ජීව
වායුව (biogas) යනු ආහාර පිසීම හා ආලෝකය ලබාගැනීම වැනි
කාර්යයන් සඳහා භාවිත කළ හැකි බලශක්‌ති ප්‍රභවයකි. විශේෂයෙන් නිවෙස්‌වල පමණක් නො ව, ව්‍යාපාර
හා වෙනත් වාණිජමය අවශ්‍යතා සඳහා ද ජීව වායුව යොදාගත හැකි ය. ඇතැම් රටවල රථවාහන
ධාවනය සඳහා ද මේ වායුව යොදාගැනේ.
ජීව වායුව යනුවෙන් අප හඳුන්වන්නේ කාබනික ද්‍රව්‍ය, නිර්වායු තත්ත්ව යටතේ ක්‌ෂුද්‍රජීවීන් මගින් ජීරණයට ලක් වීමෙන් ජනනය වන වායු මිශ්‍රණයකි. එහි ප්‍රධාන සංඝටක අතර මීතේන් (50-75%) හා කාබන් ඩයොක්‌සයිඩ් (25-50%) ඇතුළත් අතර වෙනත් වායු හා ජලවාෂ්ප ද ඇතුළත් වේ.
ජීව වායුව නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍ය රැසක් තිබේ. මේවා සාමාන්‍යයෙන් ඉවත දමනු ලබන අපද්‍රව්‍ය වීම ද විශේෂත්වයකි. මේ නිසා ජීව වායුව නිෂ්පාදනය කිරීම වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක් ව ඇති අපද්‍රව්‍ය කැළිකසළ අර්බුදයට ද හොඳ විසඳුමක් වන අතර සම්පත් භාවිතය ප්‍රශස්‌ත ආකාරයෙන් සිදු කිරීම සඳහා ද නිදසුනක් සපයයි. මේ අමුද්‍රව්‍ය අතර ගොම, තණකොළ හා වල්පැළෑටි, පිදුරු, අමු කොළ, මුළුතැන්ගෙයින් ඉවත දමන අපද්‍රව්‍ය, ඌරු, එළු හා කුකුළු අපද්‍රව්‍ය (මළ හා මුත්‍රා) ආදි බොහෝ දිරා යන ද්‍රව්‍ය ඇතුළත් වේ. මේ සඳහා මිනිස් මළ හා මුත්‍රා ද භාවිත කළ හැකි ය.
ජීව වායුවේ ඉතිහාසය
ජීව වායුව ගිනි ඇවිලවිය හැකි වායුවක් ලෙස මිනිසා අතීතයේ සිට දැන සිටි බව පෙනේ. වගුරුබිම් වැනි ප්‍රදේශවලින් මීතේන් වායුව ජනනය වන අතර ඊට වගුරු වායුව යන නම භාවිත වූයේ ඒ නිසා ය. කෙසේ වෙතත් ජීව වායුව ඉන්ධනයක් ලෙස භාවිත කිරීම පුළුල් වන්නේ 19 වැනි සියවසේ අග භාගයේ දී පමණ ය. මේ වායුව ගෘහාශ්‍රිතව භාවිත කිරීම ප්‍රචලිත කිරීම සඳහා ගත වූ සියවසේ දී ඉන්දියානු විද්‍යාඥයන් සිදු කළ කටයුතු බොහෝ සේ දායක වී ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජීව වායුව භාවිත කිරීම පිළිබඳ ඉතිහාසය ද 1960 දශකය පමණ තෙක් ඈතට දිව යයි. එතැන් පටන් මේ දක්‌වා ජීව වායුව බලශක්‌තියක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන ගණනාවක් කටයුතු කර තිබේ. ගෘහස්‌ථ ජීව වායු පද්ධති සැලසුම හා ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිතියක් ද (SLS 1292: 2006) මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට, ගෘහස්‌ථ ව මෙන්ම විවිධ ආයතනවල ද ජීව වායු ජනක භාවිත කරනු ලබන ආකාරය දැකගත හැකි ය.
ශ්‍රී ලංකාවේ භාවිත වන ජීව වායු ජනක
වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ජීව වායු ජනක වර්ග දෙකක් පුළුල් ලෙස භාවිත කරනු ලැබේ. ඒවා නම්,
1. අඛණ්‌ඩ ප්‍රවාහ ජීරකය (Continuous flow digester) හෙවත් චීන වර්ගය (Chinese type) - මේ වර්ගයේ ජීව වායු ජනක 1960 දශකයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත වේ.
2. වියළි කාණ්‌ඩ ජීරකය (Dry batch digester) හෙවත් ශ්‍රී ලංකා වර්ගය (Sri Lankan type)- 1992 වර්ෂයේ දී ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානය මගින් සංවර්ධනය කරන ලද්දකි.
මේ හැර ඉන්දියානු වර්ගය (Indian type) නම් ළිඳක් වැනි සිලින්ඩරාකාර ව්‍යුහයක් තුළ ජීව වායුව නිපදවන ජනක වර්ගය භාවිතය මේ වන විට තරමක් අඩු ය. එසේ ම කුඩා ප්‍රමාණයේ ජීව වායු ජනකයක් ද මේ වන විට භාවිතයේ පවතී.
ජීව වායු ජනකයක් සාදාගැනීම පිළිබඳ උපදෙස් රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන ගණනාවකින් ලබාගත හැකි ය. එසේ ම මේ පිළිබඳ ප්‍රකාශිත පොත් පත් ද තිබේ.
ජීව වායුව භාවිතය ප්‍රචලිත කළ යුත්තේ ඇයි?
ජීව වායු ජනකයක් තැනීම සඳහා එක් වරක් පමණක් වැය වන මුදල හැරුණු විට ජීව වායුව නිපදවීමට අමුද්‍රව්‍ය සඳහා මුදල් වැය නො වන තරම් ය.
මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හෙවත් කාබනික ද්‍රව්‍ය ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල සුලභ බැවින් ජීව වායුව එවැනි ප්‍රදේශවලට වඩාත් යෝග්‍ය වේ.
ජීව වායු නිෂ්පාදනයෙන් පසු ඉතිරි වන ජීර්ණය වූ ද්‍රව්‍ය ඉතා හොඳ කාබනික පොහොරක් වන නිසා එය වගා කටයුතු සඳහා යොදාගැනීමට හැකි වීම.
ආහාර පිසීමේ දී ජීව වායුව භාවිත කිරීමේ දී දුම් හෝ දැලි නොමැති බැවින් එය සෞඛ්‍යයට හා පරිසරයට ද හිතකර ඉන්ධනයකි.
මීතේන් යනු කාබන් ඩයොක්‌සයිඩ් මෙන් 20 ගුණයක් පමණ ප්‍රබල හරිතාගාර වායුවකි. එහෙයින් මීතේන් දහනය කර කාබන් ඩයොක්‌සයිඩ් නිපදවීමෙන් හරිතාගාර ආචරණය අඩු කළ හැකි ය.
ප්‍රජා මට්‌ටමේ හෝ විශාල පරිමාණයෙන් ජීව වායුව නිෂ්පාදනය කළ හැකි පහසුකම් දියුණු කිරීමට ද රජයට හැකියාව තිබේ.

උපුටා
ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
අමිලා ආර්.ගලප්පත්ති-
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- හික්කඩුව
0 comments:
Post a Comment