Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 17, 2017

ලංකාවේ වාසය කරන විෂකුරු සර්පයෝ

සර්පයන්  දෂ්ට කිරීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා ඔවුන් හදුනා ගෙන සිටීම ඉතා වැදගත් වේ. මේ සදහා
1.ඔවුන්ගේ බාහිර පෙනුම (හිස,කද සහ වලිගයේ ස්වභාවය)
2. ශල්ක හෙවත් කොරපොතු වල සංවිධානය
3. දේහ ලක්ෂණ පිළීබදව සැලකිලිමත් වීමෙන් මොවුන් පහසුවෙන් හදුනා ගත හැක.

Common Cobra (Najanajanaja) යන  සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  නාගයාට ඉහලට එසවිය හැකි පෙණයක් ඇති අතර උඩු තොලයට ඉහලින් ඇති තෙවන ශල්කය ඇස හා නාස් විවර අසල වූ ශල්කය සමග සම්බන්ධයි. දේහයේ ඉදිරි කොටසේ  මතුපිට දර්ශනීය සලකුනු  ඇත. සිනිදු ශල්ක වලින්  සිලින්ඩරාකාර දේහය ආවරනය වී ඇති අතර දිගු වලිගයකින් සමන්විත මෙම සර්පයා උග්‍ර විෂ සහිතය. මෙම  විෂ ශරීරගත වීමෙන්  ස්නායු පද්ධතිය මත බලපෑම් ඇති කරයි.
Commonkrait (Bungaruscaeruleus)
තෙල් කරවලා (මග මරුවා)
මග මරුවා හෙවත් තෙල් කරවලා වියලි කලාපයේ සිට මීටර 300 ක් දක්වා වන උස් භූමි ප්‍රදේශයේ ද වාසය කරයි.තෙල් කරවලා කලු පැහැයෙන් යුක්ත අතර  සුදු පැහැති මුදු පෙළක් දේහයේ අග දක්වා දිස්වේ . මෙම සර්පයාද උග්‍ර විශ සහිත සර්පයෙකි.මෙම සර්පයා ගේ විෂ ශරීරගත වීම මධ්‍යස්නායු පද්ධතිය වෙත බලපානු ලබන අතර ක්‍රමක්‍රමයෙන් ස්නායු පද්ධතිය අක්‍රියවීම සිදු වේ.මරණය සිදුවන්නේ ස්වසනය අපහසු වීමෙනි.  පැය 12ක් ඇතුලත රෝගියාට ප්‍රතිකාර ලබා දීම සිදුනොකල හොත් රෝගියා මිය යාමට ඉඩ ඇත.

Ceylon Krait (Bungarusceylonicus) හෙවත් දුනු කරවලා හෙවත් පොළොන් කරවලා තෙත් කලාපය සහ අතරමැදි කලාපයයේ ජිවත්වන තවත් උග්‍ර විෂ දරන සර්ප විශේෂයකි.




 තිත් පොලගා ගේ හිස ගෙලට වඩා පුලුල් අතර හිස මුදුන කුඩා ශල්ක වලින් ආවරනය වී ඇත.නාස් පුඩු විශාලය.ඇස් වලට ඉහලින් විශාල ශල්කයක් (කොරපොත්තක්) පවතී.දේහය පුරා ඉලිප්සාකාර (අණ්ඩාකාර) සලකුණු 22 සිට 24 දක්වා ප්‍රමාණයක් වලිගය දක්වාම    පිහිටා ඇත.උග්‍ර විශ සහිත සර්පයෙක් ලෙස හැදින්විය හැක
Trimeresurustrigonocephalusයන සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනුලබන පළා පොලගා කොළ රොඩු  ,පදුරු , තුරු ලතා  ආශ්‍රිතව ජීවත්වේ. තේ දලු කඩන අවස්ථාවේදී හා වල් පැල උදුලු ගාන අවස්ථා වලදී මෙම සර්පයා විසින් සපා කෑමට ගොදුරු වේ.
තිත් පොළගා ගේ හිස ගෙලට වඩා පළලින් වැඩි අතර හිස මුදුන කුඩා ශල්කයකින් ආවරනය වී ඇත.නාස් පුඩු වීශාලය. ඇසට ඉහලින් විශාල ශල්කයකි. දේහයේ පෘෂ්ඨීයව වලිගය දක්වා කලු පැහැති ඉලිප්සාකාර සලකුණු 22-24 දක්වා ප්‍රමාණයක් ඇත. උග්‍ර විෂ සහිත සර්පයෙකි.

මාපිලා (Cat–snake) ශාක ආශ්‍රිතව ජීවත් වන සර්ප විශේෂයක් වන අතර ලංකාවේ මාපිලා විශේෂ 4ක් පමණ ජීවත්වේ.සමහර මාපිලා විශේෂ ලා දුඹුරු පැහැයක් ගනී. තවත් විශේෂ තද දුඹුරු පැහැති හෝ ලා රතු පැහැතිය. තවත් ආකාරයක තද පැහැති හරස් තීරු   හෝ පැල්ලම් ඇත.සමහර විශේෂ වල මෙම සලකුණු අඩු වෙන් පෙන්නුම් කෙරේ.මෙම සර්පයා ද උග්‍ර විෂ සහිතය.සාමාන්‍යයෙන්  මරණය සිදුවන්නේ  නාගයා., තෙල් කරවලා සහ තිත් පොලගා වැනි සර්පයන් දශ්ඨ කිරීමෙනි. මීට අමතරව උග්‍රවිෂ රහිත සර්ප විශේෂ ද ලංකාවේ සිටී.

