February 2, 2017

ඩ්රැගන් පෘට්



Hydrocereus undatus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඩ්රැගන් පෘට් Cactaceae
කුලයට අයත් අපිශාකයකි.
දකුණු ඇමරිකාවේ සම්භවයක් වූ මෙම ශාකය pitaya යන නමින් උතුරැ ඉන්දියවේ දී හදුන්වු ලැබේ.
මෑත භාගයේ සිට සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මෙම ශාකය තායිලන්තය වියට්නාමය වැනි රටවලද ජනප්‍රිය වෙමින් පවතී.
මෙම පලතුර ඉතා අලංකාර රෝස පැහැයෙන් යුක්ත වේ. ඩ්රැගන් පෘට් කොලෙස්ටරෝල් ඉතා අඩු මට්ටමක පවතින අතරන් ඇන්ටිඔක්සිජන් ඉතා බහුල වේ.


පෝෂණ ගුණය
ඩ්‍රැගන් පෘට් ඉදුණු ඵලයේ ආහාරයට ගත හැකි කොටස් ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍ය
ජලය ග්‍රෑම්
82.5 
- 83
ප්‍රෝටීන් ග්‍රෑම්
0.159
- 0.229
මේදය ග්‍රෑම්
0.21
- 0.61
දළතන්තු ග්‍රෑම්
0.7
- 0.9
කැරොටින් මිලි.ග්‍රෑම්
0.005
- 0.012
කැල්සියම් මිලි.ග්‍රෑම්
6.3
- 8.8
පොස්පරස් මිලි.ග්‍රෑම්
30.2
- 36.1
යකඩ මිලි.ග්‍රෑම්
0.55
- 0.65
විටමින් B 1 මිලි.ග්‍රෑම්
0.28
- 0.043
විටමින් B 2 මිලි.ග්‍රෑම්
0.043
- 0.045
විටමින් B 3 මිලි.ග්‍රෑම්
0.297
- 0.43
විටමින් C මිලි.ග්‍රෑම්
8.0
- 9.0
තයමින්  මිලි.ග්‍රෑම්
0.28
- 0.30
රයිබොප්ලේවින් මිලි.ග්‍රෑම්
0.043
- 0.044
නයසින් මිලි.ග්‍රෑම්
1.297
- 1.30
අළු ග්‍රෑම්
0.28
-
වෙනත් ග්‍රෑම්
0.54
- 0.68


ඩ්රැගන් පෘට් ඖෂධීය වටිනාකමකින් යුක්ත වන අතර ඒවා පහත පරිදි වේ.
1.අවම කොලෙස්ටරෝල්
 මෙහි සංතෘප්ත සහ අසංතෘප්ත මේද අම්ල රහිත නිසා කොලෙස්ටරෝල් මට්ටම බිංදුව වේ.
ඩ්රැගන් පෘට් දිනපතා අහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීමට මෙන්ම හෘදය නිරෝගීව පවත්වා ගැනීමට ද වැදගත් වේ.මෙහි බීජ වල ඔමෙගා 03 මේද අම්ලඅඩංගු වේ.
2.අධික තන්තු ප්‍රමාණය
ඩ්රැගන් පෘට් අහාරයට ගැනීමෙන් අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයටලැබේ.ශරීරයේ රැධිර පීඩනය පවත්වා ගැනීමට මෙන්ම ශරීරයේ බර පවත්වා ගැනීමටද වැදගත් වේ.
3.අධික ඇන්ටිඔක්සිජන්
ඩ්රැගන් පෘට් වල අධික ලෙස ඇන්ටිඔක්සිජන් අඩංගු අතර පිලිකා සෛල විනාශ කර හැකි මුක්ත ඛන්ඩ අඩංගු වේ.මේ නිසා හෘදය නිරෝගීතාවයට මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමටද වැදගත් වේ.

4.ශරීරය පැහැපත් කිරීමට
 මෙහි තලපය ශරීරයේ ආලේප කිරීමෙන් සම පැහැපත් ව අතර සමට අවශ්‍ය විටමින්ද ශරීරයට ලැබේ.
 අකලට කෙස් සුදු වීම වැලැක්වීටද මේවායේ යුෂ වැදගත් වේ.මේ නිසා මේවා යොදා ෂැම්පූ වර්ග නිෂ්පාදනය කල හැකිය.

5.අධික පොටෑසියම් සහිත වීම
ශරීරයේ අස්ථි නඩත්තු කිරීම සදහා වැදගත් වේ.ශරීරයේ තරල සංයුතිය නඩත්තු කිරීමට මෙන්ම ph අගය පවත්වා ගැනීම ටද වැදගත්වේ.

6.රැධිරයේ සීනී මට්ටම පාලනය කිරීම
 රැධිරයේ සීනී මට්ටම අඩු කිරීමට වැදගත් වේ. අධික පොටෑසියම් සහිත නිසා වකුගඩු වල නිරෝගීබාවයටටද
වැදගත් වේ.
7.ආතරයිටීස්  රෝගය යටපත් කිරීම
මෙම පලතුරැ ආහාරයට ගැනීමෙන් ආතරයිටීස් රෝගය මැඩපැවත්වීට උපකාරී වේ.

8.විටමින් සී බහුල වීම
ශරීරයේ ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරවයි.යකඩ අවශෝණය වැඩි කරයි.සම නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.

ඩ්රැගන් පෘට් ඖෂධීය වටිනාකමකින් යුක්ත පලතුරක් නිසා වගා කිරීම සදහා ව්‍යපෘති ඇති කිරීම වැදගත්ය.
සම මත අලේපනය කරන විවිධ ක්‍රීම් වර්ග ,ෂැම්පූ වුර්ග වලට යෙදීමෙන් මහත් වටිනාකමක් සමට ලැබෙන නිසා මේවා යෙදා ගෙන විවිධ නව නිෂ්පාන ඇති කිරිමට යොමු වීම කාලෝචිත වේ.

උපුටා ගැනීම- Medical daily

0 comments:

Post a Comment