අපගේ අවසන් මොහොතේ මොළයට සිදු වන්නේ කුමක්ද? මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද? පිලිබඳව දැනගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක සිට නොයෙක් ආකාරයේ පර්යේෂණ හා අධ්‍යනයන් මගින් උත්සහ දරා තිබේ.
මාස කිහිපයකට පෙර ස්නායු විශේෂඥයින්
කණ්ඩායමක් අප මිය යන විට මොළයට සිදුවන්නේ කුමක් ද යන්න පැහැදිලි කරන ඔවුන්ගේ ඇතැම්
විශ්මයජනක පර්යේෂණ තොරතුරු වාර්තා කර තිබේ. මේ කරුණ සම්බන්ධ සතුන්ගේ තත්වය මින්
පෙර නිරීක්ෂණය කර ඇති නමුත් මිනිසුන් සම්බන්ධව එවැනි නිරීක්ෂණ වාර්තා වි නැත.
හෘදය වස්තුව නතර වීමෙන් පසු විනාඩි
කිහපයක් යන තෙක් මොළය "පණපිටින්" පැවතිය හැකි බව සනාථ වී ඇත. හෘද
ස්පන්දනය හෝ රුධිරය පොම්ප කිරීම නැවතුනවිට මොළයට ඔක්සිජන් සැපයීම ක්ෂණිකව නවතියි.
එමගින් අඩු වී යන ශක්තිය සංරක්ෂණය කිරීමේ අවසන් ප්‍රයත්නය ලෙස හදවත නැවතී තත්පර 20 සිට 40 දක්වා කාලයක් තුලදී " cerebral ischemia (මෂ්තිස්ක ඉෂ්මය)" ස්පන්දනය වන අතර නියුරෝන
මූලික වශයෙන් "sleeping
mode (නිදාගන්නා තත්වය)"ට පත්වේ. මේ මොහොතේ මොළය ඉලෙක්ට්‍රොනිකව අක්‍රියව
පවතින නමුත් එම අවස්ථාවේදී වුවද මොළය නැවත ජීවයට පත්කළ හැකි බව අවම වශයෙන් න්‍යායාත්මකව
දැක්වේ.
ඉන් විනාඩි කිහිපයකට පසු " brain tsunami (මොළේ සුනාමිය)" ලෙස හැඳින්වෙන
ස්නායු විද්‍යුත් ක්‍රියාකාරිත්ව හා තාප තරංගයක් මොළය හරහා විහිදුවා හරිම සිදුවේ.
ඉන්පසුව ස්නායු සෛල තුල හා පිටත අතර ඇති අයනවල අසමාන ව්‍යාප්තිය පවත්වා ගැනීමට
මොළයට නොහැකි වන බැවින් නියුරෝන විධ්‍රැවිකරණය වි
ඉලෙක්ට්‍රොනික රසායනික ශක්තියක් මුදාහරියි.
සෛල තුල අඩු ඍණ ආරෝපණයක් තත්වයක් ඇති
කරන විද්යුත් ආරෝපණ බෙදාහැරීමේ ක්‍රමයේ මාරුවීමකට සෛල භාජනය වි සෛල තුල වෙනස්
වීමක් සිදුවීම ජීව විද්‍යාත්මක විධ්‍රැවිකරණය ලෙස සැලකේ. සංකීර්ණ ජීවීන්ගේ බොහෝ සෛල
එහි බාහිරයට සාපේක්ෂව වඩා වැඩි සෘණ ආරෝපනයක් අභ්‍යන්තර පරිසරයේ පවත්වාගෙන යයි. එම
වෙනස “membrane potential
(ශෛලමය
පටල විභවය)” ලෙස හැඳින්වේ. විධ්‍රැවිකරණය ක්‍රියාවලියේදී සෛලයේ අභ්‍යන්තර ආරෝපණ
තාවකාලිකව වඩා ධනාත්මක (අඩු ඍණාත්මක) තත්වයකට පත්වේ.
අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ සහ ආඝාතය
පිළිබද පර්යේෂණ ක්‍රියාත්මක කරන චාලට් පර්යේෂණ කේන්ද්‍රයේ ආචාර්ය Jens Dreier (ජෙන්ස් ඩ්රෙයියර්) සමග ජර්මනියේ VICE සඟරාව පැවැත්වූ සාකජ්චාවේදී මෙවැනි ක්‍රියාවලියක්
පිලිබදව මින් පෙර Star
Trek නම් විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපටියේ සදහන් වි තිබුණද එය මිනිසුන්ගේ
මොලය සම්බන්ධ ස්නායු විශේෂඥයින්ගේ පර්යේෂණයක ප්‍රතිපලයක් නොවන බවත් එය බොහෝවිට
සතුන්ගේ මොලය සම්බන්ධව එවකට කර තිබු අධ්‍යනයක ප්‍රතිපල ආදේශ කිරීමක් විය හැකි බවත්
සදහන් කර ඇත.
"මෙලෙස මොළයේ ගවේෂණවල නියැලුණු පළමු පුද්ගලයා, 1940 ගණන්වලදී හාවන් පිළිබඳ අධ්‍යයනයන් කළ
බ්‍රසීලියානු ස්නායු මානසික විද්‍යාඥයෙක්. අපි කළ සම්පුර්ණ අධ්‍යයනය නම් එම ක්‍රියාවලිය
මිනිසුන් තුලද සිදුවන බව පෙන්වා දීම.” යැයි Dreier තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ
ලංකේශ්වර
https://youtu.be/_CWSNSY-dW8?t=89
0 comments:
Post a Comment