Sri Lanka hump- nosed viper (Hypnalenepa)
මූකලන් කුණකටුවා

Hypnalehypnale
යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන පොළොන් තෙලිස්සා හෙවත් කුනකටුවා වියලි කොල රොඩු ආශ්‍රිතව ජීවත්වන සර්ප විශේෂයකි. ගුලි ගැසුනු ආකාරයට සිටින මෙම ජීවියා ගේ හිස මුදුනෙහි  ඉදිරිපසට වන්නට විශාල ශල්කයක් ඇත. රබර් ,කෝපි හෝ කජු වගා වන් ආශ්‍රිතව මෙම සර්පයා ජීවත් වේ.
මෙම සර්පයා විසින් දෂ්ඨ කරනු ලබන්නේ වගා කටයුතු වල නියැලෙන ගොවීන්ය.
බොහෝවිට සර්පයන් දෂ්ඨ කරනු ලබන්නේ කෙනෙකුට සර්පයා පෑගීමෙනි.
සාමාන්‍යයෙන් තෙල් කරවලා, දුනු කරවලයා වැනි සර්පයන් රාත්‍රී කාලයේදි ඔවුන් ගොදුරු සොයා ගෙන පැමිණීමේදී (ගෙම්බන් , කටුස්සන් සහ  වෙනත් සර්පයන් ) දෂ්ඨ කිරීමට භාජනය වේ. බොහෝ විට රාත්‍රියට බිම නිදා ගන්නා අවස්ථා වලදි මෙම සර්ප දශ්ඨනයට ගොදුරු වේ.

පුද්ගලයෙක් සර්ප දෂ්ඨනයට ගොදුරු වීම දෛවෝපගතව සිදුවන්නකි. ඉන් සම්පූර්ණයෙන්ම වැලකීමට නොහැක.කෙසේ වෙතත් පහත කරුනු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මින් සිදුවන අනතුරු වලකා ගත හැක.
  •  දේශිය සර්පයන් හදුනා ගැනීම හා ඔවුන් ජීවත්වන පරිසරය හා ඔවුන් සැගවීමට කැමති ස්ථාන හදුනා ගැනීම.ඔවුන් ක්‍රියාශීලී වන්නේ වසරක, කවර කාලවකවානුවේද යන වග. දිවා කාලයේ සංචරනය හෝ රාත්‍රී කාලයේ සංචරනයේ යෙදේද යන බව. තවද  ඔවුන් වැඩි ක්‍රියාශීලිත්වයක් දක්වන්නට  කැමති කාලගුණික තත්ව
  • විශේෂයෙන්ම සර්පයන් දෂ්ඨ කිරීමට ගොදුරු වන්නේ වැස්සෙන් පසුව ,ගංවතුර කාලයේදී,අස්වැන්න නෙලා ගන්නා කාලයේදී හා රාත්‍රී කාලයේදීය.
  •  රාත්‍රී කාලයේදී සංචරණයේදී හා කැලෑ අකුලක ඇවිදී මේදී පාවහන් පැලදීම හෝ බූට්ස් පැළදීම සහ දිග කලිසම් ඇදීම.
  • රාත්‍රී කාලයේ සංචරණයේදී  විදුලි පන්දම් භාවිතය.
  • සර්පයා දෂ්ඨ කල ස්ථානයේ අයිස් තැබීමෙන් වලකින්න
  • සර්පයෙකු දෂ්ඨ කල විට ගොඩ බෙහෙත් කිරීමෙන් වලකින්න
  • දෂ්ඨ කරන ලද සර්පයා සෙවීමට කාලය ගත නොකරන්න. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කිරීමට සර්පයා හදුනා ගැනීම වැදගත් නොවේ.රෝගියාට ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට අනුවයි. නමුත් සපා කන ලද සර්පයා හදුනා ගත්තේ නම් ප්‍රතිකාර කිරීම පහසු වනු ඇත. කෙසේ වෙතත් රෝගියා හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු කල යුතුය. 
  • රෝගියාගේ හෘද ස්පන්ධනය වැඩිවීමෙන් විෂ පැතිරෙන වේගයද වැඩිවේ. මේ නිසා රෝගියා සන්සුන්ව තබාගැනීමට උත්සාහ කල යුතුය. .ප්‍රතිකාර ලබා දීමෙන් තුවාලය  සම්පූර්ණයෙන්ම සුව කල හැකි බව රෝගියාට තහවුරු කරන්න.   රෝගියා එහා මෙහා  චලනය කිරීමෙන් විෂ ඉතා ඉක්මනින් හෘදයට ගමන් කල හැකි නිසා රෝගියා හැකිතරම් නිශ්චලව තබා ගන්න. සර්පයා සපා කනලද ස්ථානය සබන් යොදා හොදින් සෝදන්න .ආසාධිත ස්ථානය හෘදය වස්තුවට පහලින් සිටින ලෙස තබා ගැනීමෙන් විෂ දේහය පුරා ගමන් කිරීම අවම කරගත හැක.
  •  රෝගියා පැළද සිටින මුදු,අත්ඔරලෝසු සහ වලලු වැනි ආභරණ ඉවත් කරන්න.සර්පයකු දශ්ඨ කල  සැනින් ඉදිමෙන නිසා  මෙවැනි ආභරණ ඉවත් කිරීමේදී රෝගියාට දැඩි වේදනාවක් ඇතිවේ.හැකි නම් රෝගියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ උණ,හෘද ස්පන්ධනය,ස්වසන වේගය,කෙරෙහි දැඩි අවධානය යොමු කරන්න
  • රෝගියා හදිසි තැතිගැනීමේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් රෝගියා බිම දිගා කර පාද  හෘදය මට්ටමට වඩා ඉහලට ඔසවා තබා හැකි ඉක්මනින් ලගම ඇති රජයේ රෝහලක් වෙත රැගෙන යායුතුය.  
         http://poisonoussnakessrilanka.blogspot.com/2009/11/poisonous-snakes-in-sri-lanka.html
         https://en.wikipedia.org/wiki/Sri_Lankan_krait

        ටී.එම්.හේමමාලි
        විද්‍යා හා තාක්ෂණ නිලධාරි
        විදාතා සම්පත් මධ්‍යස්ථානය, මාතර 

July 13, 2017

පොදු ප්‍රවාහන සේවය සදහා රියදුරු රහිත වාහන

රියදුරු රහිත (ස්වයං) මෝටර් වාහන ධාවනයේ ඉදිරි පියවරක් ලෙස පොදු ප්‍රවාහන සේවය සදහා රියදුරු රහිත කුඩා බස් රථ ධාවනය කිරීමට මේ වසර අගදී එංගලන්තය කටයුතු කරන බව වාර්තා වේ.

