December 28, 2018

ඕසෝන් වියනේ බලපෑම


සූර්යයාගේ සිට පෘථීවිය කරා පැමිණෙන පාරජම්බූල කිරණකිරණ එහි තරංග ආයාමය අනුව  UV – A, UV-B,සහ UV-C ලෙස කොටස් 3 කින් හැඳින්වෙයි. තරංග ආයාමය නැනෝ මීටර් 315 – 400 ත් අතර ප‍්‍රමාණයක පවතින UV-ඒ කිරණ වායුගොලය තුළින් ඉතා පහසුවෙන් පෘථිවියට සම්‍ප්‍රේෂණය වන අතර ඒවා අඩු ශක්තියකින් යුත් හානිකර නොවන කිරණ වර්ගයක් ලෙස සැලකෙයි. පොළොවට පැමිණෙන පාරජම්බූල කිරණ අතුරින් සියයට 90 ක්ම UV-A කිරණ වේ නැනෝ මීටර් 280 – 315 අතර තරංග ආයාමයක් සහිත UV –  Bකිරණ මිනිසාටත්, සතුන්ටත්, පරිසරයටත් හානිදායක කිරණ විශේෂයකි. පෘථිවියට ලැබෙන පාරජම්බූල කිරණ වලින් සියයට 4 ක් පමණ වන මේවා පෘථිවි වායුගෝලයේ ඇති ඕසෝන් වායු ස්ථරය මඟින් උරාගනු ලබයි. මේවා අතුරින් නැනෝ මීටර් 100 – 280 අතර තරංග ආයාමයක් හිමි UV – C කිරණ මාරාන්තික විකිරණ වලින් යුක්ත වන නමුත් ඒවා පෘථිවියට පැමිණිමේදී සම්පූර්ණයෙන්ම පාහේ වායුගෝලීය ඔක්සිජන් මඟින් උරාගනු ලබයි. මේ අනුව පෘථිවියේ පරිසර පද්ධති කෙරෙහි බලපෑමක් කිරිමට හැකියාව ඇත්තේ UV- B හා UV -C යන පාරජම්බූල කිරණ වලට පමණක් බව පැහැදිලි වනු ඇත. එහෙත් UV – C පෘථිවියට පැමිණීමට පෙර ඔක්සිජන් මඟින් උරාගන්නා නිසා එයින් ඇති විය හැකි බලපෑම ද නොසලකා හැරිය හැකි තරම් කුඩාය. එහෙත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරය  දැඩි ලෙස විනාශ වි යාමේ තර්ජනයට ලක්වී ඇති නිසා තවදුරටත් UV – B කිරණ වලින් පෘථිවියට හානිකර තත්වයක් උදා වී ඇත.
මිනිසුන් විසින් නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන සිදුරුවන බවට මීට ඉහතදී ප‍්‍රකාශ කළෙමු. ක්ලෝරොෆ්ලෝරෝ කාබන්, හේලෝන සහ මෙතිල් බ්‍රෝමයිඩ වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක් වී වායුගෝලයේ ඇති ඕසෝන් අණු සමඟ ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් ඕසෝන් අණු බිඳ වැටීමට ලක්වේ. එක් ජතපරමාණුවකට ඕසෝන් අණු 100 000 පමණ විනාශ කිරීමේ හැකියාව ඇත. ඕසෝන් අණු බිඳ වැටීම නොකඩවා සිදු වීමෙන් පාරජම්බූල කිරණ වලට පෘථිවිය නිරාවරණය වීම හේතුවෙන් පෘථිවියේ වෙසෙන සියලුම ශාක සහ සත්ත්ව කොටස් වලට හානිදායක තත්ත්වයක් ඇතිවෙයි. මෙය පෘථිවියේ ජෛව විවිධත්වය නැතිවීයාමටද එක් හේතුවක් වේ.ශාක සහ සත්ත්වයින්, දිලීර, ක්ෂුද්‍ර ජීවීන් වැනි මිහිතලය මත වෙසෙන සෑම ජීවී කොටසකම එකිනෙකට වෙනස් ස්වභාවය ජෛව විවිධත්වයයනුවෙන් සරලව හැඳීන් විය හැකිය.  ජෛව විවිධත්වය, ජාන විවිධත්වය  විශේෂ විවිධත්වය සහ පරිසර පද්ධති විවිධත්වය ආදී විවිධ මට්ටම් වලට බෙදා දැක්විය හැකිය. ඕසෝන් වියනට සිදුවන හානිය මේ සෑම මට්ටමකටම හානිදායක ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. පෘථිවියේ ඇති පරිසර පද්ධති අතරින් සාගර පරිසර පද්ධති, මිරිදිය පරිසර පද්ධති, හා ගොඩබිම පරිසර පද්ධති වශයෙන් බෙදා දැක්වුවහොත් ඒ එක එකක එකිනෙක වෙනස් ජීවී විශේෂ වාසය කරනු ලබයි. එමෙන්ම සමහර අවස්ථාවල ඒ එක් එක් පරිසර පද්ධතීන් අතර අන්තර් සම්බන්ධතාවයක් ද දක්නට ලැබෙයි. එබැවින් පරිසර පද්ධතියක සමතුලිතතාවයට හානි පැමිණුන විට එය තවත් පරිසර පද්ධතියක ක්‍රියාකාරිත්වය කෙරෙහි ඍජුව හෝ වක‍්‍රව බලපෑම ඇති කරයි. හානිකර UV – B කිරණ මඟින් ඉහත සඳහන් කළ පරිසර පද්ධති සියල්ලටම හානිකර ප‍්‍රතිඵල ඇති කරන බව මේ වන විට සොයාගෙන ඇත.
