May 20, 2018

ස්වයංකීයව නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික මිතුරා

අපගේ සුපුරුදු කාර්යබහුල ජීවිතය තුළ, අපගේ නිවසේ  මල් පැල තබා ගැනීමට පසුබට වන අය එක් එක් හේතුවක් නම්, අපට දිනපතා ජලය දැමීමට අමතක වීමයි. මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු ප්‍රයත්නයකින් තොරව ස්වයංකීයව පැලෑටි වලට ජලය දැමීම සඳහා ප්‍රයෝජනවත් පරිපථයකි. මෙම පරිපථය පරිශීලකයා විසින් සකස් කර ඇති කාලයකට අනුව ජලය සැපයීම සිදුවේ. සෑම දිනකම උදෑසන පැළෑටි වලට ජලය ගලා යන ආකාරයට සකස් කල හැක.

පරිපථය සහ එහි ක්‍රියා කාරීත්වය

ස්වයංකීයව  නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල  සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ පරිපථ සටහන fig.1 හි දැක්වේ. මෙම පරිපථය මගින් එල්ඩීආර් එක මතට ආලෝකය පතිත වූ පසු උදෑසන වතුර වත් කරයි. එය සරල melody generator, Voltage Regulator 7809 (IC5), BC547 ටාන්සිස්ටරය (T1), ආලෝක සංවේදී  ප්‍රතිරෝධක (LDR1) සහ තවත් ඉලෙක්ට්‍රොනික් උපකරණ කීපයකින් සමන්විත වේ. ඒවා NE555 (IC1 සහ IC3) සහ  UDN2981 (IC2) වේ.

සාමාන්‍යය  PCB මත පරිපථය එකලස් කර සුදුසු ප්ලාස්ටික් පෙට්ටියක එය සවිකරන්න. B1 සහ B2 බැටරි සම්බන්ධ කරන්න. හිරු එළිය සෘජුව එල්ල වන පරිදි සුදුසු ස්ථානයක LDR තැබීම සුදුසු වේ. සුදුසු ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබා දීම් සඳහා VR1 සකසන්න. අපේක්ෂිත ජල සම්පාදන කාලය සඳහා සුදුසු ස්ථානයක DIP ස්විචය තෝරන්න. නිසි කාල ගැලපුම සඳහා VR2 සකසන්න. මෙම පරිපථය රාත්‍රී කාලයේදී 10 mA  ත් 20 mA  අතර වන ධාරාවක්ද, දහවල් කාලයේදී 20 mA ත් 35 mA ත් අතර ධාරාවක්ද, ජලය ලබා දීමේදී  150 mA ත් 200 mA ත් අතර ධාරාවක්ද ලබා ගනී. යෝජිත මුලාකෘති පරිපථය සහ ඇටවුම පහත රූප වල දැක්වේ.



ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

https://electronicsforu.com/electronics-projects/prototypes/automatic-plant-watering-system-with-melody

0 comments:

Post a Comment