Milton Keynes නගරයෙහි මින් පෙර ක්‍රියාත්මක කළ රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවා අත්හදාබැලීමේදී ඒ සදහා මගීන්ට පෙර ලියාපදිංචිවීමට සිදු වූ නමුත් මෙවර ප්‍රවාහනය අපේක්ෂා කරන මහමඟ සිටින ඕනෑම මගීයෙකුට නව සේවාව ලබාගත හැකිය. ගඟ අසළ නැවතුම්පලින්  සහ රැහැන් මෝටර් රථ පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන නව ප්‍රවාහන සේවය අතරමැද නැවතුම්පළවල් 4 ක නැවත්වීමට නියමිතය.

රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවයට රියදුරෙකු නොමැති වුවත් පරීක්ෂණ ධාවනයේදී ආරක්ෂක නියාමකයෙක් සම්බධව සිටියි. තවද වේගය පැයට කිලෝමීටර 15 කට සිමා කර ඇති බැවින් දරුණු රිය අනතුරක් සිදු නොවන අතර ගැටලුකාරී අවස්ථාවකදී බසයේ වේගය අඩු කිරීමට හෝ ස්වයංක්‍රිය පාලනය වෙනස් කිරීමට ආරක්ෂක නියාමකට හැකියාව තිබේ.

හිත්රෝ ගුවන්තොටුපලින් දැනට ක්‍රියාත්මක ස්වයංක්‍රිය පොදු ප්‍රවාහන සේවයේදී ඒ සදහාම නිර්මාණය වූ මාර්ග භාවිතා කරන නමුත් නව රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවය මගින් මහාමාර්ගයේ සාමාන්‍ය මගී හා මෝටර් වාහන ගමනාගමනයට කිසිදු සිමා කිරීමක් සිදු නොවේ.

දැනට දුම්රිය හෝ බස්රථ සේවා නොමැති මාර්ග සදහා රියදුරු රහිත පොදු ප්‍රවාහන සේවාව පහසුවෙන් හදුන්වාදිය හැකි බව මෙම අත්හදබැලීම මෙහෙයවන  TRL ආයතනයේ Simon Tong පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රියදුරු රහිත කුලී රථ ධාවනය Uber සමාගම මගින් Pittsburgh නගරයේදී ක්‍රියාත්මක කළ අතර මෙම වසර අගදී ස්වයංක්‍රිය ප්‍රවාහනය තරඟකාරී Lyft සමාගම මගින් Boston නගරයේ ක්‍රියාත්මක කරන බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

 https://www.youtube.com/watch?v=SjCqE7aYUyE

July 10, 2017

4G වලට වඩා වේගවත් PCell තාක්ෂණය

දැනට පවතින 4G තාක්ෂණයෙන් ලැබෙන වේගය අභිබවා යා හැකි තාක්ෂණික හැකියාවකින් යුත් නවතම රැහැන් රහිත ජාලය ලෙස PCell (Personal Cell) හැඳින්විය හැකියි. මෙම තාක්ෂණික ක්‍රමවේදය සොයාගෙන ඇත්තේ Artemis නම් ආයතනය මගිනි.


දැනට 4G තාක්ෂණයෙන් දත්ත සේවා සැපයීම සඳහා භාවිතා කරනු ලබන්නේ ප්‍රාදේශීයව යම් යම් ස්ථානවල ඉදිකරනු ලැබූ විශාල කුළුණුය. නමුත් මෙම කුළුණුවල සිට දත්ත දුර්වලවීමකින් තොරව යැවිය හැකි වන්නේ ඉතා කෙටි දුරක් පමණි. අදටත් 4G තාක්ෂණය නාගරික ස්ථාන කීපයකට පමණක් සීමා වී තිබෙන්නේ එබැවිනි.  එනිසා  4G තාක්ෂණය අදටත් ගම්බද අයට සිහිනයක් වී ඇත.
මේ ගැටළුවට හොඳ විසඳුමක් සපයන්නට  PCell තාක්ෂණයට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වනු ලබන්නේ 4G තාක්ෂණයට වඩා වෙනස් ආකාරයකටයි. මෙම PCell උපකරණ ඉතා කුඩා ප්‍රමාණයේ රවුටර්යක් වැනිය. එය සෑම නිවසකටම එකක් වන සේ සවි කරනු ලැබේ. ගුවන්විදුලි සිග්නල් වඩාත් දියුණු මට්ටමකට වැඩිදියුණු කිරීමෙන් මෙම PCell උපකරණ අතර සන්නිවේදනය සිදු කරනු ලබනවා. 

මේ තාක්ෂණයේදී භාවිතා කරන PWave ගුවන්විදුලි තරංග දත්තයන් සම්පේ‍්‍රෂණය කිරීම සදහා භාවිතා කරන්නේ miliwatt 1 ක් පමණයි. එම හේතුව නිසා මෙම ජාලයත් සමග සම්බන්ධ වීමේදී දුරකතනයන් මගින් වැයවෙන්නේ ඉතාමත්ම සුළු බලයක් වන අතර නිරන්තරයෙන් තරංග සෙවීම ද අවශ්‍ය වන්නේ නැහැ.
එම සමාගම නිවෙස් වල වහලවල් 350 ක් පමණ PCell උපකරණ සවි කරමින් මුළු නගරයම ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බව පැවසෙනවා. ඉදිරියේදී ලෝකවාසී ජනතාවට මෙම සුපිරි වේගවත් ජාලයේ පහසුකම් අත්විදීමට හැකියාව ලැබෙනු ඇති බව නිෂ්පාදකයින් පවසනවා. නමුත් මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතර කෙසේ ව්‍යාප්ත වනු ඇත්දැයි තවමත් නිගමනය කරන්නට බැහැ.

Vidatha - Nochchiyagama.
Sources: https://en.wikipedia.org/wiki/PCell_(telecommunications), https://techguru.lk/explained/pcell-1000-times-faster-than-4g/

July 9, 2017

php - பகுதி 1


இணைய வலைப்பக்கங்களை உருவாக்குவதற்காக பயன்படுத்தப்படும் சர்வர்(Server) உரையாக்கத்தை கொண்ட ஒரு கணினி மொழியாகும். இவ் கணினி மொழியினை கற்பதற்கு முன்னர் இது தொடர்பான ஆரம்ப அறிவு கொண்ட HTML, CSS, Javascript போன்ற மொழிகளை கற்றல் சிறந்ததாகும்.

இவ் PHP இன் விரிவாக்கமாக Hypertext Preprocessor எனும் சொல் பயன்படுத்தபடுகின்றது. இது அதிகமாக பயன்படுத்தப்படும் திறந்த மூல மொழியாகும். இவற்றினுடைய ஸ்க்ரிபிட்டுகள் சர்வர் எனப்படும் சேவையகத்தில் செயல்படுத்தப்படுகின்றன. இதனை இலகுவாக தரவிறக்கம் செய்து கணினியில் பயன்படுத்திகொள்ளலாம். தற்போதைய கணினி உலகில் பெரிதாக பேசப்படும் Wordpress மற்றும் சமூகவலைத்தளத்தின் அரசன் எனப்படும் Facebook என்பன இவ் மொழியினை பயன்படுத்தியே செயல்ப்பட்டுவருகின்றன.

இவ் மொழியானது அதிகளவு பயன்படுத்த காரணமாக பின்வருவனவற்றை சொல்லி கொள்ளலாம்.

  1. இதன் மூலமாக மாறும் பக்கத்தை கொண்ட வலைதளத்தினை உருவாக்கமுடியும்.
  2. இது சர்வர் எனப்படும் சேவையகத்தினை பயன்படுத்தி கோப்புகளை திறக்கவும், வாசிக்கவும், எழுதவும், அழிக்கவும் முடியும்.
  3. இதன் மூலமாக தரவுகளை சேகரிக்க முடியும்.
  4. இதன்மூலமாக உங்களது தரவுத்தளத்தில் (database) உள்ள தரவுகளை சேர்க்கவும் அழிக்கவும் திருத்தவும் முடியும்.
  5. முக்கியமாக இது தரவுகளை உரிய முறையில் பாதுகாக்கின்றது.
இவ் PHP மொழியானது அனைத்து வகையான கணினி இயங்குதளங்களிலும் இயங்ககூடிய வகையில் செயல்படுகின்றது. உதாரணமாக (விண்டோஸ், லினக்ஸ், யுனிக்ஸ், மக் OS). அதேவேளை இவ் PHP மொழியானது பாரிய அளவிலான தரவுதளங்களில் தற்போதைய காலங்களில் பயன்படுத்தப்படுகின்றது.

ஒரு PHP ஆவணமானது Text, HTML, CSS, Javascript மற்றும் PHP code என்பவற்றை கொண்டிருக்கலாம். PHP Coding ஆனது சர்வர் இல் செயல்படுத்தப்பட்டு அதன் விளைவு HTML பக்கமாக உங்களது உலாவி (Browser) இன் ஊடக காண்பிக்கப்படுகின்றது. இதனுடைய நீட்சியாக “.php” என்பது காணப்படுகின்றது.

PHP இன் பயன்படுத்த முன்னர் உங்களது கணினியில் PHP மற்றும் MySQL  இனை ஆதரிக்கும் வெப் ஹோஸ்ட் ஒன்றினை கண்டறியவும். அதன்பின் உங்களது கணினியில் PHP மற்றும் MySQL என்பவற்றினை நிறுவுவதற்கு முன்னர் வெப் சர்வர் இனை உங்களது கணினியில் நிறுவிக்கொள்ளவும். PHP ஸ்கிரிப்ட் இனை ஆவணத்தின் எந்த பகுதியிலும் டைப் செய்து கொள்ளலாம். இவ் PHP ஸ்கிரிப்ட் ஆனது <?php என ஆரம்பித்து ?> என முடிவடையும்.



இதனை ரன் செய்ய இவ் ஆவணத்தை .php எனும் நீட்சியினூடாக சேமிக்க வேண்டும். இதேவேளை ஒரு HTML ஆவணத்தில் இவ் php பகுதியினையும் செருகி அதன்மூலமாக அதனை செயல்படுத்தமுடியும். முக்கியமாக ஒவ்வொரு php statements உம் இறுதியில் செமிக்கோலோன் எனப்படும் “;” எனும் அமைப்பினால் முடிவுறுத்தப்டும்.


மூலம் - w3school, php.net documentation 
தொடரும் பகுதி 2......

July 7, 2017

රෝග නසන ගෝවා

ගෝවාපවුලට අයත්, ගෝවා, මල් ගෝවා, කාලේ (බොකුටු ගෝවා, අතු ගෝවා) බ්රෑසෙල්ස් (රිකිලි ගෝවා) නපා ගෝවා, බ්‍රෝකලි ගෝවා, රාබු, නෝකෝල්, අබ වැනි එළවළු වර්ගවල ප්‍රබල  පිළිකානාශක  සහ ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද සහිත ග්ලුටතියෝන්(Glutathione) නමින් විද්‍යාඥයින් විසින් නම් කර ඇති මෙම, ට්‍රයිපෙප්ටයිඩ් අණු වි‍‍ශේෂය, රැධිරයේ අන්තර්ගතව ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.මෙම සංයෝගය ජිවීන්ගේ ආයු කාලය වැඩි වීමට තුඩු දෙන බව මීයන් යොදා ගෙන කරන ලද පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

July 6, 2017

නැති ලෙඩ හදන දුම්කොළ මාරයා

දුම්කොළ පිළිබඳව කතා කිරීමේදී මනස එකවර යොමුවනුයේ දුම්වැටි හේතුවෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවය. දුම්වැටිවලට වැඩි අවධානයක් යොමුවුවද දුම්රහිත දුම්කොළවලින් සිදුවන හානිය නිහඬ විනාශයක් සිදුකරන බව පසක්කර ගත යුතුය.
දුම්රහිත දුම්කොළ ලෙස බුලත්විට සමග හපන දුම්කොළ, දිවයට තබාගන්නා, නාසයෙන් උරන (Snuff) දුම්කොළ ලෙස ක්‍රම කීපයකට පෙන්වා දිය හැකිය. බුලත් විට සමඟ දුම්කොළ භාවිතය සහ ඒ සමඟ පුවක්ද මිශ්‍රකර බුලත් සැපීම නිසා දුම්කොළවලින් සිදුවන අහිතකර බලපෑම වැඩිකිරීමට පුවක්ද අත්වැලක් ලබාදෙන බව සැලකේ. දුම්රහිත දුම්කොළ හපන විට ප්‍රධාන පිළිකා ජනක රසායන සංයෝග 28 ක් පමණ නිදහස් වන අතර පුවක්වල පිළිකා ජනක රසායන සංයෝග 4 ක් පමණ දැකිය හැකිය. බොහෝ පිරිස් බුලත්විට භාවිත කළද එයින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳව තවමත් නොදන්නවා නම් මෙම ලිපිය ඔවුනට ඉතා වැදගත් වනුඇත.

බුලත්විට වලට අමතරව, මාවා, පාම්පරා, බාබුල්, හාන්ස්, පැණි පුවක් වැනි දේශීය සහ පාකිස්ථානය, ඉන්දියාව, මැදපෙරදිග ඇතුලු රටවලින් ආනයනය වන දුම්කොළ හා පුවක් මිශ්‍රිත නිෂ්පාදන සැපීම නිසා පිළිකා තත්ත්වවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ. දුම්කොළ හා පුවක් හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හානි ලෙස මුඛ පිළිකා, ගලනාළ පිළිකා මෙන්ම නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ අග්න්‍යාශයේ පිළිකාද ඇතිවන බවය.
පාසල් ආශ්‍රිත දරුවන් සහ තරුණ පරපුර අතර මෙවැනි දුම්කොළ හා පුවක් මිශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිතවීම බහුලව දක්නට ලැබේ. මත් ගතිය ඇතිවීම සහ ඇබ්බැහිවීම මෙමගින් සිදුවේ. පිළිකා ජනක රසායනික සංයෝග මෙන්ම ඇබ්බැහිවීම වැඩිකරන රසායනික ද්‍රව්‍යද මෙහි අඩංගුවේ. දුම්කොළවල නිකෝටින් සහ පුවක්වල ඇති ඇල්කොලොසිඞ් ඇබ්බැහිකාරකය හේතුවෙන් මේවායින් වැළැකීම සමහර පුද්ගලයන්ට අපහසු කාර්යයක් වී තිබේ. එහෙත් තරුණ පරපුර සිහිතබාගත යුත්තේ දුම්කොළ, පුවක් වැනි දෑ වලට ඇබ්බැහිවීමෙන් ඉතා කෙටි කලකදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවීමට ඉඩ ඇති බවය.
මේවන විට තරුණ වයස් කාණ්ඩවල දුම්කොළ සහ පුවක් භාවිත කරන තරුණයන් අතර මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ.
මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශවය අතර සුලභවම දක්නට ලැබෙන පිළිකා වර්ගය මුඛ පිළිකාවයි. ඊට ප්‍රධාන හේතුව ලෙස දුම්කොළ සහ පුවක් මිශ්‍රිත නිෂ්පාදන සහ දුම්වැටි භාවිතය සහ මධ්‍යසාර භාවිත පෙන්වා දිය හැකිය. සාමාන්‍ය වශයෙන් වසරකට මුඛ පිළිකා සහිත අලුත් රෝගීන් 2000 ත් 2500 ත් අතර පිරිසක් ලියාපදිංචි වෙති. මුඛ පිළිකාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට 1100 කට ආසන්න රෝගීහු මියයති. ඒ අනුව දිනකට තුන්දෙනකු මියයාමේ ප්‍රවණාවක් පවතී. 16,000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් වසරකට පිළිකා ඇතිවීම හේතුවෙන් ලියාපදිංචි වන අතර මුළු පිළිකා ප්‍රතිශතයෙන් සියයට 14 ක් පමණ මුඛ පිළිකා රෝගීන් ලෙස වාාර්තාවේ.
ගලනාළ පිළිකා ගලනාල පිළිකා කල්තියා හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ තත්ත්වය හඳුනා ගැනෙන්නේ උගුරෙන් පහළට ආහාර, දියර ගිලීමට නොහැකිවූ විටය. මෙම තත්ත්වය කාන්තාවන් සහ පිරිමින් අතර සමසේ බෙදීයාම දක්නට ලැබේ. සාමාන්‍ය වශයෙන් වසරකට 1000 ක පමණ රෝගීන් ලියාපදිංචිය සිදුවේ.
අග්න්‍යාශ පිළිකා මධ්‍යසාර, දුම්වැටි, දුම්කොළ සහ පුවක් සහිත නිෂ්පාදන භාවිතය නිසා අගන්‍යාශ පිළිකා ඇතිවන බව නවතම සොයාගැනීමයි. මේවන විට වසරකට රෝගීන් 100 ක් පමණ වාර්තාවේ.
දුම්කොළ, පුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් පිළිකාවලට අමතරව තවත් භයානක රෝගයක් වන මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව ඇතිවේ. මෙම තත්ත්වය සහිත රෝගීන් අවම වශයෙන් ලක්‍ෂ 2 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවට තොරතුරු අනාවරණයවී තිබේ. මෙය භයානක රෝගී තත්ත්වයක් වන අතර බුලත්විට ඇතුලු පාම්පරා, බාබුල්, බීඩා, හාන්ස් වැනි ආනයනික නිෂ්පාදනවලින් ඇතිවන බව සනාථවී තිබේ. මෙම රෝගය කෙළවර වනුයේ පිළිකා තත්ත්වයක් ඇතිවීමෙනි. කෙසේ වුවද මෙම රෝගී තත්ත්වය ඇතිවූ විට ඉතාමත් දුක්විඳීමට සිදුවේ.
මෙම රෝගයේ ආරම්භයේදී මිරිස් ගෑවෙන විට දැවිල්ල ඇතිවීම, තොල්පෙති සහ මුඛ ශ්ලේෂ්මල සුදු පැහැතිවීම රෝග ලක්‍ෂණ ලෙස දැක්විය හැකිය. කාලයත් සමඟ මුඛයේ තන්තු ඝනවී මුඛයේ අභ්‍යන්තරයේ දාර වැනි තත්ත්වයක් ඇතිවේ. පසුකාලීනව මුඛය විවෘත කිරීමට පවා නොහැකිවේ. මෙම තත්ත්වය ඇතිවූ සමහර රෝගීන්ට මුඛයේ ජලය ගෑවෙන විට පවා වේදනාවක් ඇතිවේ. මෙම තත්ත්වය ප්‍රතිකාර කිරීමට මෙන්ම සුවකිරීමටද අපහසු රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වේ.
දුම්කොළ සහ පුවක් සැපීමෙන් වැළැකීමෙන් පිළිකා තත්ත්ව සහ මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා තත්ත්වය වළක්වාගැනීමට හැකියාව ලැබේ.
මෙවැනි රෝග හේතුවෙන් තරුණ ජීවිත අකාලයේ මියයාමට ඉඩ නොදී දැනටමත් නොයෙකුත් දුම්කොළ සහ පුවක් වර්ග, දුම්පානය, මත්පැන් භාවිත කරන්නේ නම් ඒවායින් මිදීම නුවණට හුරුය. බොහෝ තරුණ, වැඩිහිටි පුද්ගලයන් දුම්කොළ සහ පුවක් වර්ග විනෝදාංශයට භාවිත කළද ඒවා තමන්ගේ ජීවිතය විනාශ කරන බෝම්බ

