May 1, 2018

Spirulina


ස්පිස්පිරුලිනා “Spirulina” යනු සෞඛ්‍යය වාසි බොහොමයක් අන්තර්ගත වන ප්‍රභාසංස්ලේෂණය මගින් තම ශක්තිය පවත්වා ගෙන ඔක්සිජන් වාතය පිට කරනු ලබන බැක්ටීරියා “cyanobacteria” විශේෂයකි.ස්පිරුලිනා යනු තද කොල පැහැති ඇල්ගී විශේෂයක් වන අතර ජලාශ වල මතු පිට වර්ධනය වේ. ස්වභාවික ඇල්ගී වර්ගයක් ලෙස හඳුනවා දිය හැකි ස්පිරුලිනා ප්‍රෝටීන්, ප්‍රභල ප්‍රතිඔක්සිකාරක, විටමින් B සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක වලින් පොහොසත් වේ.
මස් මාංශ අනුභව නොකරන නිර්මාංශ පුද්ගලයින්ගේ ශරීරයට අවශ්‍ය වන යකඩ අවශ්‍යතාවය ස්පිරුලිනා මගින් ලබා ගැනීමට හැකි වන නිසා නිර්මාංශ පුද්ගලයින්ට ප්‍රෝටීන්, අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ යකඩ වලින් පොහොසත් ස්පිරිලුනා වඩාත් වැදගත් වේ.
ස්පිරුලිනා තුල අන්තර්ගත වන අධික ප්‍රෝටීන් ප්‍රමාණය සහ යකඩ ප්‍රමාණය ගර්භනී සමයේදී කාන්තාවන්ට අතිශය ප්‍රයෝජනවත් වන අතර සැත්කමකට භාජනය වූ අයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත සකස් වීමටද ස්පිරුලිනා වැදගත් වේ.
ස්පිරුලිනා තුල අන්තර්ගත වන පෝෂණ ගුණයන්:
ප්‍රෝටින්: බිත්තර ග්‍රෑම් එකක් තුල අඩංගු වන ප්‍රෝටීන් හා සංසන්දනය කරන විට ස්පිරුලිනා තුල ඉතා උසස් ගනයේ ප්‍රෝටීන් අන්තර්ගත වනවා. ස්පිරිලුනා සතු ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගැනෙන අතර එහි ප්‍රයෝජ්‍යකරණය 50-61% අතර ප්‍රමාණයක් ඇත.
විටමින් B1: තයමින් “Thiamin” යන නමින්ද හඳුන්වන විටමින් B1 අප ලබා ගනු ලබන ආහාර තුල අන්තර්ගත වන ප්‍රෝටීන් සහ මේදය ජීර්ණය කිරීමට වේ.ඒවගේම, විටමින් B1 මගින් ශරීර ශක්තිය වර්ධනය වීම, අක්‍ෂි සෞඛ්‍යය වර්ධනය වීම, මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය සහ ස්නායු වල ක්‍රියාකාරීත්වයද නිසි ලෙස වර්ධනය කරනු ලැබේ.
යකඩ: ස්පිරුලිනා යනු යකඩ අතිශය බහුල ශාකයක් නිසා නිර්මාංශ පුද්ගලයෙකුට අවශ්‍ය වන යකඩ ප්‍රමාණය සපයා ගැනීමේදී ස්පිරිලුනා අතිශය වැදගත් වේ.මස් මාංශ අනුභව කරන පුද්ගලයෙකුට පවා ස්පිරිලුනා ආහාරයට ගැනීම උසස් මට්ටමේ අවශෝෂණය වන යකඩ ශරීරයට ලබා ගැනීමට හැකි වේ.
කැල්සියම්: කිරි තුල අන්තර්ගත වන කැසියම් වලට වඩා 26 වතාවකින් ස්පිරුලිනා තුල අන්තර්ගත වේ.
විකිපීඩියා වෙබ්අඩවිය කරුණු දක්වන ආකාරයට ස්පිරිලුනා තුල අත්‍යාවශ්‍ය වෙනත් පෝෂක වන විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවන්), විටමින් B3 (nicotinamide), විටමින් B6 (පිරිඩොක්සින්), විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් C, විටමින් D, විටමින් A සහ විටමින් E පොටෑසියම්, කැල්සියම්, ක්‍රෝමියම්, කොපර්, යකඩ, මැග්නීසියම්, මන්ගනීස්, පොස්පරස්, සෙලේනියම්, සෝඩියම් සහ සින්ක් අන්තර්ගත වේ.
ශරීරයේ වේදනාවන් සමනය කිරීමට දායක වන gamma linolenic acid (GLA) ඇතුළුව අත්‍යාවශය මේද අම්ල සහ ප්‍රෝටීන් 65% පමණ ස්පිරුලිනා තුල අන්තර්ගත වේ.ශරීරය තුල සාමාන්‍ය ලෙස නිෂ්පාදනය වන GLA ආහාර මගින් ලබා මගින් ශරීරයට සපයා ගැනීම තරමක් අපහසු වන අතර GLA අඩංගු වන ආහාර අතලොස්ස අතරට ස්පිරුලිනාද එක් වේ.GLA මෙන්ම ස්පිරුලිනා තුල ඔමේගා 3, 6 සහ 9 යන මේද අම්ලද වැඩි වශයෙන් අන්තර්ගත වේ.
රුධිරයේ සීනි මට්ටම සමබර කිරීම සඳහා ස්පිරුලිනා මහත් සේවයක් ඉටු කරන බවට අධ්‍යයනයන් විසින් කරුණු දක්වා තිබෙනවා. ස්පිරිලුනා දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධයක් ලෙසද භාවිතා කිරීමේ හැකියාව ඇත. ස්පිරුලිනා මගින් රුධිරයේ සීනි මට්ටම අඩුකිරීම හැරුණු විට රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීමට දායක වන HbA1c මට්ටම පවා අඩු කරන බව ස්පිරුලිනා පිළිබඳ සිදු කරන ලද වෙනත් අධ්‍යයනයන් විසින් තහවුරු කර ඇත.
මෙහි ප්‍රතිඔක්සිකාරක බහුලව ඇත..
ස්පිරුලිනා තුල අඩංගු වන Chlorophyll මගින් රුධිරයේ අන්තර්ගත වන විෂ සහිත සංඝටක ඉවත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
උදාහරනයක් ලෙස ගත් විට ආසනික් විෂ ඉවත් කරයි .ආසනික් විෂ වීම ලොව පුරාම බලපා ඇති ගැටලුවකි.
ආසනික් විෂ වීම ඇති රෝගින් කිහිපදෙනෙකුට ස්පිරුලිනා 250 mg සහ 2mg සිනක්  දවසට දෙවරක් ලබා දීමෙන් ආසනික් විෂ ඉවත් වන බව පර්යේෂණ වාර්තා වලින් පෙන්වා දී ඇත.
Candida නම් රෝගයට එරෙහිව ක්‍රියා කර ප්‍රතිශක්තිය ඇති කිරීමට ස්පිරුලිනා ට හැකියාව ඇත.
පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියා කර ප්‍රතිශක්තිය ඇති කිරීමේ හැකියාව ඇත.
රැධිරයේ කොලෙස්ටරෝල් මටිටම අඩු කිරීමේ හැකියාව ස්පිරුලිනා වලට ඇත.
හදවත් රෝග වලින් ආරක්ෂා වීමේ හැකියාවද ස්පිරුලිනා වලට ඇත.
මෙවන් පෝෂණ ගුණ සපිරි දෑ වගා කිරීමට පෙලබීම ඉතා යහපත්ය.
උපුටා ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment