February 8, 2017

ලෝදිය පිට කරන “අපායට පිවිසුම”

ඉතියෝපියාවේ පිහිටි අඛණ්ඩව ගිනිගන්නා ලෝ දිය විලක් නිසා අපායට පිවිසුම යයි නම් පටබැඳි පිටාර ගලන ගිනි කන්දක වර්ණවත් ඡායාරූප නාසා ආයතනයේ චන්ද්‍රිකා මඟින් ලබාගෙන ප්‍රසිද්ධ කර තිබේ. මෙම වසරේ ජනවාරි 26 දින මෙම ඡායාරූපය ගන්නා ලද්දේ, නාසා හා ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ චන්ද්‍රිකාවක් වූ Land Sat 8 විසිනි. නාසා ආයතනය පවසන පරිදි මෙම ඡයාරූපය භූ චලන භූ තැටි තුනක් එකිනෙකින් ඈත්වන ස්ථානයක ‍ ඡයාරූපයක් වේ. එය පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ Danakil Depression නම් ස්ථානයේය. වෙන්වන භූ චලන තැටි දාරයේ දශක ගණනක සිට පවතින ලෝදිය කල්දේරම සහිත Erta Ale ගිනිකන්ද ලොව වඩාත්ම සක්‍රීය ගිනිකන්ද වේ.

මෑතකදී Erta Ale ගිනිකන්දේ ඇති නව පැල්මක්  හඳුනාගන්නා ලදි. එමගින් ගිනි කන්ද මුදුනේ සිට කි.මී. 7 (සැතපුම් 4) ක පළලින් යුක්තව විශාල ප්‍රමාණයක ලෝදිය පිටාර ගැලීමක් සිදුකරයි.මෙම පිටාර ගැලීමක ලාවා ප්‍රමාණයේ වෙනස්වීම නිසා ඇතිවූවක් ලෙස සැලකේ. දුම් දමන කන්ද දිගේ පිටාර ගලන ලෝදිය ඡායාරූපයෙන් දැක්වේ.

Land Sat 8 චන්ද්‍රිකාවේ Operational Land Imager (OLI) මඟින් ඡායාරූපය ලබා ගෙන ඇත. එය ස්වාභාවික වර්ණ (OLI band 4-3-2) සහ අධෝරක්ත කෙටි තරංග (OLI band 7) වලින් සමන්විතය. අධෝරක්ත කෙටි තරංග සාමාන්‍ය ඇසට දෘශ්‍යමාන නොවන නමුත් ප්‍රබල SWIR සංා ඉහළ ගිය උෂ්ණත්වය පෙන්වා දෙයි. සුවිශේෂී මට්ටම් දෙකක ලාවා ගලනය අධෝරක්ත කිරණවල විශේෂ ලක්ෂණ වලින් දෘශ්‍ය වේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://www.youtube.com/watch?v=ErmccO0q2GM

0 comments:

Post a Comment