mechanics .Com

සකස් කලේ-
කේ.ජේ.ඒ.වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව

0 comments:

Post a Comment