සාගර පරිසර පද්ධති කෙරෙහි    පාරජම්බුල කිරණ වල බලපෑම පාරජම්බුල කිරණ වලට ජලයේ මීටර් 10 – 15 අතර දුර ප‍්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව ඇත. ජ්ලවාංග වැනි ක්ෂුද්‍ර ජීවී විශේෂ බහුලව මතුපිට වාසය කරන අතර ඔවුන් ඍජුවම අහිතකර පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම සිදුවෙයි. ඒ හේතුවෙන් ඒවායේ ප‍්‍රභාසංස්ලේෂණ, වර්ධන සහ ප‍්‍රජනන අනුපාතය අඩුවෙයි. සාගරයේ වෙසෙන තල්මසුන් වැනි විශාල සතුන් පවා ප්ලවාංග මත යැපෙන හෙයින් මෙය සාගරයේ ආහාර දාම වලටද බලපෑම් ඇති කරයි. ජලවාංග වැනි ප‍්‍රාථමික නිෂ්පාදන අඩු වූ විට විශාල මත්ස්‍යයින්ට ආහාර හිඟ වෙයි. එම හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදකයද අඩුවෙයි. තවත් අතෙකින් මත්ස්‍ය බිත්තර සහ පිලා අවස්ථා වලට පාරජම්බුල කිරණ වල බලපෑම් ඇති වුවහොත් ඒවා විනාශවීමේ අවදානමක් ඇති වේ. එවිට මත්ස්‍ය නිෂ්පාදනය තවත් පහත බැසිම සිදුවෙයි.ක්ෂුද්‍ර ඇල්ගී, (උල්වා, රතු, දුඹුරු, සහ කොල ඇල්ගීී) වලටද UV කිරණ මඟින් හානි පැමිණෙන අතර කෙල්ප්වැනි මුහුදු තෘණ වර්ගයන්ද විනාශයට පත් වේ. මුහුදු කැකිරි, හා උභය ජීවීන්ද, කොරල් පරද විනාශයට පත්වෙයි. බැක්ටීරියා සහ දිලීර හට ගැනීම සීමා වීම හේතුවෙන් දිරාපත් වීමේ කි‍්‍රයාවලියට බාධා ඇති වෙයි. මේ ආකාරයට අධික UV – B කිරණ හේතුවෙන් බොහෝ ජීවී විශේෂ වලට හානිකර තත්ත්වයක් උදා කරයි.
මිරිදිය පරිසර පද්ධතිවලට  පාරජම්බුල කිරණ වල බලපෑමමිනිසාට ආර්ථික වශයෙන් වැදගත් වන සැමන්, කොඩ් වැනි මත්ස්‍යයින් නොගැඹුරු මිරිදිය ජලයේ බිත්තර දමයි. එමෙන්ම මත්ස්‍ය බිත්තර වලින් බොහෝමයක් සහ ප්ලවුන්ගේ මුල් අවස්ථා වැඩි වශයෙන් ජලය මතුපිටිටදී හමුවේ. ඕසෝන් වියනේ සිදුරු හරහා පොළොවට පැමිණෙන UV – B කිරණ වලට මේවා නිරාවරණය වූ විට එම බිත්තර සහ පිලවුන් විනාශ වී යයි. එමෙන්ම වර්ධනය සීමා කරයි.UV – B කිරණ වලට ඔරොත්තු දෙන සමහර සත්ත්ව විශේෂ ඉහළ කඳුකර ජලධාරා වලින් හමුවෙයි. මෙම අහිතරකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ට ඝන සෛල බිත්ති සහ වර්ණක පිහිටා ඇත.