බව මතක තබාගත යුතුය.

පිළිකාවක් කල්තියා හඳුනාගැනීමෙන් පිළිකාව ඇතිවූ ස්ථානය ශල්‍යකර්මයකින් ඉවත්කළ හැකිවන අතර නිට්ටාවට සුවකිරීමේ හැකියාවද ඇත. එය පැතිර තිබුණ හොත් විකිරණ ප්‍රතිකාර, පිළිකා නාශක ප්‍රතිකාරවලින් මර්දනය කළ හැකිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව දුම්කොළ සහ මධ්‍යසාර භාවිත කිරීම හේතුවෙන් රෝගීන්ට කිරීමට යන ප්‍රතිකාර සහ ඔවුන් අකාලයේ මියයාම සහ රෝගීවීම නිසා ඔවුන්ගෙන් රටට නැතිවන ආදායම ගණනය කිරීම් මගින් බිලියන 212 ක මුදලක් රජයට අහිමිවන බව සමීක්‍ෂණයකින් පෙන්වාදී තිබේ.

ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ 2016/27 පනතේ 33 වැනි වගන්තය යටතේ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් 2016 සැප්තැම්බර් 1 වැනිදා සිට ශ්‍රී ලංකාව තුළ සියලුම දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, විකිණීම, ආනයනය කිරීම, විකිධෑමට ඉදිරිපත් කිරීම සපුරා තහනම් කර ඇති බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

(පුවත්පත ඇසුරින්)

දඟකාරකම් මට්ටුකරන රොබෝවෙක්

බල්ලන්, පූසන් ඇතුළු සුරතල් සතුන් සහ කුඩා දරුවන් දඟකාරකම්වල යෙදෙන්නේ නම් ඔවුන් හඳුනාගෙන ඉන් වැළකෙන ලෙස පවසන රොබෝවකු මේෆීල්ඞ් රොබෝටික්ස් සමාගම නිපදවා තිබේ.
මෙම රොබෝවා ‘කුරී‘ ලෙස හැඳින්වෙන අතර පුද්ගලයකුගේ දණහිස තරමට උසින් යුක්තය. රෝද වෙනුවට විශේෂිතව සැකසූ පටියකින් මොහු ගමන් කරන අතර රළු සහ සිනිඳු නිමැවුම්වලින් ගමන්කිරීමට එය පහසුවක් වේ.
ඉතා උසස් කැමරාවක් මෙම රොබෝවාට ස්ථාපිත කර ඇති අතර ඡායාරූප, වීඩියෝ සහ සජීවීව නැරැඹීමේ හැකියාවද තිබේ. කුරී ට තම හිස වමට සහ දකුණට කරකැවීම සහ හිස ඉහළට සහ පහළට ඇල කර බැලීමේ හැකියාවද ඔහු සතුය.
තම දරුවන් සහ පවුලේ සමාජිකයන් පිළිබඳ තොරතුරු කුරී හා සම්බන්ධ කෙරෙන ස්මාර්ට් ජංගම දුරකතනයකින් පරිශීලකයාට නැරැඹිය හැකිය. මෙම රොබෝවා ලබන දෙසැම්බරයේ ඩොලර් 699 ක මිලකට ඇමෙරිකානු වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.



