January 3, 2014

කතාකරන සජීව ත්‍රිමාණ රූප

දුර බැහැර සිටින කෙනෙකුගේ ජීව ප්‍රමාණයේ ත්‍රිමාණ රූපයක් හා සංවාදයේ යෙදීමට ඔබට හැකිවීම. ඔබට කෙසේ හැගෙන්නේද? එය සැබැවින්ම  අනාගතය හෝ සිහිනයක් විය හැකිය. එහෙත් 21 වන සියවස අගභාගයේ දුර බැහැරකට /රටකට යැමට සැරසි ප්‍රථමයෙන් ඔබ විමසනු ඇත්තේ කෝ මගේ Holographic Projector බැග් එකට දැම්මාද?  එමඟින් ඔබ කොහේ සිටියද ඔබට ඔබේ ඥාතීන්, හිතමිතුරන්, කාර්යාල සමඟ  ජීව ප්‍රමාණයේ සජීව ත්‍රිමාණ කිරණ රූපයක් ලෙස (ළඟ සිටිනවා මෙන්) සංවාදයේ යෙදීමට හැකියාව ලැබේ. කැලිෆෝනියාවේ, චැට්ස්වර්ත් හි ප්‍රොමිසන් ආයතනයට මෙම සිහිනය පියවරකින් සැබැ කිරීම සඳහා ඔවුන්ගේ Holovision (සජීව ත්‍රිමාණ රූප දැක්ම/හොලෝවිසන්) සඳහා ජීව ප්‍රමාණයේ Holographic projector(හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපණ යන්ත්‍රය) මඟින් උත්සහ කරයි. ලබන වසරේදී මෙය ළිදැක්වීමට සමාගම කටයුතු කරමින් සිටියි.
විශේෂ කණ්ණාඩි හෝ කාච නොමතිව පෙනෙන ත්‍රිමාණ රූප නිෂ්පාදන ක්‍රමයක් වු ariel හෝ volumetric (පරිමාමිතික) රූපකරණය මෙම Holographic projector (හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපණ යන්ත්‍රය) භාවිතා කරයි. එය ඩිජිටල් LED තිරයක් හා අවතල කාච උපයෝගි කරගෙන ත්‍රිමාණ රූපයක ක, ප්‍රක්ෂේපකයෙන් පිටතට මුදා හරියි. දැනට නිෂ්පාදිත කුඩා ප්‍රමාණය Holographic projector(හොලෝග්‍රැපික්    ප්‍රක්ෂේපකය)දර්ශන මතුපිටෙන් සෙමි.30 ක් පිටතින් සජීව ත්‍රිමාණ රූප කිරණ පතිත කරයි. ජීව ප්‍රමාණයේ සජීව ත්‍රිමාණ රූප දැක්ම සඳහා මෙය තවදුරටත් වර්ධනය විය යුතුය. මෙම තාක්ෂණය මඟින් වඩා පැහැදිලි රූපයක් ජනනය කළ හැකි බවත් එය අපැහැදිලි හෝ බැලීමෙන් අපහසුතාවයට පත්වීමක් ඇති නොවන බවත් ප්‍රොමිසන් ආයතනය පවසයි.
ප්‍රචාරණයක් ලෙස ප්‍රොමිසන් ආයතනය දැනටත් ත්‍රිමාණ ප්‍රක්ෂේපක නිෂ්පාදනය කරයි. එහෙත් වර්තමානයේ ඔවුන් සතු විශාලතම ප්‍රක්ෂේපකයට නිර්මාණය කළ හැකි රූපයේ ප්‍රමාණයඅඟල් 18 (සෙමි. 45.7) ක් පමණ වේ. ඔවුන්ගේ අභිප්‍රාය අඩි 06 ක් උසැති ත්‍රිමාණ රූපයක් අඩි 07 ක් දුරකින් නිරුපණය කිරිමයි (100º තියක් සහිත). මේ සඳහා නව දෘෂ්ටික හා ආලෝක ප්‍රභව සංවර්ධනය අවශ්‍ය වේ. එම තත්වය ලඟා කරගත් පසු පද්ධතිය කුඩා කර ගැනීමට බලාපොරොත්තුවේ. ඉන්පසු එම යෙදුම් අධ්‍යාපනය, ප්‍රතිකාර, විඩියෝ සම්මත්ත්‍රණ යනාදී කේෂත්‍ර සඳහා දියුණු කිරීමට අපේක්ෂිතය.මෙහි ඇති විඩියෝව  Holovision තාක්ෂණය හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කර තිබේ.

උපුටාගැනීම :Holovision aims at life-size 3D projections By David Szondy   July 29, 2013


0 comments:

Post a Comment