ගොඩබිම පරිසර පද්ධති කෙරෙහි පාරජම්බූල කිරණ වල බලපෑමගොඩබිම වෙසෙන සතුන්ටත්, මිනිසුන්ටත් UV කිරණ එකසේ හානිකර වේ. එමඟින් ඔවුන්ට සමේ පිලිකා සහ ඇසේ සුද ඒම වැනි අක්ෂි ආබාධ ඇති කරනු ලබයි. එමෙන්ම ඔවුන්ගේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව (ප‍්‍රතිශක්තීකරණය) නැතිකර දමයි. ඒ හැරුණු විට ගොඩබිම ඇති මියගිය ශාක සහ සත්ත්ව කොටස් දිරායාමට උපකාරී වන බැක්ටීරියා සහ දිලීර ඇතුළු තවත් බොහෝ ක්ෂුද්‍රජීවී විශේෂ වලට UV – B කිරණ මඟින් හානි පමුණුවයි.ගොඩබිම වෙසෙන සත්ත්වයින් සාමාන්‍යයෙන් ලොම්, පිහාටු හෝ ඛන්ඨක වැනි කුමක් හෝ අංගයකින් හොඳින් ආවරණය වී සිටියි. නමුත් ඔවුන්ගේ ඇස් සූර්යාලෝකයට නිරාවරණය වන බැවින් ඒවාට හානි පැමිණවීමේ ඉඩකඩ වැඩිය. ගොඩබිම වෙසෙන කෘමි සතුන් හොඳින් ආරක්ෂිතව සිටින නමුත් ඔවුන්ගේ පිලා අවස්ථා වලදී ඔවුන්ට ආරක්ෂාව මඳ බැවින් UV කිරණ මඟින් ඒවා විනාශ කර දමයි.අධ්‍යයනයන් වලින් හෙලිවී ඇති අන්දමට UV – B කිරණ වලට විශාල වශයෙන් නිරාවරණය වුවහොත් ශාක  පත‍්‍ර වල ක්‍ෂෙත‍්‍රඵලය අඩු වීම (එමඟින් ප‍්‍රභාසංස්ලේෂණය අඩුවෙයි) කඳේ වර්ධනය ඇන හිටීම, වැනි කි‍්‍රයා සිදු වී ශාක වල ආහාර නිෂ්පාදනය දුර්වල විය හැකිය. UV – B කිරණ වලට සමහර නිශ්චිත ශාක විශේෂ වල මල් හට ගන්නා කාලය වෙනස් කිරීමේ හැකියාව ඇත. ඉතා අවම ආරක්ෂාවක් ඇති ශාක වල ප‍්‍රජනක පරාග සහ බීජ වලටද මෙමගින් හානි සිදුවෙයි. එවිට එම ශාක විශේෂය විනාශ වී යාමේ අවදානම වැඩිවේ. එසේ එක් විශේෂයක ව්‍යාප්තිය අඩු වූ විට UV වලට ඔරොත්තු දෙන වෙනත් ශාක විශේෂයක් වැඩියෙන් ව්‍යාප්ත වීමට පටන් ගනී. එමගින් එම පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳවැටීම සිදුවේ. ගස්වැල් සූර්යාලෝකයට නිරාවරණය වීමේ ඉඩකඩ වැඩි බැවින් ඒවායේ තිබෙන කෘමි වාසස්ථාන වලටද තර්ජන ඇතිවේ. පහළ වායුගෝලයේ ඇති ඕසෝන් මඟින් උස් ශාක වලට හානි සිදු කරයි. ප‍්‍රභාසංස්ලේෂණය අඩු කර, මුල් හා කඳේ වර්ධන වේගය අඩාල කරයි. තුන්ද්‍රා සහ උප ආක්ටික් පරිසර පද්ධති වල මේ හේතුව නිසා අඩු නිෂ්පාදනයක් සිදුවෙයි. එමෙන්ම පළතුරුවල ගුණාත්මකභාවය හීන වේ.
ජීවී සෛල සහ ච්ව්ඒවලටUV – ඕකිරණවල බලපෑමජීවීන්ගේ ආවේණික ගති ලක්ෂණ පරපුරෙන් පරපුරට ගෙනයනච්ව්ඒඅණු වලට හානි සිදුකරයි. එමෙන්ම ජීවී පටල වලට, පෙ‍්‍රීටීන් අනුවලට, එන්සයිම වැනි සෛලවල කොටස් වලට හානි සිදුකරයි. එමඟින් සෛල තුළ සිදුකෙරෙන ශක්තිය නිපදවීමේ ක්‍රියාව අඩුකෙරෙයි.මේ ආකාරයට විවිධ පරිසර පද්ධති කෙරෙහි UV – Bකිරණ මඟින් විශාල බලපෑමක් සිදුවෙයි.
එය පරිසර පද්ධතිවල සමතුලිතතාව අඩපණ කිරීමට හේතුවෙයි. පරිසර පද්ධති වල සමතුලිතතාවය අඩපණ කිරීමට හේතු වනවා මෙන්ම එක්තරා ආකාරයකින් ජීවීන්ගේ සමස්ත ක්‍රියාවලියම බිඳ වැටීමට ද හේතුවක් වේ.
පොළොවට ළඟාවන UV – B කිරණ වලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක‍්‍රමය ඕසෝන් වියන ආරක්ෂා කිරීමයි. ඉන් බාහිරව කෙරෙන සියලුම ප‍්‍රතික්‍රියාවන් තාවකාලික විසඳුම් පමණි.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අම්බලන්ගොඩ

0 comments:

Post a Comment