30 කඩ සංකල්පය ඉතා ජනප්‍රිය සංකල්පයක් වන
අතර අප රටේ දේශීයව අප විසින් නිපදවු කැටපෝලය පවා විදේශීය රටවල් වලින් , විශේෂයෙන්
චීනයෙන් ගෙන්වන ලද ප්ලාස්ටික් භාණ්ඩ මගින් අප රටේ කම්මැලි ජනතාව වෙත මිලදී ගැනීමට
විවෘත ආර්ථිකය මගින් වාසනාව උදා කර දී ඇති සමයක මෙම ලිපියෙන් ප්ලාස්ටික් පිලිබඳ
විවරණයක් දීමට බලාපොරොත්තු වෙමි.
පළමුව ප්ලාස්ටික් භාවිතයට ජනතාව හුරුව ඇත්තේ
ඇයි දැයි සොයා බලමු. ලෝහ හෝ වීදුරු වැනි වෙනත් අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය
කරන භාණ්ඩ වලට වඩා ප්ලාස්ටික් භාණ්ඩ බෙහෙවින් සැහැල්ලු වීම නිසා එහා මෙහා ගෙනයාමේ
පහසුව තිබීම හා කල් පැවැත්ම හා නම්‍යතාවය ඉහළ වීම හා ප්‍රධාන කරුණක් වනුයේ
සන්සන්දනාත්මකව නිෂ්පාදන වියදම අඩු මට්ටමක පැවතීම හා ජලයට අපාරගම්‍ය වීමය.
ප්ලාස්ටික් නිෂ්පාදන අතර පෙට් බෝතල්, පෑන්,
පැන්සල්, පනා, දුරකථන, ඩීවීඩී, පරිගණක, වාහන හා වාහන අමතර කොටස්, වතුර ටැංකි, ලණු,
කෘතීම මල් ගස්, කෘතීම කොන්ඩ, විදුලි බල්බ, වතුර ජොග්ගු, පිහි, සේල්ලම් බඩු, හදවත්
වෑල්ව්, රුධිර නාල, ඇණ, කොසු, ඉදල්, කැටපෝල, මල් භාජන, මුළුතැන්ගේ උපකරණ,
මුළුතැන්ගේ විදුලි උපකරණ, විදුලි උවාරණ, මිනිස් අනුරූ, ප්ලාස්ටික් විසිතුරු
පළතුරු, ඇන්ටනා, වාහන උපාංග, සෙවිලි තහඩු, තීන්ත, බුරුසු, ප්ලාස්ටික් සත්ව අනුරූ,
ඇඳුම් ආයිත්තම්, සපත්තු, ක්‍රීඩා උපකරණ, ආහාර බහාලන භාජන, ආහාර ඇසුරුම්, කෘතීම
පාද, රොබෝ වරු,
ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතා කරන ක්ෂේත්‍ර
වශයෙන් කෘෂි, වෛද්‍ය, ආහාර, ගමනාගමන, ඉංජිනේරු, ක්‍රීඩා, කර්මාණ්ත, වාණිජ,රූපලාවන්‍ය
ආදී සියළුම ක්ෂේත්‍ර අයත් වේ.
උක්ත උදාහරණ මගින් ප්ලාස්ටික් අප ජීවිතයට
කොතරම් අත්‍යාවශ්‍ය දෙයක් ද හා කොතරම් බලපෑමක් ඇති කර ඇතිද යන්න සිතා ගැනීමට
නොහැකිය. ප්ලාස්ටික්, ජලය මෙන්ම මුලික අවශ්‍යතාවයක් වී ඇත.
නමුත් ප්ලාස්ටික් වල පහත අගුණ ද ඇති බව ඔබ
මොහොතකටවත් සිතුවාද? එනම් පොලිතන්/ ප්ලාස්ටික් පරිසරයට බැහැර කිරීමෙන් ජෛව
විවිධත්වයට හානි සිදු වේ. ජෛව විවිධත්වය යනු පරිසරයේ ජීවීන්ගේ දක්නට ලැබෙන් විවිධත්වය
වන අතර පොලිතීන් පමණක් පරිසරයේ ක්ෂය වු විට වෙනත් ජීවීන්ගේ වාසභූමි, ආහාර භූමි,
ජීවන රටාවට බාධා සිදු වේ.
ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයට ගෙන අවසන් වු
විට අනෙකුත් අපද්‍රව්‍ය මෙන් ජනතාව පුරුදුව ඇත්තේ වෙනත් කාබණික දිරායන අපද්‍රව්‍ය
සමගම පසට හෝ ජල මාර්ගයකට හෝ මුහුදට දැමීමටය. නමුත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙනත්
කාබණික අපද්‍රවය මෙන් ඉක්මනින් ක්ෂුද්‍ර ජීවී වියෝජනටය හසුව අවුරුදු ගණනාවක් දිරා
නොයා පවතී. ක්ෂුද්‍ර ජීවීන් මගින් වියොජනය ද කල නොහැකිය. මේනිසා පසට එකතු කල
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් පස නිසරු වීම හා පසට විවිධ විෂ රසායන ද්‍රව්‍ය කාලයක්
තිස්සේ එකතු වීම සිදු වේ. තවද පොලිතීන් මළු හා ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විවිධ
රසායනික ද්‍රව්‍ය මුසු වායු වර්ග වායුගෝලයට එකතු වීම සිදු වේ. මේනිසා වායු දූෂණය
නිසා එම වායු ආග්‍රහනය මගින් ශ්වසන පිලිකා, පෙනහලු රෝග වලට ගොදුරු වීම සිදු වේ. තවද
මෙම වායු වර්ග ඉහල වායුගෝලයේ රැදීම නිසා හරිතාගාර තත්වයක්ද ඇති වී පෘථිවියේ
උෂ්ණත්වයට බලපෑම් ඇති කරන අතර එය දේශගුණ හා කාලගුණ විපර්යාස කෙරෙහි බලපෑම් ඇති
කරයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලමාර්ග වලට එකතු
කිරීම නිසා කාණු පද්ධති අවහිර වීම මෙන්ම ගංවතුර තත්වයන්ද මදුරුවන් බෝ වීම නිසා
ඩෙංගු, මැලේරියා, බරවා, වැනි රෝගී තත්වයන්ද උත්සන්න වීමට හැකි අතර මළ අපවහන පද්ධති
අවහිර වීමෙන් පාචනය, සෙංගමාලය වැනි රෝගී
තත්වයන්ද ඇති විය හැක. මුහුදු ප්‍රදේශ වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වීම නිසා
සාගර ජීවීන්ට අනතුරු සිදුවීම, සාගරයේ සුන්දරත්වය විනාශ වීම, සාගරයේ දියවැල් වලට
බලපෑම් ඇති වීම මගින් සාගර ජීවීන්ගේ ප්‍රජනනයට අහිතකර වීම වැනි ආපදා ඇති වේ.
මෙම ප්ලාස්ටික් මාරයාගෙන් අප හා අපගේ අනාගත
පරපුරට ජීවත් වීමට ඇති පෘථිවි ග්‍රහලෝකය බේරා ගත යුතුය. ඒ සඳහා ගත හැකි
ක්‍රියා මාර්ග බොහොමයක් ඇති අතර අද සිටම පහත ඒවා අනුගමනය කිරීම මගින් අපට
ප්ලාස්ටික් වලින් තොර ග්‍රහලොවක් තනා ගත හැකි වනු ඇත.
හැකි පමණ ප්ලාස්ටික් භාජන භාවිතා නොකිරීම,
ප්ලාස්ටික් බෑග් වෙනුවට රෙදි, පන් වැනි ආදේශක භාවිතා කිරීම, පැණි මුල හා කෙසෙල් කොල,නෙළුම්
කොල, පුවක් හනසු වැනි සංකල්ප නවීන තාක්ෂණය හා ආකර්ෂණීය ඇසුරුම් ක්‍රම මගින් නැවත
භාවිතයට ගැනීම, ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීම,
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලමාර්ග වලට යොමු නොකිරීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගිණි
තැබීමෙන් වැලකීම ආදී ක්‍රියාපිලිවෙත් වලට යොමු විය හැක.
1 - පොලිඑතිලීන් ටෙරිප්තාලේට්Polyethylene Terephthalate (PET)
2 – හයිඩෙන්සිටි පොලිඑතිලීන් High Density polyethylene (HDPE)
3 – පොලිවයනයිල් ක්ලෝරයිඩිPolyvinyl Chloride(PVC)
4- ලෝඩෙන්සිටි පොලිඑතිලීන්Low Density polyethylene(LDPE)
6-
පොලිස්ටරයින්(Polystyrene)
7- වෙනත්(Other)
ඉහත පොලිතීන්
වර්ග අතුරින් ආහාර බහාලුම් සඳහා භාවිතා කල හැක්කේ අංක 2,4,5 වර්ග පමණි. නමුත් 30
කඩ වල ඇති විවිධ ආහාර හා පාන වර්ග බහාළුම් වල ඇති ඉහත අංක පිළිබඳ ඔබ දැණුවත්
වන්නේද එසේ දැණුවත් වුවත් ඔබට කුමන ආයතනයකින් එම භාණ්ඩ ක්‍රමාංකනය කර ඇති දැයි
සොයා බැළුවාද? බොහෝ විට කෙලින්ම චීනයෙන් ආනයනය කරන මෙම භාණ්ඩ නිෂ්පාදකයාම අංකනය කර
ඇති අතර කිසියම් ප්‍රමිති ආයතනයක අධීක්ෂණයක් හෝ සොයා බැලීමකට නතු වන්නේ නැත. තවද
වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරන මෙම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වල මිල ගණන් සාමාන්‍ය
ආහාර බහාළුම් වල මිලට වඩා බොහෝ අවම මට්ටමක පවතී. ඔබත් 30 කඩේ පහස ලබන්නෙක්ද මෙය
සිතා බලන්න.
විද්‍යා හා
තාක්ෂණ නිළධාරී
හාලිඇල
0 comments:
Post a Comment