February 7, 2017

නවීන (smart) නගර සදහා දියුණු අන්තර්ජාලයක්

අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය  ඉහළ දැමීමට සුදුසු කාලය පැමිණ තිබෙන බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඒ සදහා ඔව්හු ජාතික මට්ටමේ නව වර්ගයේ අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබද සොයා බැලීමේ උත්සහයක යෙදී සිටිති. Internet Playground / අන්තර්ජාල ක්‍රීඩාපිටිය” නම් මෙම ව්‍යාපෘතිය බොහෝ විශ්ව විද්‍යාල සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වේ.

සැතපුම් සිය ගණනක ඇතක සිට ක්‍රියාත්මක කරන රොබෝ ශල්‍යකර්මයක සිට විවිධ මහද්වීප කිහිපයක ගායකයින් තම භුමියේ සිට එකිනෙකා සම්බන්ධ වී එකවර ඉදිරිපත් කරන ප්‍රසංගයක් හෝ සමුහ ගායනයක් වැනි විවිධ නව ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම දක්වා දියුණු වූ අන්තර්ජාලයක් නිර්මාණය කිරීමට හැකිවෙතැයි ඔව්හු විශ්වාෂ කරති.

ආරම්භයේදී අන්තර්ජාලය නිර්මාණය වුයේ email වැනි සන්නිවේදන කටයුතු සදහා වුවත් දැන් වීදියේද ඇති 4K වීඩියෝ පවා අපට අන්තර්ජාලයෙන් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා සුදුසු අන්තර්ජාලයක් නිර්මාණය කලයුතු බවත් එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ  Dimitra Simeonidon පවසයි. එනම් වඩා වේගවත් වඩා ආරක්ෂාකාරී නව පහසුකම් සහිත  දියුණු අන්තර්ජාලයක් නවීන (smart) නගර සදහා අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස රොබෝ විසින් ක්‍රියාත්මක කරන ශල්‍යකර්මයක් මෙහෙයවීම සදහා ශල්‍ය වෛද්‍යවරයෙක් නිතිපතා සැතපුම් සිය ගණනක් දුම්රියෙන් ගමන් කරන බවත් එය ඔහුට තම නිවසේ සිටම ක්‍රියාත්මක කළ හැකි බවත් ලන්ඩනයේ Kings විද්‍යාලයේ Toktam Mahmoodi පවසයි.එහෙත් buffering වැනි හේතුන් නිසා එය මරණිය අනතුරුදායක තත්වයක් බැවින් වත්මන් අන්තර්ජාලය ඒ සදහා ප්‍රමාණවත් පහසුකම් ලබා නොදේ සුදුසු නොවේ.

එහෙත් Internet “Playground”අත්හදා බැලීම් දැනට භාවිතා වන අන්තර්ජාලය තුළ සිදු කළ නොහැක. එය සංකීර්ණය එමගින් මිලියන ගණන් මිනිසුන් භාවිතා කරන ක්‍රමයන්ට හානි සිදු විය හැකිය. එනිසා මෙම අත්හදාබැලිම්වලට දැනට සහභාගී වන බ්‍රිස්ටල්, එඩින්බර්ග්,  ලන්ක්ස්ටර් වැනි විශ්ව විද්‍යාල සහ ලන්ඩනයේ Kings විද්‍යාලය විසින් ඉතා වේගවත් විශේෂිත server භාවිතා කරයි. එමගින් නවීන (smart) නගර සිට 5 G ජංගම අන්තර්ජාල දක්වා වූ සියලු දේ සම්බන්ධ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment