January 23, 2014

සැඟවුණු විදුලි පේනු

බොහෝ විට ඔබ නිවසේ බිත්තියේ විදුලි පේනු ගැන එතරම් තැකීමක් නොකරනු ඇත. එහෙත් කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට විදුලි පේනුවලින් දරුවන් ආරක්ෂාකර ගැනීම ගැටළුවකි. ඒ සඳහා ඔව්හු නොයෙක් තාවකාලික පිළියම් යොදති. විදුලි රැහැන් නොමැති විදුලිය ද මෙතෙක් ලැබී නැත. ඒ කෙසේ වෙතත් සිදුරු සහිත විදුලි පේනු අවලස්සන ලෙස සැලකු ලේ ග්‍රාන්ඩ් ආයතනය ( Legrand ) නව විදුලි පේනුවක් සකස් කර තිබේ. මෙය එඹුවිට පිටතට එන (Popup outlet ) විදුලි පේනුවක් ලෙස නිර්මාණය කර තිබේ.

භාවිතයට නොගන්නා විට බිත්තියේ ඇති සමචතුරස්‍රකාර කොටුවක් ලෙස දිස්වේ. ඇඟිල්ලෙන් එඹුවිට ඝනකයක් ලෙස පිටතට නෙරා එන මෙම විදුලි පේනුවේ පැති තුනකම විදුලි උපකරණ සමබන්ධ කළ හැකි පේනු තුනක් තිබේ.

නව විදුලි පේනුව, භාවිතා කරන ඔබටම බොහෝ විට සවිකරගත හැකි වුවද බිත්තිය ඇතුළත ඒ සඳහා ප්‍රමාණවත් ඉඩක් එනම් ඝන සෙන්ටීමීටර් 361 ක් (ඝන අඟල් 22) අවශ්‍ය වේ. එහෙත් නව නිවාස සඳහා පහසුවෙන් සවිකර ගත හැකිය.

පිටරට නිෂ්පාදනයක් වු නව විදුලි පේනුව මිල අධික වුවත් එහි අනුකාරක නිෂ්පාදනයන් දේශීය වෙළඳ පොළට අඩු මිලකට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

උපුටාගැනීම:

0 comments:

Post a Comment