January 6, 2014

හඳේ සවිකල සූර්ය පැනල වලින් පෘතුවියට විදුලිය


හඳේ සවිකල සූර්ය පැනල වලින් පෘතුවියට විදුලිය

  සඳ වටා සූර්ය පැනල සවිකර එමඟින් උත්පාදනය වන ශක්තිය පෘතුවියට ලබාගැනීමට ජපානය සූදානම් වෙනවා.
ජපානයේ Shimizu සමාගම මේ වනවිට සැළසුම් කරමින් සිටින්නේ සැතපුම් 6,850 ක් දිග පෘෂ්ඨයක් ඇති චන්ද්‍රයාගේ සැතපුම් 250ක් පළලට සූර්ය පැනල සවිකිරීමටයි.
එමඟින් උත්පාදනය වන ශක්තිය ලේසර් හා මයික්‍රෝවේව් බීම් මඟින් පෘතුවියේ අවශ්‍ය රට වලට වෙන වෙනම ලබාගැනීමට අපේක්ෂා කරයි.
චන්ද්‍රයාගේ සූර්යයා වටා ඇති පෘෂ්ඨයෙන් නිපදවෙන විදුලිය, පෘතුවියට ලඟම පෘෂ්ටයෙන් පෘතුවියට ලබා දෙන අතර ඒ සඳහා මීටර් 13ක විෂ්කම්භයක් සහිත ඇන්ටනාවක් අවශ්‍ය බව ඔවුන් පවසයි.
මෙමඟින් ටෙරාවොට් 13,000ක විදුලියක් අතර බවට සැලසුම් කර ඇති ඔවුන් පවසයි. එය ක්ෂය නොවන ශක්තියක් බවත්, කාබන් මොනොක්සයිට් පරිසරයට එකතුවීමද මෙමඟින් නතර වන බවත් පවසයි.
මෙම සූර්ය පැනල සවිකිරීම සඳහා සමතලා මතුපිටක් අවශ්‍ය නිසා කිලෝමීටර් 250ක් පළලට සඳේ පෘෂ්ඨය වටා ආවාට ගොඩ කිරිමට සිදුවෙනු ඇත. 
උපුටා ගැනීම  http://www.shimz.co.jp/english/theme/dream/lunaring.html

0 comments:

Post a Comment