January 26, 2014

යීස්ට් වලින් ඉන්ධන

ඉන්ධන පරිභෝජනය දිනෙන් දින ඉහල යමින් පවතී .පොසිල ඉන්ධන දහනය වායුගෝලය උණුසුම් වීමට හේතු වේ.මෙයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතා කිරිම කාලෝචිතය
ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් විසින් නව ක්‍රමවේදයන් සොයාගැනීම් වල නිරත වෙමින් සිටියි.
පහත ක්‍රමවේදයන් භාවිතා කර ජෛව ඉන්ධන නිපදවිමට හැකි බව සොයා ගෙන ඇත.
ඇල්ගී භාවිතයෙන්  ජෛව ඉන්ධන නිපදවීම
දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන නිපදවීම
එළවඵ තෙල් වලින්  ජෛව ඉන්ධන නිපදවීම
නවතම පර්යේෂණයක් වන්නේ යී ඡාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද යීස්ට්  සෛල  වලින් ජෛව ඉන්ධන නිපදවීමයි.
ඡාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද යීස්ට්  සෛල  වලට සීනි ලිපිඩ සහ තෙල් බවට පත් කිරීමේ හැකියාව ඇත.  90% ප්‍රතිශතයකින් මෙම යීස්ට් සෛල වලට සීනි සහිත උපස්තරය ලිපිඩ බවට පත් කිරීමේ හැකියාව ඇති බව Cockrell School's McKetta හි Hal Alper,පවසා තිබේ.මෙම ක්‍රමය වාණිජ වශයෙන් වාසිදායක වනු ඇත.


උපුටා ගැනීම
University of Texas at Austin (2014, January 22). Engineer converts yeast cells into 'sweet crude' biofuel. ScienceDaily. Retrieved January 25, 2014, from http://www.sciencedaily.com­ /releases/2014/01/140122091950.htm

0 comments:

Post a Comment