February 15, 2017

සදාකාලිකව කොලෙස්ටෙරෝල් අඩු මට්ටමක තබා ගත හැකි එන්නතක්

ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඔබගේ කොලෙස්ටෙරෝල්  මට්ටම අඩුව පවත්වා ගැනීමට හැකි එන්නතක් නිපදවීමට හැකි  විභවයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
කිසිදු අතුරු ආබාධයකින් තොරව හදවත් රෝග වලින් අඩු අවදානමක් සහිත වීම සඳහා අවශ්‍ය විශේෂ ජාන විශේෂයන් අකර්මන්‍ය කරන සහජ විකෘතිතාවයකින් (mutant) යුත් මිනිසුන් අප අතර සිටියි. මේ හා සමාන ලෙස මෙම සුවිශේෂි ජාන අකර්මන්‍ය කරන එන්නතක් සතුන් සඳහා සාර්ථකව අත්හදා බලා තිබේ.

මිනිස් ශරීරයේ සමහර සෛල තුල ඇති DNA ස්ථිරව වෙනස් කරමින් මෙම ප්‍රතිකාරය කිරීමේ හැකියාවක් පවතින බවද වාර්තා වන අතර  මිනිසුන් සඳහා එම ප්‍රතිකාරය භාවිතා කිරීමට පෙර එය කෙතරම් ආරක්ෂාකාරී දැයි සෙවීම දැන් සිදුවේ. කෙසේ වෙතත් ප්‍රතිකාරය ඉතා ඉහල ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයිද විශ්වාෂ කෙරේ. න්‍යායාත්මකව එය මිලියන ගණන් මිනිසුන්ට සෞඛ්‍යය සම්පන්න දීර්ඝායුෂ ලබාදීමට සමත් වනු ඇත.

ජානමය අස්වාභාවිකතාවක් හේතුවෙන් තම අක්මාව තුල PCSK9 නමැති ප්‍රෝටීනය නිපදවීම වැලැක්වෙන මිනිසුන් හඳුනාගත් බව 2005 දී වාර්තා විය. ඔවුන් තුල හෘද රෝග වර්ධනය ඉතා සීමිත වු අතර එනිසා ඇතිවූ වෙනත් අතුරු ආබාධය පිළිබද තොරතුරු වාර්තා නොවු බව PCSK 9 ප්‍රෝටීනය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන Gilles Lambert නම් විශ්ව විද්‍යාලීය ආචාර්යවරයා පවසයි.

PCSK 9 ප්‍රෝටීනය සාමාන්‍යයන් රුධිරය තුල සංසරණය වෙමින් රුධිර වාහීනි මතුපිට ඇති ප්‍රෝටීන වර්ගයක තත්වය බාල කරයි. මෙම දෙවන ප්‍රෝටීන වර්ගය රුධිරයෙන් LDL කොලෙස්ටෙරෝල් ඉවත් කරයි. දෙවන ප්‍රෝටීන වර්ගය PCSK 9 මගින් අඩු කිරීම වේගවත් වීමට සමානව පුද්ගලයකුගේ  කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල යෑමද සිදුවේ. එනිසා ජානමය විකෘති භාවය මඟින් PCSK 9 ප්‍රෝටීනය අඩුවු අයගේ LDL කොලෙස්ටෙරෝල් ඉවත් කරන දෙවන ප්‍රෝටීනය වැඩි නිසා  රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුව පවතියි.

හෘදයාබාධ හා ආඝාත නිසා බොහෝ මිනිස්සු මිය යන අතර රුධිරයේ නරක LDL  කොලෙස්ටෙරෝල් මෙම අවදානම තීව්‍ර කරයි. මේ සඳහා දැනට සාර්ථක ප්‍රතිකාර ඇතත් ඒවා සමහර රෝගීන්ට අසාත්මික වේ. එනිසා බොහෝ ඹෟෂධ සමාගම් විකල්ප ප්‍රතිකාර සඳහා යොමු වීම මෙම සොයා ගැනිමට මූලික වී තිබේ.

 අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://www.youtube.com/watch?v=PNdO80cvGZ0

0 comments:

Post a Comment