පුවතපත  ඇසුරිනි.

July 5, 2017

පාරිසරික වශයෙන් හා ආර්ථික වශයෙන් ද වැදගත් වූ දිලීර.

        අවට පරිසරයේ දක්නට ඇති හතු හා පුස් වර්ග සාමාන්ය.යෙන් දිලීර ලෙස හැදින්වේ. එමෙන්ම ඒක සෛලික යීස්ට් ද දිලීරයක් සේ සැලකේ. විශාල ගස්වල කඳන් මතුපිට බොහෝ විට විවිධ වර්ණවලින් යුත් විවිධ ප්රරමාණවල ලප දක්නට ලැබේ. රතු, කහ, දුඹුරු, කළු සහ සුදු වැනි වර්ණවලින් යුත් මේ ලප ඇතිවන කෙදිති හා ලප ආකාරයේ පුස් ද දිලීර ලෙස සැලකේ.
       දිලීර සෙසු ශාකවලින් වෙනස් වන ප්ර ධාන සාධකය වන්නේ ඒවායේ හරිතප්රලද නොමැති වීමයි. හරිතප්රීද නොමැති නිසා දිලීර ස්වයංපෝෂීන් ද නොවේ. මේ අතර දිලීර තුල සංචිත ආහාරයක් ලෙස පිෂ්ඨය දක්නට නොමැති අතර ඒ වෙනුවට ග්ලයිකෝජන් හා තෙල් පිහිටා ඇත.
 ඇතැම් දිලීර තරමක් විශාල ලෙස වැඩෙතත් ඒවා සාමාන්ය  ශාකවල මෙන් කඳන්, අතු හා මුල් බවට විභේදනය වී නොමැත. එනම් දිලීරවල දේහය ද තලසක් සේ හැඳින්විය හැකිය.
ඒක සෛලික යීස්ට් හැරුණ විට අනෙකුත් බහු සෛලික දිලීර සියල්ලේ ම දේහය සෑදී ඇත්තේ දිලීර ජාලය නමින් හැදින්වෙන සූත්රිිකා රාශියකිනි.
      දිලීර සූත්රි්කාවල බිත්ති කයිටීන්වලින් සෑදී ඇත. සූත්රිීකා ඇතුලත සෛල ප්ලාස්මය හා න්ය්ෂ්ටිද පිහිටා ඇත. ඇතැම් දිලීර වර්ගවල සූත්රිටකා හරස් බිත්තිවලින් කොටස්වලට බෙදී පවතින නමුත් ඇතැම් දිලීර සූත්රි‍කා ආවාරවලින් තොරය. මේ අතර ඇතැම් සූත්රිහකාවල අතු බෙදීම් ද දක්නට ඇත.
 පසෙහි හෝ වෙනත් දාරකයක් මත වැඩෙන දිලීර සූත්රිූකා සහිත දිලීර ජාලය බොහෝ විට ඇසට නොපෙනේ. එහෙත් ඉන් වැඩෙන ප්රීජනක අවයව විශාල ලෙස පසෙන් හෝ දාරකයාගෙන් ඉවතට වැඩේ. හතු ලෙස හැදින්වෙන්නේ මෙසේ ඇති වන ප්රීජනන දේහයයි. මෙම ප්රරජනක දේහවල ඇති වන විවිධ ආකාරවල බීජාණු මගින් දිලීරවල ප්රමජනනය සිදු වෙයි.
හරිතප්රමද නොමැති කමින් සියලුම දිලීර විෂම පෝෂීන් වේ.
        මේ අනුව දිලීර පෝෂණය ලබා ගන්නේ මෘතෝපජීවීතාව, සහජීවනය, පරපෝෂිතතාවය යන ක්ර ම මගිනි. දිලීර වර්ග අතර බහුලව ම දක්නට ඇත්තේ මෘතෝපජීවී දිලීරයි. දිරා යන ශාක හා සත්ත්ව කොටස් වැනි කාබනික උපස්තර මත වැඩෙන මේවායේ ශෝෂක සූත්රිකකා උපස්තරය තුළට වැඩෙන අතර එම ශෝෂක සූත්රිාකා මගින් පිට කරන එන්සයිම් මගින් උපස්තරයේ ඇති ද්රරව්යඩ දිරවා සරල ද්ර ව්යට බවට පත් කෙරේ. පෝෂණ කොටස්වලින් යුත් මේ සරල කාබනික ද්ර්ව්ය් ශෝෂක සූත්රිතකා මගින්ම දිලීරයට උරා ගැනේ.
 මළ සත්ත්ව හා ශාක දේහ වියෝජනයට පත් කිරීම මගින් ප්ර තිචක්රී‍කරණයට දායක වීම, පසට ඛනිජ වර්ග ලබා දීම වැනි පාරිසරික ප්රනයෝජන රැසක්ම අත්කර දීමට මෙම මෘතෝපජීවී දිලීර මහඟු දායකත්වයක් සපයයි. තවද මධ්යිසාර නිෂ්පාදනයට, ප්ර තිජීවක, එන්සයිම, විටමින්, කාබනික අම්ල ලබා ගැනීමට මෙන්ම බේකරි හා චීස් කර්මාන්තය සඳහා ද බොහෝ විට මෙම වර්ගයේ දිලීර ප්රපයෝජනවත් වේ.
  මේ අතර ඇතැම් දිලීර පරපෝෂී වේ. මේවා බොහොමයක්ම සත්ත්ව හා ශාක ශරීරවල ජීවත්වන අතර එම ජීවීන් විවිධ රෝග ද ඇති කරයි.
  අර්තාපල් හා වෙනත් ශාක කීපයකටම හානි කරන පිතොප්ටෙරා ගණයේ දිලීර පරපෝෂී දිලීරවලට උදාහරණයත් ලෙස දැක්විය හැකිය. මීට අමතරව කෘෂි බෝගවලට හානි කරන දිලීර වර්ග රාශියක්ම ඇත. පරපෝෂිත දිලීර මගින් මිනිස් සමෙහි දද හා තුවාල ද ඇති කෙරේ.
 සහජීවන ක්රමමයකට හැඩ ගැසුණු දිලීර ද මේ අතර දක්නට ඇත. දිලීර සූත්රි්කා ඇල්ගී වර්ගයක් හා සම්බන්ධව වැඩී ඇති වන ලයිකන ශාක ද, දිලීරයක් උසස් ශාකවල මුල් සමඟ සම්බන්ධව වැඩෙන දිලීරක මූල අවස්ථාවද සහජීවී දිලීරවලට උදාහරණ සේ දැක්විය හැකිය.

