May 9, 2018

සුවිශාල තාරකා මණ්ඩල පොකුරක බිහිවීම


ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින් protocluster (ප්‍රෝටෝක්ලස්ටර්) ලෙස නම් කළ මන්දාකිණි පොකුරක උපත නිරීක්ෂණය කර ඇත. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත ක්ෂ්තිජයේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යූහයන් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.

විද්‍යාඥයන් විසින් මන්දාකිණි 14 ක් එකිනෙකා මත කඩා වැටීමේ මුල් අවධිය පෘථිවියේ වඩාත් බලසම්පන්න  දුරේක්ෂ භාවිතා කරමින් නිරීක්ෂණය කර තිබේ. මෙම මන්දාකිණි අපගේ ක්ෂීරපථ මන්දාකිණියට සාපේක්ෂව 1000 වතාවක් වැඩි වේගයකින් තරු සාදනු ලැබුවද මන්දාකිණි 14 ම අපේ මන්දාකිණියේ විශාලත්වය මෙන් හතර ගුණයක් පමණ ප්‍රදේශයකට සමාන වේ.

මන්දාකිණි එක්රැස්වීම පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.4 ක් එපිටින් සිදුවේ. ආලෝකය ගමන් කිරීමට සඳහා ගතවන මෙවැණි දිගු කාලය නිසා ඇත්තවශයෙන්ම විද්‍යායඥයන් නිරීක්ෂණය කරනුයේ අතීත (පැරණි) සිදුවීමක් වන අතර protocluster (ප්‍රෝටෝක්ලස්ටර්) SPT2349-56  නම් වූ එය විශ්වයේ වර්තමාන වයසෙන් දහයෙන් එකක් පමණ වූ අවධියේදී සිදුව ඇත. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එය සිදුවී ඇත්තේ මහා පිපිරුමෙන් (Big Bang) න් වසර බිලියන 1.4 කට පසුවය. අවුරුදු බිලියන 13.8 කට පමණ පෙර විශ්වය බිහිවීමට හේතු වූයේ Big Bang නම් මහා පිපිරුම ඇතිකළ බලවේගයයි.

 “මන්දාකිණියක පොකුරු ලෙස හැඩ ගැස්වන ආකාරය පිළිබඳ මෙතෙක් අප අවබෝධ කරගෙන නොමැති අඩුපාඩු හා ඇති සබැඳිය මෙයයි.” යැයි නිව්යෝර්ක්හි Flatiron (ෆ්ලැටිරෝන්) ආයතනයේ විද්‍යාඥයෙකු වූ Chris Hayward (ක්‍රිස් හේවඩ්)  පවසා තිබේ. මෙම මන්දාකිණී එක්රැස්වීම පිළබඳව තාරකා විද්යාඥයින්ද අප්‍රේල් මස අග භාගයේදී  වාර්තා කළේය.

කැනඩාවේ Dalhousie විශ්ව විද්‍යාලයේ Scott Chapman ( ස්කොට් චැප්මන්) මෙම වාර්තාකරණයේ ප්‍රධාන කතෘ වන අතර ඔහු, Yale විශ්ව විද්‍යාලයේ Tim Miller (ටීම් මිලර්) සහ පෙර සදහන් කළ Chris Hayward විසින් ඇන්ටාටිකාවේ පිහිටි South Pole Telescope (දක්ෂිණ ධ්‍රැවයේ දුරදක්නය) භාවිතා කරමින් මෙම protocluster නිරීක්ෂණයන් සිදු කර තිබේ.

මන්දාකිණි සමූහය එතරම් වේගයෙන් එතරම් විශාල ලෙස වර්ධනය වූවේ කෙසේද යන්න යම්කිසි අභිරහසක් බව චැප්මන් ප්‍රකාශ කළේය. හදිසියේම මෙම මන්දාකිණි සියල්ලම පහළවීම ඔබේ මුහුණට ක්ෂණික පහරක් වැදුනා වාගේ චැප්මන් කියයි.
 
නවීන විශ්වයේ දැකිය හැකි පරිණත මන්දාකිණි පොකුරු වලට පෙරාතුව මෙම protocluster නිර්මාණය වි ඇති බැවින් වර්තමාන පොකුරු පිහිටුවා ඇති ආකාරය සහ පරිණාමය වී ඇති ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා protocluster ඉතා හොඳ පරීක්ෂණ පසුබිමක් ලබා දෙයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
 https://youtu.be/rbHg9uSnlwo

0 comments:

Post a Comment