(උඩුගම එස්. ජයසුන්දර මහතාගේ ජෛව විවිධත්වය නැමැති ග්‍රන්ථය හා අන්තර් ජාලය ඇසුරිණි.)
..............................යූ.එම්.පත්ම කුමාර - විද්‍යා හා තාක්ෂණ නිළධාරී, කොලොන්න.............................................

July 3, 2017

විදුරු බෝතල් ප්‍රතිචක්‍රියකරණයෙන් බැටරි නිෂ්පාදනය

සෑම වසරකදීම කසළ බිම් වල බිලියන ගණනින් විදුරු බෝතල් ගොඩ ගැසේ . විදුලි කෝෂ නිෂ්පාදන තාක්ෂණයද අනෙක් තාක්ෂණයන්ට සාපේක්ෂව ප්‍රමාණවත් වර්ධනයක් දක්වා නැත. මේ නිසා ඉවතන ලද විදුරු බෝතල් ප්‍රතිචක්‍රියකරණය කර වඩා වැඩි ධාරිතාවක් සහිත විදුලි කෝෂ නිෂ්පාදනය සදහා ක්‍රියාත්මක කළ පර්යේෂණ සාර්ථක වූ බව වාර්තා වේ.

Riverside California විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් Nation journal සඟරාවේ පළ කරන ලද වාර්තාවක් මගින් මේ පිළිබද තොරතුරු අනාවරණය කර තිබේ. විදුලි මෝටර් රථ , ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ බලගැන්වීම සදහා භාවිතා කළ හැකි නව විදුලි කෝෂ වර්තමාන විදුලි කෝෂ (බැටරි) වලට වඩා කළ පවතියි. ඊට අමතරව ඒවාට වැඩි බලයක් ගබඩා කළ හැකි බවත් කාසි ස්වරුපයේ විදුලි කෝෂ වලට වඩා ස්ථාවර බවත් පර්යේෂණ කණ්ඩායමේ නියාමක කතෘ සහ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු (materials science & engineering) විෂයෙහි පශ්චාත් උපාධි අපේක්ෂක Changling Li ප්‍රකාශ කරයි.

ලිතියම්-අයන් (Lithium-ion) විදුලි කෝෂ සදහා භාවිතා කළ හැකි පරිදි  ඉවත ලන විදුරු බෝතල් වල පවතින සිලිකන් ඩයොක්සයිඩ් වලින් සිලිකන් නැනෝ අංශු පර්යේෂයින් විසින් නිපදවන ලදී. එනම් සිලිකන් නැනෝ අංශු වලින් කෝෂයේ ඇනෝඩය හෙවත් පරිපථය තුළ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය නිපදවිය. මේ සදහා ඔවුහු අඩු වියදම් රසායනික ක්‍රියාවලියක් අනුගමනය කළෝය.

ඉවත ලන විදුරු බෝතල් අඹරා (කුඩුකර) සිනි වැනි කුඩු නිපදවා ඉන්පසු  සාමාන්‍යයෙන් සංකීර්ණ magnesiothermic reduction ක්‍රියාවලිය භාවිතා කර සිලිකන් ඩයොක්සයිඩ් සිලිකන් නැනෝ ව්‍යුහයට පරිවර්තනය කරන ලදී. බලශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සදහා සිලිකන් නැනෝ අංශු කාබන් වලින් ආලේප කිරීමද මෙහිදී සිදු කර තිබේ. එක් විදුරු බෝතලයකින් කාසි ස්වරුපයේ බැටරි 100ක් හෝ කුඩා බැටරි 5ක් සදහා අවශ්‍ය ඇනෝඩ සකස් කළ හැකි වේ. පවත්නා බැටරි මෙන් සිව් ගුණයක ධාරිතාවක නව බැටරි වලට තිබේ.
 
මේ අනුව අනාගතයේදී ඔබගේ ජංගම දුරකථනය , විදුලි මෝටර් රථය , සෙල්ලම් බඩු යනාදිය ඉවතලන විදුරු බෝතල් වලින් නිපදවූ විදුලි කෝෂ මගින් පණගන්වෙනු ඇතැයි වාර්තාවේ තවදුරටත් සදහන්ව තිබේ.   

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

https://youtu.be/BHKghUah_Nc?t=9